Friday, 27 February 2015

ගෝඨාභය හඳුන්වා දුන් සුදුවෑන් ගැන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරන්න සැරසෙයි

ලෝක වෙළෙඳපොළේ නැඟලා නැහැ; හැබයි මෙහේ දරුණුවටම නැග්ගා – දයාසිරි ජයසේකරආණ්ඩුව ගෙදර යවන්න ‘ෆෙඩ්රික් නව්මාන්’ පදනමේ සහාය එජාපය ලබා ගත්තාඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන රජය නිහඬ ඇයි..? නියපොත්තෙන් කැඩිය හැකිදේ යළි…මහින්දට මහින්දගෙන් අධි ආරක්ෂාවක්..?කොළඹ පැල්පත්වල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් – ගෝඨාභය රාජපක්‍ෂ



රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ හඳුන්වා දුන් සුදු වෑන් සංස්කෘතිය සහ එහි එම භීෂණ ක්‍රියාවලිය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව හෙළි කිරීමට සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඊයේ (26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළි කළේය.



ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් සිටියදී හදිසියේ රත්නපුර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් මාරු කර යැවීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට රහසේම පළා ගියේය. වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු ඊයේ නැවත දිවයිනට පැමිණි විගස පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව හෙළි කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වටා සිටි කල්ලියකින් එල්ල වූ මරණීය තර්ජන නිසා විදේශගත වූ බවය.

Thursday, 26 February 2015

මහින්දාගමනයේ පෙරනමිති


මහින්දාගමනයේ පෙරනමිති

හිටපු ජනපති මහින්ද කුරුවිට බන්ධනාගාරයට යයි


යහපාලනය යටතේ කඩනමින් නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකරගේ සුවදුක් විමසීම සඳහා රත්නපුර - කුරුවිට බන්ධනාගාරයට අද (26) ගිය අවස්ථාවේදීයි. එහිදී මාධ්‍යවේදීන් සහ රැස්ව සිටි ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියේ මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්නයි. එහිදී හිටපු ජනාධිපතිවරයා සිනහමුසු මුහුණින් ප‍්‍රකාශ කළේ ඉදිරි කාරණයක් සම්බන්ධයෙන් මේ මොහෙතේ ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

බයි රෝහලට අදම පැමිනෙන්න

ඔබට මාරාන්තික රෝගයක් වැළදී ඇත්ද ?ඉක්මනින් සුව
කරගැනීමට අවශ්‍යද ?

අදම පැමිනෙන්න බන්ධනාගාර රෝහලට

බයියො vs ටොයියො

ඔබත් එන්න....
ඒ වෙන කිසිවක් නිසා නොව....
උපන් මාතෲ භූමියේ ජාතික වගකීම සඳහාය....


අමාත්‍ය රාජිතත් දැඩි කළකිරීමක..!




ඉකුත් ආණ්‌ඩුව සමයේ වැරදි කරපු මහා තෝරු මෝරු පැත්තක තබා කුඩා සිද්ධි පමණක්‌ අල්ලාගෙන දිගට ඇදගෙන යන්නේ ලොකු වැරැදිකරුවන් ආරක්‍ෂා කිරීමට දැයි තමාටද සැක මතුවී ඇතැයි කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ(26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. එසේම වත්මන් ආණ්ඩුවේ සිටින හොරකමට හිතැති , හොරුන් සමඟ ඩීල් දමන ඇතැම් කුප්‍රකට ඩීල්කාර අමාත්‍යවරුන් ගැනද රාජිත සේනාරත්න මහතා කරුණු සඳහන් කළේය. එහිදී විජේදාස රාජපක්ෂ අවි ජාවාරම්කාර නිශ්ශංක සේනාරත්න නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයෙන් ලබාදී, රට පැන්නවීමට ආදාළ අනුබලදීම සඳහා වූ තුච්ච ඩීල් මෙහෙයුම ඉදිරියේදී හෙලිදරව් කරන බවත්, එවැන්නවුන් රටටත්, ජනතාවටත්, රජයටත් මහත් හිරිකිතයක් බවද සඳහන් කළේය. ජනතාව අන්දවන වංචනික ලීලාවෙන් ජනතාව ඉදිරියේ පෙනීසිටමින් බණ දෙසන මොවුන්ගේ සැබෑ නිරුවතද අනිවාර්යෙන්ම හෙළිකරන බවද පැවසීය.



මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.


වර්තමාන ආණ්ඩුවේ ‘ඩීල්’කාරයකු සිටින බව තමන් පිළිගන්නා නමුත් මරණ වරෙන්තුව අතේ තබාගෙන එළියට පැමිණ ගොඩනැඟූ මේ ආණ්ඩුව විනාශ කිරීමට එවැනි ඩීල්කාරයන්ට ඉඩ නොදෙන බවත්, ‘ඇවන්ගාඩ්’ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට පත් කරන ලද ජනාධිපති නීතිඥවරයා එක් පැත්තකින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් අනෙක් පැත්තෙන් ඇවන්ගාඩ් අයිතිකරුගේ නීතිඥයා හැටියට පෙනී සිට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කර ගැනීමට කටයුතු කළ බව එවැනි ඩීල්වල උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය. හිටපු නීතිපතිවරයෙක් වන එම ජනාධිපති නීතිඥයා ඇවන්ගාඩ් අයිතිකරුගේ ඇප ඉල්ලීමට විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නට ඇතැයි තමන් සිතන බවද පැවසීය.

ශෂී වීරවංශ හෝ සුදර්මන් රදලියගොඩගේ ප්‍රශ්න අනෙකුත් මහ සිද්ධීන් සමග බැලීමේදී ප්‍රශ්න නොවන බවද මේවා කරන්නේ කවුරුන්ද යන්න හොඳින් අවබෝධ කරගෙන සිටින බවද, කාන්තාවක්‌ අත්අඩංගුවට ගැනීමෙන් කාතුළත් අනුකම්පාවක්‌ උපදින බවද මෙවැනි දේ සිදුකර රජය අපකීර්තියට පත් කිරීමට සමහරු උත්සාහ දරන බව පෙනී යන බවද කී සේනාරත්න මහතා තෝරු මෝරු වැනි මහාපරිමාණ අපරාධකරුවන් බේරන්නේ ඉදිරියේදී තමන්ටද මෙවැනි දූෂණ කිරීමේ උවමනාවෙන් විය හැකි බවද කියා සිටියේය.

තව සති කිහිපයක්‌ පමණක්‌ මේ දෙස බලා සිටින බවත් නිවැරදි දේ සිදු නොවුණහොත් වැරදිකරුවන් ආරක්‍ෂා කරන අයගේ නම් හෙළිදරව් කරන බවද කීය. මේ ආණ්‌ඩුව තුළ වැරදිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඩීල්කරුවන් සිටින බව තමා පිළිගන්නා බවද වරප්‍රසාද හා වෙනත් ගනුදෙනු මත මේ දේවල් කරනු ඇති බව විශ්වාස කරන බවද කී ඇමැතිවරයා තමාත් චම්පික ඇමැතිවරයාත් ඇමැති මණ්‌ඩලයේත් ආණ්‌ඩුව තුළත් දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කරන බව කීය.

බයියො vs ටොයියො දවසෙ චායාරුප

















Wednesday, 25 February 2015

රජ හොර බයිය


විමල් බයිය


විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ටිකට් එක ඉල්ලගෙන තරඟ කරන එක යයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ ඊයේ (24) රාත්‍රී විකාශය වූ ‘රට සහ හෙට‘ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.
සුසින් ප්‍රේමජයන්ත සන්ධානයේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා ඇති බවත් සඳහන් කළ විපක්ෂ නායක සිල්වා මහතා නුගේගොඩ පැවැති රැස්වීම පිළිබඳව සඳහන් කරමින් අපේ පක්ෂය වැඩ කටයුතු කරන ආකාරය ගැන කියා දීමට වෙනත් පක්ෂවලට තිබෙන අයිතිය කුමක්දැයි විමසා සිටියේය.
නුගේගොඩ රැස්වීමට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ආරාධනාවක් නොලැබුණු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී වීම වරදක් බවට ජනාධිපතිතුමා සිය මතය ප්‍රකාශ කළ බවත් කීය.
මෙවැනි ක්‍රියා මගින් ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම හා තමන්ගේ මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තම සොයුරාටවත් අගමැති පදවිය නොදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පදවිය ලබා දී දෙවන පෙළ නායකත්වයක් හදා පළමු පෙළට ගෙන ආ බවත්, තමන්ටත් අගමැති වීමට අවශ්‍ය සුදුසුකම් සහ කැපවීම දැනටත් තිබෙන බවත් සිරිපාල මහතා පැවසීය.

අන්දරේ බයිය


විමලසේන බයිය


ශෂී බයිය

නෙවිල්ට බැරිවූ බන්ධනාගාරයට හැකිවූ
"ශෂීගේ සුවයක අරුමය"
දින ගණනාවක් තිස්සේ අවසන් හුස්ම පොද හෙල්ලන්න ඔන්න මෙන්න මෙන් කිසිඳු පිලිසරණක් නොමැතිව දරු දෙදෙනෙකුත් තුරුලු කරගනිමින් ඇදේ වැතිර සිටි රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශගේ බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මිය එක්තරා පුද්ගලික රෝහලක නැවතී එම රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ටවත් සුවකළ නොහැකි වූ අරුම පුදුම අසනීපය පැය 24 ක් යෑමට පෙර බන්ධනාගාර වෛද්‍යවරුන්ට සුව කළ හැකිව තිබේ. මීට පෙර මෙම රෝහලට ඩෙංගු වැලදී ඇතුළුකල රෝගියෙකුද මරණට පත් වූයේ මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බවට මාධ්‍ය ගණනාවකින් වාර්තා වූ අතර ඊට චෝදනා රාශියක් එල්ල විය. එනිසා පූරුවේ වාසනාවකට මෙන් ශෂීට ඉන් මිදී ජීවිතය ජීවත්කරන්නට ලැබුනේ උදාවූ යහපාලනය නිසාවෙන් බන්ධනාගාර රෝහලට මාරුවීමට ලද අනගි භවනීය අවස්ථාවෙනි.
වල පයයි, ගොඩ පයයි තබාගත්තාක් මෙන් ඊයේ ගිලන් රථයකින් පුද්ගලික රෝහලෙන් නික්ම බන්ධනාගාර රෝහල වෙත ගිය ඇය අද පූර්ණ සුවය ලබා අංග රාග නිරූපණයෙන් සැරසී අධිකරණය වෙත පැමිණි අතර යළි මාර්තු 04 වන දා දක්වා ඇයට කඩිනම් සුවය ලබාදුන් බන්ධනාගාර රෝහල වෙත පියමැන්නේ ඉමහත් සැහැල්ලුවකින් සහ සතුටකින් යුතුව බව මෙම ජායාරූප ලෙස බැලීමේදී ඔබට වැටහී යනු ඇත.
ශෂීගේ සැමියෙකු වූ විමල් වීරවංශට ඔහුගේම බුද්ධි පන්තියේ වෙසෙන මෙරට ජන කොට්ඨාශයක් ගොනාට ඇන්දවීමට හැකියාවක් තවම තිබුණද ඉදිරි දින කීපයේදී ඔහුගේ නිරුවතද මීට වඩා හොඳින් මෙරට පමණක් නොව පිටරට අයටද කරුණු හා සාක්ෂි සහිතව බලාගැනීමට හැකිවනු ඇත.
මෙරට කළු සල්ලි සුදුකරන ජාවාරම්කරුවෙකුට අයත් රූපවාහිනි නාලිකාවක් සහ ඊට සමාන්තර වෙබ් අඩවියක් හරහා අතිදැවැන්ත ප්‍රචාරයක් විමල්-ශෂී නාටකය සඳහා ලබාදෙන අතර ඒ සඳහා එම මාධ්‍ය ආයතනයේ හිමිකරු වැනිම රාජපක්ෂ පාලනය යටතේ විවිධාකාර ජාවාරම් සිදුකල ජාවාරම්කරුවන්ගෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ සඳහා ඔහුට පොම්ප වන බවට වාර්තාවේ.
මේ වන විට විමල් සහ ගම්මන්පිල වැන්නවුන් තාම කෝ මෙගා ඩීල් දූෂණ නැහැනේ ආවේ නැහැනේ කියමින් ස්වයං වින්දනයක නිරත වන අතර ඔවුන් දන්නා උපදේශයෙන් අප කීමට ඇත්තේ ලෝවැඩ සඟරාවේ අතිපූජ්‍ය වීදාගම මෛත්‍රී හිමියන් පැවසූ පරිදි "ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ" යෙදෙන බවයි.
-මළ නැති විමලසේන-

