“ඔයා මේ රැස්වීමට යනවා කියලා මට බේරෙන්න බෑ. හැමෝම මට කතා කරලා ඒ ගැන අහනවා” ප්‍රසන්නට විරුද්ධව විනය පියවර ගන්නේදැයි දුරකථන ඇමතුම් ලැබිම් ගැන අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ ප්‍රසන්න පක්ෂ මූලස්ථානයට ගොස් තිබූ වේලාවකදීය.
“මම විතරක් නමෛයි පළාත් සභාවේ හතළිහක් විතර රැස්වීම බලන්න යනවා” ප්‍රසන්න සඳහන් කළේය.
“ආ... අලුත් අගමැති අපේක්ෂකයෙක් ගේන්න නේද ඔය රැස්වීම තියන්න හදන්නේ”නිමල් සිරිපාල ද සිල්වා එතැනට පැමිණෙමින් ඇසුවේය.
“අලුත් අගමැති අපේක්ෂකයෝ මොකටද? ඔයානේ අපේ අගමැති අපේක්ෂක” අනුර ප්‍රියදර්ශන යාපා නිමල් සිරිපාලට පැවසුවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
නුගේගොඩ රැස්වීම ආරම්භවී ටික වේලාවක් යන විට ප්‍රසන්න රණතුංග පළාත් සභාවේ මන්ත්‍රීවරු සමග පැමිණ වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කළේය. කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, සී.බි.රත්නායක, දිලුම් අමුණුගම, මනූෂ නානායක්කාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වේදිකාවට එක්වූහ. මේ අතර තවත් මන්ත්‍රීවරු විසි හතර දෙනෙක් පැමිණ වේදිකාවට ගොඩ නොවී රැස්වීම බලා සිටියහ.
මහින්ද මෙම රැලියට සුබපැතුම් පණිවුඩයක් ද එක් කර තිබුණේය. එය කියවූයේ ආචාර්ය දයාන් ජයතිලකය. දයාන්, මහින්දගේ සුභපැතුම් පණිවුඩය කියවන විට විමල්ගේ හිතවතෙක් ජංගම දුරකථනයක් රැගෙන පැමිණියේය.එය විමල්ගේ අතට දුන්නේ මහින්ද එහා කෙළවරේ සිටින බව කියමිනි.
“විමල්, මම රැස්වීම බලාගෙන ඉන්නේ. ඉන්ටර්නෙට් එකේ අපි ලයිව් බලනවා. වැඩේ අතිසාර්ථකයි නේද?” මහින්ද විමල්ගෙන් ඇසුවේය.
“ඔව් සර්. රැලිය අති සාර්ථකයි“විමල් කීවේය.
“සද්දෙ නිසා මට ඇහෙනවා අඩුයි. මම පස්සේ කතා කරන්නම්” දුරකථනය විසන්ධි කරමින් මහින්ද කීවේය.
පසුදා උදෑසනම මහින්ද විමල්ගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය.
“ඊයේ වැඩේ නම් හොඳයි. හැමෝම උනන්දුවෙන් ඉන්න බව පේනවා” මහින්ද කීවේය.
“ඒක ඇත්ත සර්” විමල්ද පිළිතුරු දුන්නේය.
මේගොල්ලෝ දැන් වෙනදාට වඩා වැඩියෙන් මට මඩ ගහවි. ඔයාටයි මටයි ප්‍රශ්න දාන්න බලාවි” මහින්ද කීය.

No comments:
Post a Comment