නෙවිල්ට බැරිවූ බන්ධනාගාරයට හැකිවූ
"ශෂීගේ සුවයක අරුමය"
දින ගණනාවක් තිස්සේ අවසන් හුස්ම පොද හෙල්ලන්න ඔන්න මෙන්න මෙන් කිසිඳු පිලිසරණක් නොමැතිව දරු දෙදෙනෙකුත් තුරුලු කරගනිමින් ඇදේ වැතිර සිටි රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශගේ බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මිය එක්තරා පුද්ගලික රෝහලක නැවතී එම රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ටවත් සුවකළ නොහැකි වූ අරුම පුදුම අසනීපය පැය 24 ක් යෑමට පෙර බන්ධනාගාර වෛද්‍යවරුන්ට සුව කළ හැකිව තිබේ. මීට පෙර මෙම රෝහලට ඩෙංගු වැලදී ඇතුළුකල රෝගියෙකුද මරණට පත් වූයේ මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බවට මාධ්‍ය ගණනාවකින් වාර්තා වූ අතර ඊට චෝදනා රාශියක් එල්ල විය. එනිසා පූරුවේ වාසනාවකට මෙන් ශෂීට ඉන් මිදී ජීවිතය ජීවත්කරන්නට ලැබුනේ උදාවූ යහපාලනය නිසාවෙන් බන්ධනාගාර රෝහලට මාරුවීමට ලද අනගි භවනීය අවස්ථාවෙනි.
වල පයයි, ගොඩ පයයි තබාගත්තාක් මෙන් ඊයේ ගිලන් රථයකින් පුද්ගලික රෝහලෙන් නික්ම බන්ධනාගාර රෝහල වෙත ගිය ඇය අද පූර්ණ සුවය ලබා අංග රාග නිරූපණයෙන් සැරසී අධිකරණය වෙත පැමිණි අතර යළි මාර්තු 04 වන දා දක්වා ඇයට කඩිනම් සුවය ලබාදුන් බන්ධනාගාර රෝහල වෙත පියමැන්නේ ඉමහත් සැහැල්ලුවකින් සහ සතුටකින් යුතුව බව මෙම ජායාරූප ලෙස බැලීමේදී ඔබට වැටහී යනු ඇත.
ශෂීගේ සැමියෙකු වූ විමල් වීරවංශට ඔහුගේම බුද්ධි පන්තියේ වෙසෙන මෙරට ජන කොට්ඨාශයක් ගොනාට ඇන්දවීමට හැකියාවක් තවම තිබුණද ඉදිරි දින කීපයේදී ඔහුගේ නිරුවතද මීට වඩා හොඳින් මෙරට පමණක් නොව පිටරට අයටද කරුණු හා සාක්ෂි සහිතව බලාගැනීමට හැකිවනු ඇත.
මෙරට කළු සල්ලි සුදුකරන ජාවාරම්කරුවෙකුට අයත් රූපවාහිනි නාලිකාවක් සහ ඊට සමාන්තර වෙබ් අඩවියක් හරහා අතිදැවැන්ත ප්‍රචාරයක් විමල්-ශෂී නාටකය සඳහා ලබාදෙන අතර ඒ සඳහා එම මාධ්‍ය ආයතනයේ හිමිකරු වැනිම රාජපක්ෂ පාලනය යටතේ විවිධාකාර ජාවාරම් සිදුකල ජාවාරම්කරුවන්ගෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ සඳහා ඔහුට පොම්ප වන බවට වාර්තාවේ.
මේ වන විට විමල් සහ ගම්මන්පිල වැන්නවුන් තාම කෝ මෙගා ඩීල් දූෂණ නැහැනේ ආවේ නැහැනේ කියමින් ස්වයං වින්දනයක නිරත වන අතර ඔවුන් දන්නා උපදේශයෙන් අප කීමට ඇත්තේ ලෝවැඩ සඟරාවේ අතිපූජ්‍ය වීදාගම මෛත්‍රී හිමියන් පැවසූ පරිදි "ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ" යෙදෙන බවයි.
-මළ නැති විමලසේන-

No comments:
Post a Comment