London ටොයියො


ටොයියො


මුන්ට (ආණ්ඩුවට ) ප්‍රතිපත්තියක් නැති ලු...
මුන් කොන්ද පණනැති ආණ්ඩුවක් ලු...
මේක පික්පොකට් ආණ්ඩුවක් ලු... කොන්ද පණනැති ගැට කපන්නන්ගේ ආණ්ඩුවක් ලු...
රනිල්ව අගමැති කරන්න මොකෙක්වත් ඡන්දෙ දුන්නෙ නැති ලු...
මුන් (ආණ්ඩුව ) මංකොල්ලයක් කරනව ලු...
මෙහෙම කියන්නෙ මහාචාර්ය නලින්ද සිල්වා.
එදා මහ රජාගෙ කාලයේ සිද්ධවුන කප්පරක් හොර-වංචා-කොමිස්-පගා ගැනිලි වලට පිට කොන්ද කෙලින් තියාගෙන වචනයක් කියා ගන්න බැරිවුන, සිංහල බෞද්ධ ජාති හිතෛශීත්වය ඉහවහා ගියාට උත්තම දළදා වහන්සේ ඉස්සරහා නාභර ගැටිස්සියන් ගෙ විළිසංගයක් නැති නැටුම් හා කාර් රේස් පැදිලි වලට එරෙහිව එක වචනයක් කියාගන්න බැරිවුන, නාමල් රාජපක්ෂ වගේ කිරිකජු දේශපාලන ඇට්ටර කොලු ගැටයන්ටත් දෙකට නැමිලා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ, ගෞරවණීය සෝභිත හාමුදුරුවන්ට පිස්සුයි යැයි වහසි බස් දෙඩවූ... කොටින්ම තමන්ගෙ ප්‍රවීණ, පරිණත, වියත් බුද්ධිමත් බවටත්, වෙහෙසකරව ගොඩනඟා ගත් කීරිතිනාමයටත්, ගෞරවණීය මහාචාර්ය පදවියටත් නිගා දෙන මෙවන් පජාත ගොමස්කඩ වාචාල වියතුන් සියක් අතරේ අසාධාරණයට එරෙහිව, ශිෂ්ඨත්වය පරයා වැපිරී තිබූ අශිෂ්ඨත්වයට එරෙහිව, අශීලාචාර පාලනතන්ත්‍රයකට එරෙහිව සිය දිවි නොතකා ඉදිරියට පැමිණි මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය ඔලිවර් අබේනායක, ආචාර්ය නිර්මාල් රංජිත්, මහීම් මෙන්ඩිස් හා ගාමිනී වියන්ගොඩ වැනි මාහාචාර්ය-ආචාර්යවරු, බුද්ධිමතුන් සැබවින්ම වචනයේ පරිසමාප්ත අයුරින්ම උගත් වියත් ශිෂ්ඨසම්පන්න බුද්ධිමතුන් නොවන්නේද?...

බයිසන් නොතාරිස්.....


රටින් ගිය බැසිල්ට නිවාඩු


ජනපතිවරණය පරාජයවීමත් සමග බැසිල් රාපක්ෂ විදෙස් ගත වූයේ පැදුරටත් නොකියාය. ඔහු යළි ලංකාවට නොයන බවද කතා පැතිරුණි. ඔහු එකදිගටම මැති සබයට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. මේ අතර බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට සහභාගි නොවීම සඳහා මාස තුනක නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසා පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ කතාබහක් ඇති විය. එම යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂ නායක නිමල් සිරිපාලය. “කථානායකතුමනි, අපි දැනගන්න කැමතියි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ අසනීප තත්ත්වයක් නිසාද, කිසියම් අධ්‍යාපන කටයුත්තක් නිසාද කියලා. මොකද ඇමැතිවරුන්ට මේ විදියට එන්නේ නෑ කියලා ලියුම් කෑලි එවන්න බැහැ. පාර්ලිමේන්තුව, කථානායකතුමා හේතු දැනගන්න ඕනෑ. නිවාඩු දෙන්න කලින් හේතුව මොකක්ද කියලා දැනගන්න ඕනෑ.” අනුර දිසානායක කීවේය. “ඔව් ඒක ඇත්ත. ඒක හොඳ යෝජනාවක්.” බැසිල් තමාගේ මල්ලි වුවත් ඒ ගැන මධ්‍යස්ථව තීරණයක් ගනිමින් කථානායක චමල් රාජපක්ෂ කීවේය. “සාමාන්‍යයෙන් නිවාඩු ගන්න මේ වගේ යෝජනාවක් කරනවා. ඒකට හේතු කියන්නේ නැහැ.” නිමල් සිරිපාල කීවේය. එවිට මන්ත්‍රීවරුන්ගෙන් එයට විරෝධයක් එල්ල විය. “බැසිල් මන්ත්‍රීතුමා මගෙන් ඉල්ලීමක් කළා. මම යෝජනාවක් කළා. මන්ත්‍රීවරු කැමති වෙනවද අකමැති වෙනවද තීරණය ගන්න.” නිමල් සිරිපාල කීවේය.

මහින්දගෙන් විමල්ට ඇමතුමක්


මේ සතියේ දේශපාලන කරළියේ වැඩි අවධානයක් යොමුවූයේ මහින්ද මීළඟ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට බල කරමින් නුගේගොඩදී පැවැති රැස්වීමටය. තමන් එම රැස්වීමට සහභගී වන බව මුලින්ම කීවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගය. තමාගේ හෘදය සාක්ෂිය අනුව මෙම රැස්වීමට යන බව ඔහු කීවේ නිවේදනයක්ද නිකුත් කරමිනි.
“ඔයා මේ රැස්වීමට යනවා කියලා මට බේරෙන්න බෑ. හැමෝම මට කතා කරලා ඒ ගැන අහනවා” ප්‍රසන්නට විරුද්ධව විනය පියවර ගන්නේදැයි දුරකථන ඇමතුම් ලැබිම් ගැන අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ ප්‍රසන්න පක්ෂ මූලස්ථානයට ගොස් තිබූ වේලාවකදීය.
“මම විතරක් නමෛයි පළාත් සභාවේ හතළිහක් විතර රැස්වීම බලන්න යනවා” ප්‍රසන්න සඳහන් කළේය.
“ආ... අලුත් අගමැති අපේක්ෂකයෙක් ගේන්න නේද ඔය රැස්වීම තියන්න හදන්නේ”නිමල් සිරිපාල ද සිල්වා එතැනට පැමිණෙමින් ඇසුවේය.
“අලුත් අගමැති අපේක්ෂකයෝ මොකටද? ඔයානේ අපේ අගමැති අපේක්ෂක” අනුර ප්‍රියදර්ශන යාපා නිමල් සිරිපාලට පැවසුවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
නුගේගොඩ රැස්වීම ආරම්භවී ටික වේලාවක් යන විට ප්‍රසන්න රණතුංග පළාත් සභාවේ මන්ත්‍රීවරු සමග පැමිණ වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කළේය. කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, සී.බි.රත්නායක, දිලුම් අමුණුගම, මනූෂ නානායක්කාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වේදිකාවට එක්වූහ. මේ අතර තවත් මන්ත්‍රීවරු විසි හතර දෙනෙක් පැමිණ වේදිකාවට ගොඩ නොවී රැස්වීම බලා සිටියහ.
මහින්ද මෙම රැලියට සුබපැතුම් පණිවුඩයක් ද එක් කර තිබුණේය. එය කියවූයේ ආචාර්ය දයාන් ජයතිලකය. දයාන්, මහින්දගේ සුභපැතුම් පණිවුඩය කියවන විට විමල්ගේ හිතවතෙක් ජංගම දුරකථනයක් රැගෙන පැමිණියේය.එය විමල්ගේ අතට දුන්නේ මහින්ද එහා කෙළවරේ සිටින බව කියමිනි.
“විමල්, මම රැස්වීම බලාගෙන ඉන්නේ. ඉන්ටර්නෙට් එකේ අපි ලයිව් බලනවා. වැඩේ අතිසාර්ථකයි නේද?” මහින්ද විමල්ගෙන් ඇසුවේය.
“ඔව් සර්. රැලිය අති සාර්ථකයි“විමල් කීවේය.
“සද්දෙ නිසා මට ඇහෙනවා අඩුයි. මම පස්සේ කතා කරන්නම්” දුරකථනය විසන්ධි කරමින් මහින්ද කීවේය.
පසුදා උදෑසනම මහින්ද විමල්ගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය.
“ඊයේ වැඩේ නම් හොඳයි. හැමෝම උනන්දුවෙන් ඉන්න බව පේනවා” මහින්ද කීවේය.
“ඒක ඇත්ත සර්” විමල්ද පිළිතුරු දුන්නේය.
මේගොල්ලෝ දැන් වෙනදාට වඩා වැඩියෙන් මට මඩ ගහවි. ඔයාටයි මටයි ප්‍රශ්න දාන්න බලාවි” මහින්ද කීය.

රනිල්ගෙන් ඉමිටියාස්ට පණිවුඩයක්


හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකර්ට තිලක් කරුණාරත්නගෙන් පසුගිය සතියේදී දුරකථන ඇමැතුමක් ලැබුණේය. පසුගිය ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයාගේ මැතිවරණ වේදිකාවට එක්වුවත් කිසිදු තනතුරක් ඉමිටියාස් ලබාගෙන තිබුණේ නැත. තානාපති ධුරයක් ලබාගැනීමට විවිධ පණිවුඩ එවා තිබුණත් ඉමිටියාස්ගෙන් ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලබාදී තිබුණේ ද නැත.
“මට කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කටයුතු පටන් ගන්න කියලා රනිල් කිව්වා. ඔයාගේ පුතා නුවරින් ඡන්දයට දාන්න ඕන කියලා කිව්වා” තිලක් කරුණාතරත්න ඉමිටියාස්ට කීවේය.
“ඉතින් තිලක් මට එයා කතා කරලා මේ ගැන කතා කළේ නෑනේ”ඉමිටියාස් පැවසුවේය.
“මම ඉතිං ඔයාට බොරු කියන්නේ නෑනේ. මට රනිල් කිව්ව දේ තමයි මේ මම කියන්නේ”තිලක් කරුණාරත්න යළිත් පැවසුවේය.
රනිල්ගේ අදහස වී තිබෙන්නේ ඉමිටියාස්ගේ පුතෙක් නුවරින් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමටය. රවුෆ් හකීම්ද මීළඟ මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එච්.එම්.හලීම් මන්ත්‍රීවරයාද එජාපයෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටී. ඉමිටියාස්ගේ පුතාගේ දේශපාලන ආගමනයට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයින් පිරිසකගේ විරෝධයද මතුවෙයි.
“මේක ඉතිං අපේ පවු‍ලේ ලොකු තීරණයක් වෙනවා. ඒ නිසා හැම පැත්තම බලලා තමයි තීරණය ගන්න ඕන. කොහොම වුණත් මේ ගැන රනිල් මාත් එක්ක කතා කරන්න ඕනනේ. තවම ඒ ගැන මාත් එක්ක කතා කරලා නෑනේ”ඉමිටියාස් සිය හිතවතුන්ට පවසා තිබුණේය.

ඇමැති එන දවසට ලස්සනට එන අය


ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ගුවන්විදුලි සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනී සේවයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප විවෘත කළේ ගයන්තය. ස්වාධීන රූපවාහිනී සේවයට ගයන්ත යන විට එහි සේවක සේවිකාවෝ අලංකාර ඇඳුම්වලින් සැරසී පැමිණ සිටියහ. තමන්ගේ සේවක සේවිකාවන් දෙස බලා ස්වාධීන රූපවාහිනියේ සභාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක කීවේ අපූරු කතාවකි.
“අද ඇමැතිතුමා එනවා කියන ආරංචියට අපේ අය ලස්සනට ඇඳගෙන ඇවිත් ඉන්නවානේ” ගංගනාත් දිසානායක කීවේය.
“අපේ සභාපතිතුමා හැමදාම අලුත් විදියට, අමුතු විදියට අඳිනවා. එහෙම සභාපතිතුමෙක් මේ වගේ දෙයක් කිව්වම මම ‍පොඩ්ඩක් පුදුම වුණා. මොකද දේශපාලනඥයෝ අනික් අය අන්දනවා කියලා මම අහලා තිබුණට ඇමැතිලා එන දවසට මේ අය ලස්සනට ඇඳගෙන එනවා කියලා ඇහුවේ පළවෙනි වතාවටයි“ ගයන්ත කීවේ සියල්ලෝම ගස්වමිනි.
අමාත්‍ය කරු ජයසූරිය පසුගිය සතියේදී යාපනයේ සංචාරය කළේය. උතුරු පළාත් සංවර්ධන කමිටුල පවතින අඩුපාඩු සොයා බැලීම ඔහුගේ සංචාරයේ අරමුණ විය. සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වූයේ යාපනය පුස්තකාලයේ දීය. පුස්තකාල කොරිඩෝවේදී කරුට ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා හමුවිය
“අපේ පළාතේ තියෙන අඩු පාඩු සොයලා බලලා කරන මේ සේවයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන” ඩග්ලස් කීවේ කරුගේ අත් දෙකම අල්ලාගෙනය. මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද කරු අසලට වී සංවර්ධන කමිටු රැස්වීමේ වැඩවටලට සහාය දුන්නේ ඔහු උතුරු පළාත් සභාවේදී සම්මත කරගත් යෝජනාවට ආණ්ඩුවෙන් එල්ලවූ විරෝධය අමතක වී ඇති බවක් පෙන්වමිනි.

