රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ හඳුන්වා දුන් සුදු වෑන් සංස්කෘතිය සහ එහි එම භීෂණ ක්‍රියාවලිය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව හෙළි කිරීමට සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඊයේ (26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළි කළේය.
ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් සිටියදී හදිසියේ රත්නපුර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් මාරු කර යැවීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට රහසේම පළා ගියේය. වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු ඊයේ නැවත දිවයිනට පැමිණි විගස පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව හෙළි කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වටා සිටි කල්ලියකින් එල්ල වූ මරණීය තර්ජන නිසා විදේශගත වූ බවය.
No comments:
Post a Comment