රනිල් ගාල්ලට


මෛත්‍රී ඉන්දියාවට පිටත්ව යන විට රනිල් ගාල්ලට පිටත්ව ගියේය. නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව අගමැතිවරයා පිළිගැනීමට සංවිධානය කර තිබූ පළමු රැස්වීම සංවිධානය කරනු ලැබුවේ ගාල්ලේදීය. ඒ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වජිර අබේවර්ධන විසිනි. සති අන්තයේදී ගාල්ල කොටුවේ නිවාඩු නිකේතනයකට රනිල් පැමිණියේ තමන්ගේ මිතුරන් පිරිසක් සමගය. ගාල්ල කොටුවේ රාත්‍රිය ගත කළ රනිල් සෙනසුරාදා උදෑසන ගාල්ල කොටුවේ සංචාරකයින් පැමිණෙන ස්ථාන නැරඹීමට ගියේය. විදෙස් සංචාරකයින් සමග කතා කළ රනිල් ඔවුන්ගෙන් ලංකාවේ තත්ත්වය ගැන අදහස් ලබාගත්තේය.
ගාල්ල කොටුවේ හා උණවටුන වෙරළ තීරයේ සිය මිතුරන් සමග ඇවිද යමින් සැහැල්ලුවෙන් රනිල් සෙනසුරාදා උදයවරුව ගත කළේය.
ඒ අවස්ථාවට දේශපාලනයට සම්බන්ධ කිසිවෙක්වත් එක් කර නොගැනීමට රනිල් වගබලාගෙන තිබුණි.

මෛත්‍රී මගී යානයෙන් ඉන්දියාවට


මෛත්‍රී ඉන්දියාවේ නිල සංචාරයට පිටත්ව ගියේ සාමාන්‍ය මගී ගුවන් යානයකිනි. ව්‍යාපාරික පන්තියේ ආසන කිහිපයක් වෙන්කරගත් ඔහු සමග ඉන්දීය සංචාරයට එක්වූයේ දොළොස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. මෛත්‍රීත් ඔහුගේ බිරිඳ වූ ජයන්ති පුෂ්පකුමාරිටත් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි නිල නිවස වූ රාෂ්ඨපති භවනයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මේ සඳහා ඉන්දීය ලෝක් සභාවේ මැති ඇමැතිවරු ඇතුළු සිය දෙනෙක් පමණ එක්ව සිටියහ.
මෙම භෝජන සංග්‍රහයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, විපක්ෂයේ සිටින ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි, හිටපු අගමැති මන් මෝහන් සිං ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
“අනගාරික ධර්මපාලතුමන්ගේ චින්තනය අපට ඉදිරියට ගෙනයන්න පුළුවන්. ඉන්දියාවත් ලංකාවත් ක්‍රිකට්වලට ආදරෙයි. සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන් වගේ ක්‍රීඩකයන් බිහිකරපු ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්න පුළුවන් වෙන්න කියලා මම සුබපතනවා” ප්‍රනාබ් මුඛර්ජි පැවසුවේය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ රාජ්‍ය පාලකයෙකු පත්වීම පිළිබඳ කදිම ආදර්ශයක් මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් බවද ප්‍රනාබ් මුඛර්ජි කීවේ තමන්ගේ කතාවේදීය.
“ජනතාව මට රට භාරදුන්නේ අලුත් දේශපාලන ක්‍රමයක් බිහිකරන්න. මම ඒ වෙනුවෙන් කැපවෙනවා” මෛත්‍රී තමන්ගේ කතාවේදී කීවේය.
රාත්‍රී භෝජන සංග්‍රහය අතරවාරයේදී ජනප්‍රිය සිංහල ගීත කිහිපයක් වාදනය කළේය. එම ගීත වාදනය වනු ඇසුණු මෛත්‍රීගේ මුහුණේ සියුම් සිනාවක් ඇඳී ගියේය.
ඉන්දීය සංචාරය අතරවාරයේදී බුද්ධගයාවට ගිය මෛත්‍රීට වන්දනාවේ පැමිණි ලාංකික බැතිමතුන් පිරිසක් හමුවිය.
“අපි අදනේ ඔබතුමා ඇස් දෙකෙන් දැක්කේ. ඔබතුමා තරම් සරල කෙනෙක් අපි දැක්කේ නෑනේ”එක් අයෙක් කියන විට මෛත්‍රී සිනා සෙමින් ඔහුගේ පිටට තට්ටුවක් දැමුවේය.

ඇමැති මස්සිනාලට රනිල් මැදිවෙයි

ලක්බිම හෙළිකළ ෆ්රන්ට්ලයින් තහනම ගැන ජනපති-අගමැතිගේ දැඩි අවධානය




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මුල්ම විදේශ සංචාරය ලෙස පිටත්ව ගියේ අසල්වැසියා වන ඉන්දියාවටය. පසුගිය සෙනසුරාදා ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වන විට සති අන්ත සිංහල පුවත්පත් වෙළෙඳ‍පොළට පැමිණ තිබුණේය. ගිය සතියේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය ලෙස ඉන්දියාවේ ප්‍රකාශයට පත් වන ෆ්රන්ට්ලයින් සඟරාව ලංකාවේ බෙදාහැරීම අත්හිටුවීමේ පුවත වාර්තා කර ඇති බව මෛත්‍රී දැනගත්තේ ඉන්දියාව බලා පිටත්ව යාමට ආසන්න වේලාවේදීය. මේ පුවත ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද සිය අවධානය යොමුකර තිබුණහ.
ෆ්රන්ට්ලයින් සඟරාව බෙදාහැරීම නතර කිරීම ගැන ජනපතිවරයා ඒ වන විටත් කිසිවක් දැන සිටියේ නැත. ඉන්දියාවට පිටත්ව යාමට සූදානම්ව සිටින අවස්ථාවේදී ඉන්දියානු සඟරාවක් බෙදා හැරීම තහනම් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලන ලෙස මෛත්‍රී වහාම නිලධාරීන්ට දැනුම් දුන්නේය.
“ලක්බිම පත්තරේ තියෙන ප්‍රවෘත්තියේ හැටියට ෆ්රන්ට්ලයින් සඟරාව බෙදාහැරීම නවත්තලා. මේ සඟරාව බෙදාහැරීම තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වුණේ නෑ. මේ ගැන ඉක්මනට සොයන්න” ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් කරු පරණවිතාන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සෙනසුරාදා දිනයේදී කාර්යාලයට එවමින් දැනුම් දුන්නේය.
මෛත්‍රී ඉන්දියාව බලා පිටත්ව යන විටත් ෆ්රන්ට්ලයින් සඟරාව තිබුණේ රේගුව භාරයේය. ඒ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සඟරාව බෙදාහැරීම නතර කර තිබුණ නිසාය. එය බෙදාහැරීම නතර කර තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන් සමග 1987දී පැවැති සම්මුඛ සාකච්ඡාවක් නැවත පළකර තිබිම නිසාය.
සඟරාව තහනම් කිරීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහගේද අවධානය යොමුව තිබුණේය. සඟරාව තහනම් කිරීම පිළිබඳ වහාම තමන්ට වාර්තාවක් දෙන්නැයි රනිල් සිය කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේය. ඒ අනුව රේගුවෙන් රනිල්ට වාර්තාවක් ලබාදී තිබුණි. ඒ අනුව සඟරාව මුදාහරින ලෙස රනිල් නියෝග කළේය.
“මේ වගේ සිද්ධීන් වෙන එක අපිට ඒ තරම් හොඳ නැහැ. මීට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවුණොත් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් අරගෙන වැඩ කටයුතු කරන්න” රනිල් උපදෙස් දුන්නේය.

වසර 12කට පසු නිදහස ලැබුණු බොරදිය ‍පොකුණ

වැඩිහිටියන්ට සීමා කළ රහස අධ්‍යක්ෂවරයා හෙළි කරයි


චිත්‍රපටවලට වාරණය පැනවීම් ලංකා සිනමාව තුළ අලුත් දෙයක් නොවේ. වාරණය කළයුතු ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දී වාරණය නොකළ යුතු ඇතැම් චිත්‍රපට වාරණය කරමින් තම තමන්ගේ මතිමතාන්තර අනුව වැඩ කිරීමට චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ද විවිධ අවස්ථාවලදී ක්‍රියාකළ බව නොරහසකි. වාරණය නම් දංගෙඩියට හසුවූ තවත් තරුණ සිනමාකරුවෙකුගේ නිර්මාණයකට පසුගියදා නිදහස හිමිවිය. එය සතුටට කරුණකි. ඔහු සත්‍යජිත් මාඉටිපේයි. ඔහුගේ චිත්‍රපටය ‘බොරදිය ‍පොකුණ’යි.

‘බොරදිය ‍පොකුණට’ නිදහස ලැබුණේ අවුරුදු 12කට පසුවයි. මේ තරම් කාලයක් චිත්‍රපටය වාරණය වීමට බලපෑ හේතුව මොකක්ද?

2004 දී චිත්‍රපටය වාරණය කරන්න ප්‍රධානම ගැටලුව වුණේ ලිංගික දර්ශන සහ බහින්බස්වීම්වලදී භාවිත කරන අසභ්‍ය වචන. ඒ හැම දෙයක්ම චිත්‍රපටයෙන් ඉවත් කරන්න කිව්වා. නමුත් අපි ඒකට කැමැති වුණේ නැහැ. ඒ නිසා 2004 ඉඳලා විවිධ ආණ්ඩුවල, විවිධ වාරණ මණ්ඩල යටතේ අපි අපේ අරගලය ගෙන ගියා. කොහොම වුණත් චිත්‍රපටය ගැන වාරණ මණ්ඩලවල සාකච්ඡා කරද්දී ලිංගික දර්ශන සහ වචනවලට අමතරව තවත් සංකීර්ණ දේවල් මේ කතාබහ අතරතුර සිදුවෙලා තිබුණා. එතනදී ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වගේ පක්ෂවල මත දරන නියෝජිතයන් වගේම සමහර දමිළ නියෝජිතයන් අපිට කතා කරලා රහසිගතව කිව්වා ඒ අය ‘බොරදිය ‍පොකුණ’ චිත්‍රපටය වාරණය කරනවාට එකඟ නැහැ වාරණ මණ්ඩලය තුළ යම් යම් ගැටලු තියෙනවා කියලා. ඒ නිසා මේක අතඅරින්න හොඳ නැහැ කියලා අපි තේරුම් ගත්තා. ඒකයි මේ සටන දිගටම ගෙන ගියේ.

එතකොට එකඟතාවකට පැමිණියේ කොහොමද?

2010 දී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස එක්වුණේ අශෝක සේරසිංහ මහත්මයා. රැඟුම් පාලක මණ්ඩලයේ හිටියේ ගාමිණි සුමනසේකර මහත්මයා. එදා අශෝක සේරසිංහ මහත්තයා කිව්වේ මේක විදේශ උළෙලවල්වලට ගෙනියන්න හදපු නිර්මාණයක් ‍නෙවෙයි. ලංකාවේ මහ ‍පොළොවෙන් හැදුණු නිර්මාණයක් නිසා වාරණය කරන්නේ නැහැ කියලා. මම ඇහුවා “සර්ට ඒක ප්‍රශ්නයක් නෙවේද කියලා” ඔහු කිව්වේ.
“ඔයා චිත්‍රපටකරුවෙක්. ඒ නිසා ඔයා චිත්‍රපට හදන්න.. ඉතුරු හරිය මම බලාගන්නම්” කියලයි.
ඒ ඇතිවුණු එකඟතාවත් එක්ක අපිට පිළිගත හැකි සංස්කරණ කිහිපයක් සිදුකළා. ඒ අනුව තමයි මේ නිදහස හිමිවුණේ.

‘බොරදිය ‍පොකුණ’ වැඩිහිටියන්ට පමණයි ‍ලේබලයේ චිත්‍රපටයක්ද?

ඔව්. එහෙම තමයි අපට අවසරය ලැබුණේ. නමුත් ඒකට බලපාපු එකම කාරණය චිත්‍රපටය ඇතුළේ තියෙන ලිංගික දර්ශන සහ කුණුහරුප විතරක් ‍නෙවෙයි. ඊට වඩා සංකීර්ණ යම් යම් දේශපාලනමය කාරණා සහ සමාජයටවත්, උගතුන්ටවත් හරියට කියවා ගන්න බැරිවෙලා සැඟවිලා තිබුණු කරුණු නිසයි මේ චිත්‍රපටයට වැඩිහිටියන්ට පමණයි ‍ලේබලය ඇලෙව්වේ. පසුකාලීනව දේශපාලනික වශයෙන් සහ මතවාදී තලයේ දේවල් තේරුම් ගත හැකි උගතුන් ඒ බව පෙන්වලා දීලා තියෙනවා.

ඒ කාරණය තවදුරටත් පැහැදිලි කළොත්?

1977න් පස්සේ විවෘත ආර්ථිකයත් සමග ගම්වල කොටුවෙලා හිටිය කාන්තා ශ්‍රමය මහා පරිමාණයෙන් නගරයට සේන්දු වෙනවා. බොහෝ දෙනෙක් නගරයෙන් නතර වෙන්නේ නැහැ. විදේශගත වෙනවා. මේ වෙනසත් එක්ක ලංකාවේ ග්‍රාමීය පවුල කියන සංකල්පය ප්‍රබල වෙනසකට ලක්වෙන්න පටන් ගන්නවා. මේ නිසා ස්ත්‍රිය හා පුරුෂයා තුළ තිබුණු ලිංගික සම්බන්ධය හා පවුල තුළ ස්ත්‍රිය හා පුරුෂයාගේ තිබුණු සම්බන්ධකම් දරුණු පිපිරීමකට ලක්වෙනවා.
ඒකත් එක්ක ඇතිවෙන සංකීර්ණ සමාජ, දේශපාලන සහ සංස්කෘතිය තුළින් වර්තමානයේ සිටින ගැහැනියට සහ මිනිසාට වෙන දෙයක් මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒක චිත්‍රපටයේ ප්‍රකාශ වෙන විදියට සමහරු බය වුණා. පැරණි සමාජ ආකෘතිය කැඩෙන එක ‘බොරදිය ‍පොකුණේ’ නිශ්චිතවම පෙන්නන්නේ නැති වුණාට ඒ දේ සිද්ධවෙන බව චිත්‍රපටය බලන කෙනාට තේරෙනවා. ඒ ඇතිවුණ කැලඹීම නිසා තමයි මෙයට ‘වැඩිහිටියන්ට පමණයි‘ ‍ලේබලය ඇලවුණේ. කොහොම වුණත් අපට ඒ කා‍ලේ සමාජ ක්‍රමයේ පැහැදිලි නොවුණු තැන චිත්‍රපටයේ පැහැදිලි කරලා දෙනවා.

ඒ කියන්නෙ චිත්‍රපටය තුළ ලිංගිකත්වය මාර්කට් කරලා තියෙනවා?

ඔව්. ඕනැම කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. හැබැයි අපිට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර ඊට හාත්පසින්ම වෙනස්. සිංහල බෞද්ධ ජනතාව චිත්‍රපටය නරඹලා තියෙනවා. ඒ අය ලිංගිකත්වය මත පැටලිලා නැහැ. ලිංගිකත්වය කියන්නේ කතාවට අනුබද්ධ කිසියම් කොටසක් පමණයි. සමාජය හා ජීවිතය ගැන ඊට වඩා ප්‍රබල ලෙස මෙහි විවරණය කරලා තිබෙනවා. චිත්‍රපටය නරඹපු අය ලිංගික දර්ශන කියලා සමහරු මහ ලොකුවට උලුප්පන දේවල් හෑල්ලුවට ලක්කරලා චිත්‍රපටයේ තියෙන ඇතුළාන්තය රසවින්දනය කරලා තියෙනවා. චිත්‍රපටය නරඹලා කතා කරන තරුණ පිරිස් “අයියෝ අයියේ මේකටද මෙයාලා බයවුණේ?” කියලා අහනවා. ඒ නිසා ‘බොරදිය ‍පොකුණ’ චිත්‍රපටයේ ලිංගිකත්වය මාර්කට් කරනවා කියන්න බැහැ. ඒක චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න ඕන දෙයක්.

වාරණය නිසා චිත්‍රපටයේ තේමාව යල්පැනලා කියලා හිතෙන්නේ නැද්ද?

අපේ ගෙදර විවාහ නොවිච්ච වයසට ගිය අවුරුදු 35ක 40ක අක්ක කෙනෙක් ඉන්නවා නම් අපි කියන්න නෑනේ අක්කේ ඔයා දැන් වයසයි කියලා. කවදා හරි ඇයට හොඳක් වෙනවටනේ අපි කැමති. මමත් ඒ වගේම මගේ චිත්‍රපටය අවුරුදු දොළහක් පරණයි කියලා මට දැනෙන්නේ නැහැ. බලන අය තවම එහෙම කියලත් නැහැ.

නමුත් ඔබේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකොට ඩිලානි අබේවර්ධනගේ දියණියත් සිනමාවට පිවිසිලා ඉවරයි.
පැහැදිලිවම ඔව්. දැන් ඩිලානිගේ දුව කවීෂාත් සිනමාවේ කතා නායිකාවක් වෙලා. ඩිලානි කියන්නේ ජනප්‍රිය ධාරාවේ නිළියක් වුණාට ඇය විශිෂ්ට ප්‍රතිභාවක් තිබුණු නිළියක්. අපේ රටේ අධ්‍යක්ෂවරුන්ගේ, සිනමාවේ අවාසනාවට සහ ඩිලානිගේ අවාසනාවට ඇයගේ රංගන ප්‍රතිභාව හරි විදියට ලබාගන්න අපිට බැරි වෙලා තියෙනවා. මොනතරම් කාලයක් ගියත් ඩිලානිගේ රංගනයට ප්‍රේක්ෂකයන් එදත් අද වගේම කැමතියි කියලා නම් ස්ථිරයි.

චිත්‍රපටය දීර්ඝ කාලයක් වාරණය වීම නිසා ඔබට අසාධාරණයක් වුණා නේද?

මට අසාධාරණයක් වුණා තමයි. ඒත් මම තනියම චිත්‍රපටය නිර්මාණය කළේ නැහැ. මාත් සමග සිය ගණනක් ආධුනික සහ ප්‍රවීණයෝ පිරිසක් හිටියා. අයිරාංගනී සේරසිංහ, ෆීලික්ස් හේමවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක, වීණා ජයකොඩි, ලියෝනි කොතාලවල, චන්ද්‍රා කළුආරච්චි වැනි ප්‍රවීණ අය වගේම ක්ෂේත්‍රයේ ඒ කා‍ලේ දැවැන්තයෝ නොවුණ නමුත් දැන් විශිෂ්ටත්වයට පත්වෙච්ච ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞෂල්‍ය, නදී කම්මැල්ලවීර වැනි විශාල පිරිසක් චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දුන්නා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ-ණය කළේ ප්‍රදීප් රත්නායක. මෙය ඔහුගේ පළමුවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය.
සංස්කරණය කළේ රවීන්ද්‍ර ගුරුගේ, කැමරා අධ්‍යක්ෂණය පාලිත පෙරේරා. මේ අයට වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන සහ දුමින්ද සිල්වා හා ගයාන් ලක්රුවන්ටත් මේ නිසා එළියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේක මට විතරක් නොවෙයි චිත්‍රපටයට දායක වෙච්ච හැමදෙනාටම සිදුවුණු විශාල අසාධාරණයක්.

හමුදා ඇඳුම සහ උතුරේ ජනතාව


Difence2නව රජයක් බලයට පත්වීමෙන් පසුව රටේ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරු වෙනස් වීම සාමාන්‍ය දෙයකි. එය ඒ ආකාරයටම පසුගිය දිනවල සිදුකෙරිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා පමණක් වෙනස් වූ නමුත් අනෙකුත් තනතුරු වෙනස් වීමක් සිදු වූයේ නැත. එසේ තිබියදී ඉකුත් සිකුරාදා (20) යුද හමුදාවේ ප්‍රධාන තනතුර වූ හමුදාපති තනතුර වෙනස් විය. හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා දිගුවක් සිදුනොවූ බැවින් ඒ මහතා විශ්‍රාම ගිය අතර නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා වැඩ භාරගනු ලැබිය. ඊට අමතරව උතුරු නැගෙනහිර හමුදා ඉහළ පුටුවලද වෙනස්කම් රැසක් සිදු කෙරිණි. යාපනය ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාගේ තනතුර සඳහා මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා පත් කෙරිණි. නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ තනතුරට මේජර් ජෙනරාල් ජනක වල්ගම මහතා පත් කෙරිණ. මීට අමතරව වන්නි ආඥාපති ධුරයද තිබෙනුයේ වැට උඩය. වන්නි ආඥාපති තනතුර හොබවන මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාට කොළඹට කැඳවීමක් ලැබි ඇත.
 දැනගන්නට ලැබෙන පරිදි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ නම වන්නි ආඥාපති ධුරය සඳහා යෝජනා වී ඇත. කෙසේ නමුත් මුලතිව් ආඥාපති ධුරයේ වෙනසක් පිළිබඳව මතෛක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. මේ වන විට මුලතිව් ආඥාපති ධුරය හොබවනුයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාය. ජගත් ඩයස් මහතාගේ නම යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික තනතුර සඳහාද යෝජනා වී තිබේ. 
 ඉතිහාසය පිළිබව සොයා බැලුවහොත් දකින්නට ලැබෙන්නේ රජයක් වෙනස් වුවද ත්‍රිවිධ හමුදාවේ තනතුරු සඳහා එය බලපාන්නේ නැති බවකි. වැඩිම වුවහොත් හමුදාපති ධුරයේ පමණක් වෙනස්කම් සිදුවේ. නමුත් මේ වන විට එය ආඥාපතිවරුන් හා වෙනත් තනතුරු වෙනස් වීම දක්වා ව්‍යාප්ත වී ඇත. ඇතැම් විට ඉදිරියේදී එය සේනාධිපතිවරුන් බල සේනාධිපතිවරුන් දක්වා ව්‍යාප්ත වනු ඇත. එම තත්ත්වය රටක ආරක්ෂක ස්ථාවරත්වයට එතරම් හොඳ නැති බව බහුතර අදහසයි. විශේෂයෙන්ම යුද හමුදාව දේශපාලනීකරණය වීම වැඩි වශයෙන් සිදු වූයේ 2010 ජනාධිපතිවරණය සඳහා එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත්වීමත් සමගය. එවකට රජය රූපවාහිනියේ දේශපාලන වැඩසටහන සඳහා හමුදා ප්‍රධානීහු කැඳවනු ලැබිණ. ඒත් සමග එම හමුදා නිලධාරීන්ට දේශපාලන ‍ලේබල් ඇලවීමද ඉබේම සිදුවිය. නමුත් මේ කිසිදු නිලධාරියෙකු සිය කැමැත්තෙන් රජයේ දේශපාලන කටයුතු සඳහා දායක වූවා යැයි සිතිය නොහැක. 
 සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාවට ඉහළින් අණදෙන සේනාධිනායක, ආරක්ෂක රාජ්‍ය ඇමැති, යන තනතුරු දේශපාලාන තනතුරු වේ. නමුත් ඔවුහු ගන්නා තීන්දු තීරණ ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක කළ යුතුය. එම නිසා මීට පෙර සිදුකළ හමුදාවේ පත්වීම් ලැබූවන් හා නව පත්වීම් ලැබුවන් දේශපාලන පත්වීම් ලාභීන් ලෙස නොසැලකිය යුතුය. එය යුද්ධයේදී දක්ෂතා පෙන්වන ලද හමුදා නිලධාරීන් හට කරන අසාධාරණයකි. 
මේ අතර මීට සති කිහිපයකට පෙර උතුරේ සංචාරයක නියැලුණු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ උතුරේ පිහිටි කිසිදු ආරක්ෂක හමුදා කඳවුරක් ඉවත් නොකරන බවකි. අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් සති දෙකක් ගත වන විට කඳවුරු හා මුර‍පොළවල් කිහිපයක්ම ඉවත් කිරීම ඉකුත් 19 හා 20දා සිදුවිය. වව්නියා මන්නාරම මාර්ගයේ පුවරසන්කුලම් හි පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුර පසු ගිය 19දා එම ස්ථානයෙන් ඉවත් කෙරුණි. එහි රාජකාරි කළ සෙබළුන් හා නිලධාරීහු ආසන්නයේ පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුරකට ස්ථානගත කෙරිණි. 
 එලෙසම මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා ‍පොලිස් මුර‍පොළවල් හයක්ද ඉවත් කෙරිණි. එයින් මුර‍පොළවල් 04ක් වව්නියාව දිස්ත්‍රික්කයටද දෙකක් මුලතිව් දිස්ත්‍රික්කයටද අයත් වේ. තවද වව්නියාව දිස්ත්‍රික්කයට අයත් තවත් කුඩා ප්‍රමාණයේ හමුදා කඳවුරු දෙකක් ඉදිරි සතිය  තුළදී ඉවත් කෙරන බවටද තොරතුරු වාර්තාවේ. යුද්ධය අවසන් වී වසර 06ක් පමණ ගත වී ඇති නිසාත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වන බවට  තොරතුරු නොමැති නිසාත් ‍පොලිස් හා හමුදා කඳවුරු ඉවත් කිරීම සාධාරණ බවට කෙනෙකුට තර්ක කළ හැකිය. දෙමළ ජාතික සන්ධානයේ තර්කය වී ඇත්තේ උතුරුකරේ ජන ජීවිතය පවත්වාගෙන යාමේදී යුද හමුදාව දකින්නට ලැබිම දෙමළ ජනතාව බියට පත්වීමට හේතුවක් වී ඇති බවයි. උතුරේ සිටින ආරක්ෂක අංශ දෙමළ ජනතාවගේ නිදහසට බාධාවක් බවද කියා සිටී. එම නිසා උතුරුකරේ ස්ථාන ගතව සිටින ආරක්ෂ අංශ සාමාජිකයන් ඉවත් කරන ලෙසද රජයට බලකර කියා සිටියි. 
නමුත් සත්‍ය කතාව නම් හමුදා කඳවුරු තිබිමට ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට අවශ්‍ය නැත. එසේම  හමුදා ඇඳුමට දෙමළ ජනතාව බිය වීමට අවශ්‍යද නැත. නමුත් අවාසනාවකට දැන් දකින්නට ලැබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ඉෂ්ට වන ආකාරයකි. 
 මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කළ යුද අපරාධ චෝදනා වාර්තාව එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා මාස හයකින් කල්දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. මෙය එක්තරා අතකින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහනයකි. නමුත් මෙම තීරණයට දෙමළ ජාතික සන්ධානය ඇතුළු අන්තවාදී සංවිධානවල කැමැත්තක් නැත. ඔවුහු ඉකුත් සතියේදී උතුරේ ස්ථාන කිහිපයකම විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ පවත්වනු ලැබිය. මෙවැනි එක් විරෝධතා ව්‍යාපාරයක් ඉකුත් 21 (සෙනසුරාදා) යාපනයේදී පැවැත්විණි. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි. යාපනය බස් නැවතුම්‍පොළ අසලින් ආරම්භ වූ විරෝධතාව අවසන් වූයේ යාපනය විරසිංගම් ශාලාව අසලිනි. එහිදී විරෝධතාවය අවසන් වූයේ පඹයෙකු පුළුස්සා දැමීමෙනි. මීළඟ ප්‍රශ්නය වන්නේ විරෝධතාකරුවන් විසින් පුළුස්සා දමනු ලැබූ පඹයා කාගේ අනුරුවක්ද යන්නයි. 
 පුළුස්සනු ලැබූ පඹයාගේ හිස මුද්‍රිත විශාල ඡායාරූපයකින් සරසා තිබුනි. එම ඡායාරූපය වෙන කාගේවත් නොව දෙමළ ජාතික සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතාගේය. කුමන හේතුවකට පඹයාගේ හිසට සුමන්තිරන් මහතාගේ ඡායාරූපයක් යෙදුවේද යන්න පැහැදිලි නැත. ඇතැමෙකුගේ අදහස වී ඇත්තේ මෙවර නිදහස් උත්සවය සඳහා ආර්.සම්බන්දන් මහතා සමග සුමන්තිරන් මහතාද සහභාගි වූ නිසා පුළුස්සනු ලැබූ පඹයාට සුමන්තිරන් මහතාගේ ඡායාරූපයක් යොදන්නට ඇති බවයි. 
 මේ අතර වව්නියාව ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයන් පුද්ගලයන් දෙදෙනකු ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත්හ. පෙබරවාරි 04ට එළිවෙන ජාමයේ සිදුවූ වෙඩි තැබිමකින් ‍පොලිස් නිලධාරියෙකු තුවාල ලැබිය. සාමාන්‍ය තුවක්කුවකින් මෙම වෙඩි තැබිම සිදුකර තිබූ අතර එම සිදුවීම මහත් ආන්දෝලනයක් ඇති  කළේය. කෙසේ නමුත් පරීක්ෂණ පැවැත්වූ ‍පොලිස් කණ්ඩායම වෙඩි තැබිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමග සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය.  සැකකරුවන් දෙදෙනා දඩයක්කරුවන් බවද ‍පොලීසිය කියයි. 
 මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.සම්බන්ධයෙන් තීරණයක් ගැනීම නීතිපති විසින් මේ මස 26දා තෙක් කල් දැම්මේය. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. කිලිනොච්චිය ප්‍රදේශයේ ක්‍රියාත්මක නර්ඩෝ (උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සංවිධානය) ප්‍රධානියා වන්නෙ කේපි. මේ ලිපිය ලියන විටත් කේ.පී. වන්නියේ ඔහුට අයත් රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු කරමින් සිටී. කෙසේ නමුත් කේ.පී. හිතවාදීන් කියනුයේ රජයට එරෙහිව ත්‍රස්තවාදි කටයුතුවල යෙදුණේ යැයි කියමින් කේ.පී.ට එරෙහිව නඩු පවරන්නේනම් 1988-89 භීෂණ සමයේදී රජයට එරෙහිව සටන් කරමින් රජයේ දේ‍පොළ විනාශ කළ ජ.වි.පෙ. නායකත්වයද අත්අඩංගුවට ගතයුතු බවයි. කෙසේ නමුත්, බහුතර දෙමළ ජනතාව තුළ කේ.පී. පිළිබඳව ප්‍රසාදයක් නැත. ඔවුහු කේ.පී.ව සලකනුයේ රජය සමග එක්ව කටයුතු කළ දෙමළ ජනතාවගේ ද්‍රෝහියෙකු  වශයෙනි. 
මේ අතර උතුරු මුහුදේ කෙරෙන කේරළ ගංජා ව්‍යාපාරය තවමත් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තාවේ. දකුණු ඉන්දියාවේදී  නිෂ්පාදනය කෙරෙන ගංජා ‍පෝක් සමුද්‍රසන්ධිය හරහා උතුරු වෙරළට රැගෙන විත් රට පුරා බෙදා හැරීම යුද්ධය අවසන් වීමත් සමග ආරම්භවිය. ඉකුත් වසරේදී මෙසේ රැගෙන ඒමට සූදානම් කළ ගංජා තොග රැසක් ඉන්දීය ‍පොලීසියේ අත්අඩංගුවට පත්වූ අතර ලංකාවට රැගෙන ආ ගංජා තොගද ‍පොලිස් අත්අඩංගුවට පත්විය. මෙම වැටලීම් වැඩි වීමත් සමග කේරළ ගංජා ජාවාරමේ යම් අඩුවීමක් දකින්නට ලැබුණද නැවතත් කේරළ ගංජා ජාවාරම ආරම්භ වී ඇති බවට තොරතුරු හෙළිවී ඇත. යාපනය පණ්ඩිතෙරෙප්පු ප්‍රදේශයේදී ඉකුත් 19 දා මෙලෙස රැගෙන එනු ලැබූ ගංජා කිලෝ 101ක් සමග සැකකරුවන් හතර දෙනෙකු ඉලවාලෙයි ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. උතුරු මුහුදේ කෙරෙන නීති විරෝධී රන් ජාවාරම්, හෙරොයින් ජාවාරම හා ගංජා ජාවාරම යන සියලු ජාවාරම් කෙරෙනුයේ ධීවර කර්මාන්තයට මුවා වී බව තොරතුරු හෙළිවී තිබේ. 
පසුගිය කාලයේදී අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් ධීවරයින් ලෙස පෙනී සිටිමින් ජාවාරම්වල යෙදී සිටි බව සනාථ වී තිබේ. මේ හේතුව නිසා උතුරු වෙරළේ තෝරා ගත් ප්‍රදේශවල පදිංචි ධීවරයින් නාවික හමුදාව විසින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් සිදුවේ. මෙම ලියාපදිංචි කිරීමේ කටයුත්ත නතර කර දමන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරති. එහිදී ඉදිරියෙන්ම සිටිනුයේ දෙමළ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාය. මන්ත්‍රී අඩෙක්කලනාදන් මහතා මන්නාරමේ පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ ඥාති පරම්පරාවේ පිරිස්වල රැකියාව වී ඇත්තේ මහ පරිමාණයෙන් ධීවර කර්මානතයේ යෙදීමයි.

සන්නස්ගලත් ව්‍යාජ ලේඛන හැදු බව කියයි


Sannangalaතමන්ගේ පිරිමි ළමුන් දෙදෙනා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සඳහා තමාද බුලර්ස් පාරේ ලිපිනයක් යොදාගෙන කූඨ ලේඛන සකස් කළ බවත්,ඉතා විශාල ලිපි ගොනු සකස් කළ බවත්, එහෙත් ඔවුන් අදාළ පාසලට අතුළත් කිරීමට නොහැකි වුණු බවත් ප්‍රවීණ ලේඛක/දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි. ඊයේ(23) කොළඹ පදනම් ආයතනයේ පැවති 'මිස්ටර් ප්‍රසිඩන්ට්' සංකල්පයේ විකාශය පිළිබඳ පැවති දේශනයක් අතරවාරයේ ඒ මහතා මේ බව කීය.
කෙසේ වෙතත් වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 
10ක පමණ වැඩිමල් ගැහැණියක් බවත්, එය තමාගේ අයිතිය බවත්, ඒ පිළිබඳ අන් කිසිවෙකුට ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් එහෙත් ඔහුට එය ප්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් තිබිය යුතුව තිබුණු බවත් සන්නස්ගල මහතා අවධාරණය කළේය.
එලිසබෙත් ටේලර් වයස අවුරුදු 70 දී අවුරුදු 25 ක කොල්ලෙක් කසාද බැන්ද බව කී ඒ මහතා ඇය තමා වයස අවුරුදු 18 ක කෙල්ලක යයි උප්පැන්නය වෙනස් කර නොගත් බවත් කීය.
ඇයට එල්ලවී ඇති චෝදනාව වන 'කූඨ ලේඛන සැකසීම' සැබවින්ම වරදක් බවත්, එහෙත් එය සමාජ ක්‍රමයේම වරදක කොටසක් බවත් සන්නස්ගල මහතා පෙන්වා දුන්නේය.
කොළඹ රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළව චක්‍ර ලේඛයේ 3(1) වගන්තියට අනුව ළමුන් ඇතුළත් කරගත හැක්කේ  පාසලට  මීටර් 100 ක දුරින් සිටින ළමුන් පමණක් බවත්, එකී භූමි ප්‍රදේශයට අයත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ඒ නිසාම රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කිරීමට බොහෝ දෙනා කූඨ ලේඛන සකස් කරන බවත්, අදාළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේ නම් රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ මව්පියන්ගෙන් 99%ක්ම අත්අඩංගුවට ගත යුතුව ඇති බව සන්නස්ගල මහතා අවධාරණය කළේය.

මහින්ද රාජපක්‍ෂ 2015 පෙබරවාරි 09 මාධ්‍ය නිවේදනය


වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒ චෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.
මාගේ රජය විසින් 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000 ක මුදලක් වෙන් කර තිබුණු බවත් නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ල ජනතාවට සහන ලබා දීම සදහා නිදහස් කල බවත් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා කෝටි 10,000 ක මුදලක් කිසිදාක වෙන් නොකල බව මම වගකීමෙන් කියමි. 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුලු මුදල කෝටි 959 කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබද කමිටුව ඇතුලු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාල මුදල් වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සදහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සදහා නොවේ.
ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සදහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375 කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් කෝටි 100 ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනාතාවගේ සුබසෙත සදහා ඉදි කෙරෙන විවිධ සුලු ව්‍යාපෘති සදහාය. මෙම කෝටි 100 ඉවත් කල විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම කෝටි 275 දක්වා අඩු වේ. වත්මන් ජනාධිපතිවරයාගේ කටයුතු සදහා වෙන් කර ඇති මුදල ලෙස සදහන් වන්නේ එකී මුදල විය යුතුය.
මෑතකදී ආණ්ඩුවේ ඇතැම් අය කී තවත් කතාවක් වුයේ මම මාගේ භාවිතය සදහා ජනාතාවගේ මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් වැය කොට විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට තිබුණු බවත් එය භාර ගැනීම නව ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ගුවන් යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවත්ය. මාගේ භාවිතය සදහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට නොතිබූ බව මම ප්‍රකාශ කර සිටිමි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානා වල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සදහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුට දෙන තිළිණයක් වශයෙන් ඇතුලත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි දී සදහන් වූයේ එම කට්ටලය සදහා නිෂ්පාදකවරයා සදහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේ ලබා දෙන තිළිණයකි.
රටේ විවධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සදහන් කරමින් ඒ සියල්ල මාගේ සුඛවිහරණය සදහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවා දැක්වීමටද උත්සාහයක් ඇති බව පෙනේ. අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපති මන්දිරය එමෙන්ම නුවරඑළියේත්, මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරද යටත් විජිත සමයේ සිටම මේ රටේ ආණ්ඩු ප්‍රධානීන් විසින් භාවිතා කරන ලදී. අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථාන වල පිටිහි නිල නිවාස ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඉදිකරන ලද ඒවාය. මේ එක නිල නිවසක් වත් මාගේ පාලන කාලය තුල ඉදි කල ඒවා නොවන බව කිව යුතුය. අරලියගහ මන්දිරය, කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුලු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවට පුවතක් මම දුටුවෙමි. මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේදීද ඉතා ඈත පිටිසර පළාත් වලින් පාසැල් ළමුන් හා වැඩිහිටියන්ද අරලියගහ මන්දිය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය. එසේ පැමිණි අය සමග කථා බස් කිරීමට ලැබීමද මට මහත් සතුටක් වූවාසේම රටේ විවිධ පළාත් වල සංවර්ධන අවශ්‍යතාවයන් ද ඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි. අරලියගහ මන්දිරයේ මාගේ පොහොය දින වැඩසටහන්වලටද ජනතාව දහස් ගණනින් සහභාගි විය.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පල විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයාගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පල විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කල නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කල සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛණයේ සදහන්ව තිබෙනු ඇත.
මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති
09th February 2015
PRESS RELEASE
False and misleading statements continue to be made about me by members of the present government. At a recent TV interview, it was said that over Rs. 100,000 million (Koti dahadahak) had been allocated to the Presidential Secretariat for the year 2015 and that it had now been reduced to Rs. 2,720 million (Koti 272).
A sum of 100,000 million was never allocated to the Presidential Secretariat. The actual sum allocated for 2015 was Rs. 9,593 million (Koti 959). No less than 25 state institutions such as the National Salaries and Cadres Commission, the National Ocean Affairs Committee etc, were listed under the vote of the President. Former presidents and their widows are also maintained by the Presidential Secretariat under this vote. The Establishments & Organizations Division of the Presidential Secretariat serves all the above mentioned institutions and absorbs the bulk of the expenditure. This expenditure therefore represents a large number of institutions and not only expenditure allocated to the President.
The actual sum allocated to the Office of the President (which is only one component of the vote that is designated under the President) for 2015 was Rs. 3,754 million (Koti 375). This included Rs. 1,000 million (Koti 100) which was meant to be spent on the construction of various community projects around the country. If this item is removed, the expenditure on the President’s Office is reduced to the Rs. 2,750 million (Koti 275) that is said to be the new allocation for the president.
It was also said that a special plane for my exclusive use was to be bought with taxpayers’ money at a cost of 16 million USD. No plane was ever ordered for my use. When Sri Lankan Airlines ordered new aircraft, Airbus Industries had provided a complimentary VIP conversion kit to install a cubicle with special facilities for special customers on commercial flights which can be installed and dismantled as required. The sum of 15 million USD was only the manufacturer’s indicative value of this kit which is actually provided free.
The various presidential residences are being mentioned in such a manner as to convey the impression that I had built them for my use. Temple Trees, President’s House and the residences in Nuwara Eliya and Kandy have been used by heads of State and government since the colonial era. The presidential residences in Anuradhapura, Embilipitiya, Mahiyangana and Kataragama were built by President Premadasa. None of these properties were built during my tenure. It was reported in one newspaper that Temple Trees and President’s House will be opened for public viewing soon. I welcome that because tens of thousands of schoolchildren from rural and remote areas and adults toured Temple Trees even when I was occupying it. It was indeed a pleasure to meet and interact with them and to find out snags in development in their areas. Crowds flocked to Temple Trees for my Poya day programmes as well.
It was also said that some vehicles of the Presidential Secretariat had not been returned. News reports said that 22 Defender Jeeps had been ‘discovered’ in Borella and another 53 vehicles belonging to the Presidential Secretariat found ‘abandoned’ in Pitakotte. These are official vehicle yards of the Presidential Secretariat and to say that vehicles were ‘discovered’ at such places is absurd. The vehicles found in Pitakotte are mostly high security vehicles dating from the 1980s which were condemned but cannot be auctioned off as per the normal procedure. All vehicles used by me and my staff have been returned. The details of other vehicles that had been issued to various officers and institutions under the Presidential Secretariat should be known to the Establishments & Organizations Division and can easily be traced by perusing the register maintained for the purpose.
Mahinda Rajapaksa

බයියාගේ අයවැය සහ සරදියෙල් අයවැය


නව රජය අතුරු අයවැයක් ඉදිරිපත් කළේය. දින 100 පොරොන්දුවට අනුව එහි සඳහන් ආකාරයටම සහන ලබාදෙමින් රජය විසින් ඉදිරිපත් කළ අයවැය රටට බලපාන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීම ආර්ථික විද්‍යාඥයන්ට බාරදෙමින්, මේ අයවැය සාමාන්‍ය මිනිසාට දැනෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වටී.

ඔක්තෝබරයේදී ඉදිරිපත් කළ 'ගමේ බයියා' ගේ අයවැයට වඩා පසුගිය බ්‍රහස්පතින්දා ඉදිරිපත් වූ 'සරදියෙල්' අයවැය සාමාන්‍ය ජනජීවිතයට බලපාන සහන රැසක් ලබාදුන්නේය. බයියාගේ අයවැයෙන්ද දෙන්නට හැකි සෑම සහනයක්ම ජනතාවට ලැබුණු අතර, සරදියෙල් අයවැයෙන් තවත් සහන වැඩි කළේය. මේ අයවැයේ කැපී පෙනෙන දෙයක් ලෙස දැකගත හැක්කේ පසුගිය රජය සමයේ සහන තුළින් බොහෝ ලාභ උපයාගත් ආයතනවලට ඇති තරම් බදු පනවා, එම මුදල් යළි සාමාන්‍ය ජනතාවට ලබාගැනීමට කටයුතු කර ඇති 'උතුවන්කන්දේ සූර සරදියෙල්' ක්‍රමයට ගමන් කර ඇති ආකාරයයි. විශේෂයෙන්ම සී.එස්.එන්. නාලිකාව, මිලියන 2000 ට වඩා වාර්ෂික ශුද්ධ ලාභයක් ලබන ආයතන, කැසිනෝ ආදියෙන් බදු ලබාගැනීම හරහා පසුගිය රජය සමයේ ඉදිරියෙන්ම සිටි ධනවතුන් කීපදෙනෙකුගේ සාක්කු ශුද්ධ කිරීමේ කාර්යයක් කර ඇති බව පෙනේ.

ඊළඟට එන්නේ අලුතින් හඳුන්වාදී තිබෙන මන්දිර බද්දයි. මෙයද පසුගිය කාලයේ ගොඩනැගුණු මන්දිරවලට ඍජු බලපෑමක් කරන්නට හේතුවක් වෙයි. මෙය එක්තරා ආකාරයකින් දුප්පත් මිනිසාගේ සිතේ ඇති ද්වේශයෙන් ප්‍රයෝජන ගැනීමක්ද විය හැකිය. එය මීළඟ මහා මැතිවරණයේදී කතිරය ගැසීමට පෙර හැඟීමෙන් ප්‍රයෝජන ගැනීමට හැකි වැඩකි. බයියාගේ අයවැයේ කැපී පෙනුණු දෙය නම් දුප්පත් මිනිසා සහ උපරිම පොහොසතා ආමන්ත්‍රණය කිරීමයි. මැද පන්තිය සම්පූර්ණයෙන්ම අමතක කර දැමුණි. සරදියෙල් අයවැයෙන් දුප්පත් මිනිසාට උපරිමය ලැබුණි. මැද පන්තියේ පිරිසකට සහනයක් සැලසුණි. මේ දෙපැත්තෙන්ම සිදුවූයේ දුප්පතා ජයග්‍රහණය කිරීමයි. විය යුතු වන්නේද එයයි.


සරදියෙල් අයවැයෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ හුවමාරුව අඩු වූවා සේ විශාල සමාගම් තමන්ගේ ජාල පුළුල් කිරීම අත්හිටුවා තිබේ. මෙහි අදහස නම් තවත් පිරිසකට සමාගම් වෙළෙඳ පොළට පැමිණීමට අවස්ථාවක් ඇති වීමයි. වැටුප් වැඩිවීම, සමෘද්ධි දීමනා දෙගුණ වීම, ගෑස් මිල භූමිතෙල් මිල හා අත්‍යවශ්‍ය ආහාර මිල අඩු වීම වැනි ප්‍රධාන වැදගත් සාධක ඉදිරියට එද්දී, සාමාන්‍ය පන්තියේ එක් සිහිනයක් බිඳවැටුණි. ඒ හයිබ්‍රිඩ් සිහිනයයි. හයිබ්‍රිඩ් වාහන සඳහා අධික බදු පැනවීම සම්බන්ධයෙන් අපට නම් පෙනෙන්නේ පසුගිය මාස දෙක තුනේදී ජපන් යෙන් මුදලේ අඩුවීම හරහා වාහන සේල්කරුවන් මෙරටට ගෙන්වූ අධික හයිබ්‍රිඩ් වාහන තොගය ඉක්මනින් විකිණීමේ අවස්ථාවක් මෙවර අයවැයෙන් ලබාදී ඇති බවයි. ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව පරිභෝජනය වැඩිවීමට ඇති ඉඩකඩ අහුරන එක් ක්‍රමයක් වන්නේ හයිබ්‍රිඩ් වාහනයි. එහෙත් එම වාහන මත අධික බදු බරක් පැටවීම හරහා බොහෝදෙනෙකුට ඉන්ධන සහනයේ උපරිමය ලබාගත නොහැකි වෙයි. අනෙක් අතින් තමන්ගේ පාවිච්චියට වාහන ගෙන්වා ගන්නා පිරිසට එම අවස්ථාව අහිමි කිරීම මානව හිමිකම් කඩවීමක් ලෙසද දැක්විය හැකිය. වාහන සේල්කරුවන්ගේ වුවමනාවක් මේ සමස්ත කාර්යය තුළ සැඟවී ඇතැයි සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ මේ නිසාය. එය නිවැරදි විය යුතු තත්ත්වයක් වන්නේ ශ්‍රී ලංකාව වැනි භූමිය කුඩා එහෙත් වාහන වැඩි රටක ඉන්ධන පරිභෝජනය සහ කාබන්ඩයොක්සයිඩ් නිදහස් කිරීම අවම විය යුතු තත්ත්වයක් ඇති විය යුතු හෙයිනි.


සරදියෙල් අයවැයේ සුවිශේෂම කාර්යය ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ කාර්යාලයේ වියදම කෝටි 9000 කින් අඩු කිරීමයි. එක්සත් ජාතික පක්ෂය භාණ්ඩ මිල අඩු කරමින්, වැටුප් වැඩි කරමින් ධනවතුන්ගේ මුදල් ආපසු අදිමින් අයවැය ඉදිරිපත් කරද්දී, ජනාධිපතිවරයා තමන්ගේ වියදමින් කෝටි 9000 ක් ලබාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වයද ඉහළට ගෙනාවේය. එයින් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන්ද දළ අදහසක් රටේ ජනතාවට ලබාදීම සිදුවිය.
එසේම පසුගියදා ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවේදීද ජනාධිපතිවරයා අපූරු අදහස් කීපයක් ගෙනාවේය. සරල බව තුළින් ඉතිරිවන මුදල් කන්දරාව දුප්පතාට දීම පිළිබඳව ඔහු හොඳ උදාහරණ කීවේය. විශේෂයෙන් හෙලිකොප්ටර් භාවිතය සීමාකිරීම අතිශය වැදගත්ය. වෙනදා සෑම දිනකම රාජපක්ෂවරයෙකු සමග ගුවන්ගත වන හෙලිකොප්ටර් තිබුණද, මේ වනවිට එය සීමා වී ඇති බව අප දන්නා දෙයකි.


විපක්ෂයේ කණ්ඩායම කියන්නේ මෙය ඡන්දය ඉලක්ක කළ අයවැයක් බවයි. සරදියෙල් අයවැය එසේ වන්නේ නම් බයියාගේ අයවැයද එසේමය. ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න තිබියදී ඉදිරිපත් කළ අයවැයද ජනාධිපතිවරණය හිතේ තබාගෙන ඉදිරිපත් කළ අයවැයකි. එයින් වාසියක් ජනතාවට ලැබුණි. මෙවරද ජනතාවට වාසියක් ලැබෙයි. සත්‍ය වශයෙන්ම බයියාගේ අයවැයේත්, සරදියෙල් අයවැයේත් ප්‍රතිඵල නිවැරදිව දැනගන්නට ලැබෙන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුවය. එනම් කාට හෝ බලය දීමෙන් පසුවය.


වෙනදා එක්සත් ජාතික පක්ෂයට එල්ල වන චෝදනාව වන්නේ දුප්පතා නොලසකා, පොහොසතා පොහොසත් කළ බවයි. දැන් එය සන්ධානයට එල්ල වී එ.ජා.ප.ය දුප්පතා වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබේ. මේ කාර්යයේ කාලපරාසය කොතරම්ද යන්න දැන්ම කියන්නට බැරිය. කෙසේ වුවද සන්ධාන ආණ්ඩුව කළා සේ ගැසට් මගින් භාණ්ඩ අඩු වැඩි කිරීමේ ක්‍රියාවලිය නොකරන්නට හැකි නම් ඒ ඇතිය.


විපක්ෂ කණ්ඩායම් කියන්නේ ඉන්ධන මිල මීටත් වඩා අඩු කළ හැකි බවයි. එසේ තිබියදී ඔවුන් මීට මාසයකට පෙර එය නොකළේ ඇයිදැයි යන්න කවුරුත් අසන්නේ නැත. එයට උත්තර දෙන්නටද ඔවුන්ට නොහැකිය. බයියාගේ අයවැයේදී මේ සහන නොදුන්නේ ඇයිද යන්න විමල් අයියා කියන්නේද නැත.
එහෙත් වඩාත් වටිනාම තර්කය වන්නේ සරදියෙල් අයවැයට මුදල් සොයාගන්නා ක්‍රමයක් ගැන සඳහන් නොවන බව විපක්ෂය කරන චෝදනාවයි. පසුගිය ඔක්තෝබරයේදී එ.ජා.ප.ය බයියාගේ අයවැයට එරෙහිව නැගුවේද මෙවැනිම චෝදනාවකි. දැන් සරදියෙල් අයවැයටත් එම චෝදනාවම එල්ල වී තිබේ. මේ අයවැයෙන් කර ඇත්තේ පසුගිය රජය සමයේදී විශාල ලෙස ලාභ උපයාගත් අයගෙන් ඉන් කොටසක් ලබාගැනීම නිසා නොවැම්බරය දක්වා ගමන් කිරීමට එය සෑහේ. එහෙත් සරදියෙල්, සූර පප්පා වෙන්නේ නොවැම්බරයේදී එන අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය මාර්ග විවර කරන්නේ නම් පමණි. මේ වනවිට පොලිය පමණක් ගෙවමින් යන විදේශීය බැංකු මගින් ලබාගෙන ඇති ඩොලර් මිලියන 500 ට වැඩි ණය මුදල් ගෙවා දමන්නට සූදානම් වෙද්දී, නම් සරදියෙල්, සූර පප්පාම විය යුතුව තිබේ. හේතුව එවිට ඩොලරයේ අගය යම් පමණකට ඉහළ ගොස් බැංකු පොලී අනුපාතද ඉහළට එසැවීමට අවස්ථාවක් ඇති හෙයිනි. එවිට මේ සහනවල යම් ප්‍රමාණයක් වෙනස් විය හැකිය. එය ජනතාව දැනුවත්ව සිටි තත්ත්වයකි. සහන යනු සදාකාලික නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වරද්දා ගත්තේ එතැනය. ඒ ජනතාවට සහන දෙන්නට ණය වීමෙනි. ඒ ගත් ණයවලින්ද වැඩි ප්‍රමාණය ඔවුන්ගේ සුඛ විහරණයට ගිය බව දැන් අනාවරණය වෙයි. අවශ්‍ය වන්නේ කෙටි කාලීන සහනය නොව දීර්ඝ කාලීන සහනයකි. ඒ සඳහා සරදියෙල් අයවැය ආරම්භයක් වන්නේ නම් වැදගත්ය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන වාර්ෂික ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 50 සිට කෝටිය දක්වා වැඩි වෙද්දී පක්ෂ පාට භේද අමතක කර ඒ සඳහා මුදල් සොයා ගත්තේ කෙසේදැයි නොසිතා අත්පුඩි තැලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම ප්‍රතිපාදන ජනතාවගේ සුබ සිද්ධියට පමණක් යොදවනු දැකීමද ජනතා අපේක්ෂාවක් බව අමතක නොකළ යුතුය.

Tuesday, 24 February 2015

නුගේගොඩ රැස්වීම හරහා උණුසුම් වූ මෛත්‍රී-මහින්ද බල අරගලය


Nugegoda-meatingනුගේගොඩ නගරයේ, ආනන්ද සමරකෝන් අනුස්මරණ වේදිකා පරිශ්‍රයේ පසුගිය 18 වැනි දින පැවැති දේශපාලන රැලිය දේශපාලනය ගැන උනන්දුව දක්වන කාගේත් අවධානය දිනාගත් රැස්වීමක් විය. එය සංවිධානය කිරීමට මූලිකත්වය ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් කුඩා පක්ෂ කිහිපයක නායකයින් කිහිප ‍පොළකි.
දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), ඩිව් ගුණසේකර (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය), තිස්ස විතාරණ (ලංකා සම සමාජ පක්ෂය), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය) ආදීහු මෙහිදී කැපී පෙනුණහ.
ඔවුන් මෙම රැස්වීම පැවැත් වූයේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ලක්ෂ 58කට ආසන්න ජනතාව වෙනුවෙන් බව පැවසිණි. මෙම ඡන්දදායක පිරිසගේ අභිලාෂයන්ට නායකත්වය දීමත්, මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයෙන් පසු රටේ අගමැතිවරයා බවට පත් කිරීම සඳහා කටයුතු කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු ලෙස ප්‍රකාශයට පත් විය. 'මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?' යන්න රැස්වීමේ තේමා පාඨය විය.
රැස්වීම සංවිධානය කළ පාර්ශ්වය පවසන ආකාරයටම මෙරට ඡන්දදායකයින්ගෙන් ලක්ෂ 58ක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දීම සුළුවෙන් තැකිය හැකි හෝ අමතක කර දැමිය හැකි කාරණයක් නොවේ. 
මෙම ඡන්දදායකයින් රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්නට හේතු වූ ප්‍රධාන කාරණා කිහිපයක් හඳුනා ගත හැකිය.  රට කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේදී දුන් නායකත්වයත්, කුමන්ත්‍රණකාරී විදේශ බලවේග ලෙස හඳුනා ගැනුණුබලවේගවලින් රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කළාය යන ආකල්පයත්, පසුගිය කාලයේ යටිතල පහසුකම් ඇතුළු රටේ භෞතික සාධකවල සිදු වුණු 'සංවර්ධනය' ලෙස සැලකුණු ක්‍රියාදාමයත් මෙහිදී කැපී පෙනෙයි. ලක්ෂ 58ක ජනතාවක්, ඉහත කී කාරණා ප්‍රධාන කොට ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දයදීම කවුරුන් හෝ කෙනෙකු අරුත්සුන් හෝ මෝඩ වැඩක් හෝ යනුවෙන් පවසා පසෙකට දමන්නේ නම් එය යථාර්ථවාදී කටයුත්තක් කියා සිතන්නට නුපුළුවන. මන්දයත් එකී ඡන්දදායකයින්ගේ මෙම විශ්වාසයන්ට කිසියම් වලංගුතාවක් පවතින නිසාය. 
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී, ජාත්‍යන්තර බලවේගවල දේශපාලන න්‍යාය පත්‍රයන්ට මුහුණ දීමේදී, 'සංවර්ධන' ක්‍රියාදාමයේදී හිටපු ජනාධිපතිවරයා  කිසියම් නායකත්වයක් දුන් බව පිළිනොගැනීමට තරම් කෙනෙකු අන්තයට යනු ඇතැයි නොසිතමි. එසේ පිළිනොගන්නේ නම්  එය එක්තරා ආකාරයකින් පටු, කුහක කල්පනාවකි. එනිසා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් පිරිස විශේෂයෙන්ම රටේ ප්‍රධාන සහ ප්‍රබල මතවාදී බලවේගයක් නියෝජනය කරන පිරිසක් ලෙස හඳුනාගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.  රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු එම බලවේගය නායකත්වයක් බලා‍පොරොත්තු වන බලවේගයක් වන අතර නුගේගොඩ රැස්වීම සංවිධානය කළ පිරිස එක් අතකින් ඉටු කරන්නට යන්නේ එම වුවමනාව බව කාටත් පැහැදිලිය.
සන්ධානය තුළ සිටි මෙම පක්ෂ මතෛක් කලක් සිය දේශපාලන ගමන ගියේ මහින්ද නායකත්වය දුන් ශ්‍රීලනිපය සමග වුවද දැන් ඊට නායකත්වය දෙන්නේ මහින්ද නොව මෛත්‍රී-චන්ද්‍රිකා පාර්ශ්වයයි. රනිල්ගේ හෙවනැල්ලද ඊට යම්තාක් දුරකට වැටී ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි. 
මෛත්‍රී මේ රටේ ජනාධිපති ධුරයට පත් වූයේ එජාපයේ, දෙමළ ජනයාගේ, මුස්ලිම් ජනයාගේ ඡන්දවලින්ය යන්න ඉහත කී බලවේගයේ විශ්වාසයයි. එම නිසා මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් පාර්ශ්වය, සිංහල, බෞද්ධ, ග්‍රාමීය පදනමක් ඇති ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීම මතෛක් ශ්‍රීලනිපය සිය නායක බලඇණිය ලෙස සැලකූ ඉහත කී මතවාදී බලවේගයට ප්‍රශ්නයකි. එම නිසා ඔවුන් දැන් විකල්ප නායකත්වයක් සොයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වරක්  තමුන් වෙනුවෙන් දිනා දිය හැකි නායකත්වයක් සොයයි. 'නුගේගොඩ කණ්ඩායම' ඉටු කරන්නට යන්නේ එම නායකත්වය සපයා දීමේ අභියෝගයයි.
නමුත් මෙම පාර්ශ්වය එතරම් සැලකිල්ලට නොගන්නා සහ තම දේශපාලන වැඩපිළිවෙළ තුළ බැරෑරුම් ලෙස සාකච්ඡාවට නොගන්නා කාරණා රැසක්ද පවතියි. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ රටේ මහජන මුදල් බිලියන ගණනින් විශාල ගසාකෑමකට, නාස්තියකට, හිතුවක්කාරී භාවිතයකට ලක්ව ඇති බවට මේ වනවිට දැවැන්ත චෝදනා කන්දරාවක් එල්ල වෙමින් පවතියි. නමුත් මෙම, ජාතික වශයෙන් අතිශයින් වැදගත්  කාරණය ගැන මේ පාර්ශ්වය වැඩිය කතා කරන්නේ නැත. ඔවුන් හැසිරෙන්නේ එවැන්නක් මේ රටේ සිදුව නැති ආකාරයෙන් යැයි කෙනෙකුට සිතුණහොත් එය වැරැද්දක් යැයි සිතිය නොහැක.
මහින්ද රාජපක්ෂ මහතාට ලක්ෂ 58ක් ඡන්දය දුන්නේ ජනවාරි 8 වැනිදාය. නමුත් ජනවාරි 8 වැනිදාට පසුව මේ වනවිට බොහෝ දේ සිදු වී තිබේ. රට තුළ පසුගිය ආණ්ඩුව යටතේ සිදු වූ බව කියන රුපියල් බිලියන ගණන්වල දැවැන්ත මූල්‍ය වංචා සහ අක්‍රමිකතා, මහජන මුදල් ගසාකෑම් රාශියක් පිළිබඳව,  ජනවාරි 8 වැනිදා ඡන්දය දෙන්නට යද්දී ජනතාව නොදැන සිටි අලුත්ම අලුත් කාරණා රැසක් මේ වනවිට කරළියට පැමිණ තිබේ. 
මෙම තත්ත්වය තුළ ජනවාරි 8 වැනිදාට පෙර සිටි ඡන්දදායකයා සහ අද සිටින ඡන්දදායකයා එක්කෙනෙකුම විය හැකිද යන්න අවධානය යොමු විය යුතු කාරණයකි. එසේම එදා සිටි ඒ ලක්ෂ 58 දැන් මේ අලුත් හෙළිදරව් කිරීම් හමුවේ තවමත් ඒ ආකාරයෙන්ම සිටිනවාද යන්නද සැක සහිත කාරණයකි. තවමත් මෙම වංචා, දූෂණ  චෝදනා ඔප්පු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දී නැති බව සත්‍යයක් වුවත් එම දූෂණ, අක්‍රමිකතා පිළිබඳව හෙළිදරව් කළ පාර්ශ්ව එය කළේ සහ කරමින් සිටින්නේ තමා කරන චෝදනා පිළිබඳව විශාල විශ්වාසයකින් සහ වගකීමකින්  බව පෙනේ. අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුවහොත් මේ බොහෝ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට චෝදනා ලැබ සිටින පිරිස වැරදිකරුවන් වනු ඇති බවක්ද පෙනී යයි.
නුගේගොඩ රැස්වීම සංවිධානය කළ පාර්ශ්වය අදහස් කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ කෙතරම් වංචා දූෂණ අක්‍රමිකතා ආදිය සිදුවුවත්, මහජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් නාස්ති කර ඇති බව පෙනී ගියත්, ඒ කිසිවක්  ගණන් නොගෙන මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ආ යුතු බවද? පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ එළිදරව් වෙමින් ඇති ඉහත කී ආකාරයේ කාරණා සමග ලංකාවේ ඡන්දදායකයා මෙරට  දේශපාලන සංස්කෘතිය ගැන, ආර්ථිකය තුළ සිදුව ඇති බව පෙනෙන කුමන්ත්‍රණ ගැන දැවැන්ත දැනුම්වත් වීමක් ලබමින් සිටියි. ඡන්දදායකයා ලැබූ මෙම අලුත් දැනුම්වත්භාවයට 'නුගේගොඩ කණ්ඩායමේ' වැඩපිළිවෙළ තුළ වටිනාකමක් නැද්ද? ඔවුන්ට වුවමනා වන්නේ එම අලුත් දැනුම්වත්භාවයට වටිනාකමක් ලබා නොදී, එයට බැරෑරුම් අවධානයක් ලබා නොදී ඡන්දදායකයා ජනවාරි 8ට පෙර, ඒ සම්බන්ධයෙන් සිටි 'අන්ධකාර' තත්ත්වයේම තැබිමටද යන ප්‍රශ්න අප හමුවේ මතුවෙයි.
'නුගේගොඩ කණ්ඩායමේ' මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු වන විමල් වීරවංශ මහතාම මේ රටේ ආර්ථික ඝාතකයින් සහ ආර්ථික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවට කලකට ඉහත දැවැන්ත ඝෝෂාවක් නැගුවේය. ඒ ඌව මැතිවරණයට ඔහුගේ පක්ෂය විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටි අවධියේය. නමුත් අද ඔහු මේ ආර්ථික ඝාතන හෝ ආර්ථික කුමන්ත්‍රණ ගැන කතා නොකරන තරම් වන අතර ඔහු එදා පැවැසූ දේවලට අද ඔහු දෙන වටිනාකම කුමක්ද? අද ඔහුටවත්, එදා ඔහු කී දේවල වටිනාකමක් නැත්ද?
මෛත්‍රී-රනිල් ආණ්ඩුව මෙම ආර්ථික ඝාතනවලට සහ ආර්ථික කුමන්ත්‍රණවලට එරෙහිව ඉදිරියට ගන්නට  සූදානම් වන ක්‍රියාදාමය එදා තමාම පැවැසූ ආර්ථික ඝාතන කුමන්ත්‍රණවලට විසඳුමක් සෙවීමක් ලෙස විමල් වීරවංශ මහතා දකිනවාද  නැද්ද? ඔහු එසේ නොදකින්නේ නම් ඒ 'නොදැකීම' ඔහු  සාධාරණීකරණය කරන්නේ කෙසේද? අනෙක් අතට එසේ දකිනවා නම් ඔහු ඇතුළු පාර්ශ්වය  ඔවුන්ගේ වැඩපිළිවෙළ තුළ එය ස්ථානගත කරන්නේ කොතැනද?
'නුගේගොඩ කණ්ඩායම' ප්‍රධාන වශයෙන් කරලියට ගන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් හරහා රටට එරෙහි බෙදුම්වාදී බලවේග, ජාත්‍යන්තර බලවේග නැවත ප්‍රබල ලෙස රට තුළ ක්‍රියාත්මක වනු ඇතැයි යන්නය. ඔවුන්ගේ වැඩපිළිවෙළේ ප්‍රධාන සටන් පාඨය එයය. නමුත්,  විමල් වීරවංශ වැන්නන් එදා පැවැසූ ආර්ථික ඝාතන සහ ඒ හා බැඳුණු විවිධ ආර්ථික කුමන්ත්‍රණ ආදියට එරෙහි ප්‍රබල සහ අවංක සටනක්ද අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ තුළද අන්තර්ගත විය යුතුමය. ජනාධිපතිවරණ සමයේ සහ විශේෂයෙන්ම පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ ඡන්දදායකයාට ලැබුණු, අප ඉහත කී 'අලුත් දැනුම්වත් වීම්' වලට වටිනාකමක් ලැබෙන්නේත්, 'නුගේගොඩ කණ්ඩායමේ' වැඩපිළිවෙළ වඩාත් ඉදිරිගාමී සහ පුළුල් වැඩපිළිවෙළක් වන්නේත් එවැන්නක් සිදුවන්නේ නම් පමණය. 
විමල් වීරවංශ මහතාම පිළිගන්නා මෙම ආර්ථික ඝාතන, ආර්ථික කුමන්ත්‍රණ  පැරදවිය හැක්කේ රට තුළ යහපාලනය, නීතියේ ආධිපත්‍යය, තොරතුරු දැනගැනීමේ අයිතිය ආදී යාන්ත්‍රණයන් ද ශක්තිමත් ලෙස ක්‍රියාවට නැංවීමෙනි. එයද මෛත්‍රී-රනිල් පාලනයේ ප්‍රධාන වැඩපිළිවෙලකි. එවැනි වැඩපිළිවෙළක් නුගේගොඩ කණ්ඩායමටද සිය අනාගත සැලසුම්වලට එක් කරගැනීමට සිදුවනු ඇත. එසේ නොවන්නේ නම් එය මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් බහුතර, අහිංසක ඡන්දදායකයා කලින් සිටි 'අඳුරේම' තබමින් ඔවුන් ගොනාට ඇන්දවීමක් වනු ඇත. එසේම හුදෙක් බලලෝභය මත පමණක් හෝ  ආත්මාර්ථකාමී ලෙස  දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා පමණක් හෝ කරන දේශපාලන මෙහෙයුමක් ලෙස ඔවුන්ගේ මෙම අලුත් ව්‍යාපාරය බුද්ධිමත් සමාජය ඉදිරියේ නිරුවත් වීමට වුවද ඉඩ තිබේ. නමුත් මෙම නුගේගොඩ කණ්ඩායමේ කතිකාව තුළ ඉහත කී කාරණා ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු වන්නේද යන්න සැක සහිතය.
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ මහජන මුදල් ගසාකන දූෂිතයින්, වංචාකාරයින්, විවිධ ඩීල්කාරයින්, කුඩු එතනෝල් ජාවාරම්කාරයින් බොහොමයකට රැකවරණ ලැබුණු බවට බරපතළ චෝදනා එල්ල වෙයි. ඉතින් ඒවා සත්‍ය නම්, එම වරදකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා කරන බරපතළ මැදිහත්වීමකින්ද, එවැනි දූෂිත තත්ත්වයක් ඇති වීම පිළිබඳව බැරෑරුම් සොයා බැලීමකින්ද, එමෙන්ම ඒ පිළිබඳ අවංක ස්වයං විවේචනයකින්ද තොරව නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා 'නුගේගොඩ කණ්ඩායම' විසින් කෙරෙන මෙහෙයුමක්, අප ඉහත කී අලුත් දැනුම්වත්භාවයකින් සන්නද්ධව සිටින ඡන්දදායකයා හමුවේ සාධාරණීකරණය කරන්නේ කෙසේද යන ගැටලුවද අවධානයට ලක් විය යුතු නොවන්නේද? අනෙක් අතට මෛත්‍රී-රනිල් ආණ්ඩුවද ඉහත කී දූෂිතයින්, ඩීල්කාරයින්, ජාවාරම්කාරයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාද වීම හෝ අකාර්යක්ෂම වීම මගින් සිදුවනු ඇත්තේ පසුගිය කාලයේ සිදුවූ බව කියන වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ කරදරවීමකින් තොරව, ඒ පිළිබඳ ස්වයං විවේචනයකින් තොරව වුවද ඉදිරියට යාමට 'නුගේගොඩ කණ්ඩායමට' අවකාශයක් විවර වීම බවද අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා මෛත්‍රී-රනිල් පාර්ශ්වය ඉහත කී දූෂිතයින්ට, ඩීල්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වඩාත් කාර්යක්ෂම වීම, මෙම අක්‍රමිකතා පිළිබඳ අප ඉහත කී  අලුත් දැනුම්වත්භාවය ලැබූ ජනතාවට සාධාරණය ඉටු කිරීමක් වනු ඇති අතරම, 'නුගේගොඩ කණ්ඩායමට'ද සිය දේශපාලන උපාය මාර්ග පිළිබඳ අලුතෙන් සිතන්නට බල කෙරෙන්නක් වනු ඇත.
අප ඉහත සඳහන් කළ ආකාරයට රටේ මූල්‍ය අක්‍රමිකතා සහ ආර්ථික කුමන්ත්‍රණ ගැන මෑත කාලයේ අලුත් දැනුම්වත්භාවයක් ලැබූ ඡන්දදායකයා පිලිබඳව 'නුගේගොඩ කණ්ඩායමේ' අවධානය යොමු විය යුතු සේම මෛත්‍රී-රනිල් පාර්ශ්වයේද අවධානය යොමු විය යුතු තවත් 'දැනුම්වත්භාවයක් ජනතාව තුළ වෙයි. එනම් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ රජයන් ගෙන ගිය මෙහෙයුම හමුවේ සහ අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ආයතනවල ක්‍රියාපිළිවෙත් ආදිය හමුවේ  ජනතාව ජාත්‍යන්තර දේශපාලන බලවේගවල සූක්ෂ්ම න්‍යාය පත්‍රයන් සහ සැලසුම් ගැනද ලැබූ අලුත් දැනුම්වත්භාවයයි. 
මෙම දැනුම්වත්භාවය මහින්ද රාජපක්ෂ වටා මෙරට බහුතර සිංහල, බෞද්ධ ඡන්දදායකයා ප්‍රබල බලවේගයක් ලෙස ඒකරාශී කිරීමට දායක වූ බවද අමතක කළ යුතු නොවේ. මහින්ද රාජපක්ෂ වීරත්වයට නැගුණේ සහ අදත් 'නුගේගොඩ කණ්ඩායමේ' ශක්තිය ගොඩනැගෙන්නේ  මෙම බලවේගය පදනම්  කරගෙන බව ඉතා පැහැදිලිය. එනිසා මෛත්‍රී-රනිල් පාර්ශ්වය ඡන්දදායකයාගේ මෙම, දෙවනුව කී අලුත් දැනුම්වත්භාවයටද වටිනාකමක් ලබා දීම මෙන්ම ජාත්‍යන්තර පාර්ශ්ව සහ ජාත්‍යන්තර සාධක කළමනාකරණයේදී මෙරට ඡන්දදායකයාගේ එම දැනුම්වත්භාවයද සැලකිල්ලට ගෙන කටයුතු කිරීම රටට මෙන්ම මෛත්‍රී-රනිල් පාර්ශ්වයේ පැවැත්මටද ගුණදායක වනු ඇත. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජාතික සහ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවල ඉත්තෙකු ලෙස හංවඩුවක් වැදී ඇති පසුබිමක එය වඩාත් වැදගත් වනු නොඅනුමානය.