Tuesday, 3 March 2015

රටක් ගොඩනැගෙන්නේ බටහිරින් එන දේ මත නොවේ - ජනපති

රටක් ගොඩනැගෙන්නේ බටහිරින් එන දේ මත නොව තම සංස්කෘතිය, අතීත උරුමය සහ දේශීයත්ව මත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.


ලෝකයේ දියුණු රටවල් දෙස බැලීමේදී එම සියලු රටවල් ගොඩනැඟී ඇත්තේ තමන්ගේ භාෂාව, අනන්‍යතාවය සහ සංස්කෘතිය මත බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ රටේද භාෂාව, සාහිත්‍ය,සංස්කෘතිය සහ කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම සියලුදෙනාගේ යුතුකම සහ වගකීම බව පැවසීය.



ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 83 වන සංවත්සර උත්සවයට පසුගියදා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී එක් වෙමිනි.



සිංහල කවි සම්මේලනයේ සංවත්සර උත්සවයකට ජනාධිපතිවරයෙකු එක්වූ ප‍්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ඊට එක්වූ අතර සිංහල කවි සම්මේලය වෙනුවෙන් ජනාධිපතිතුමාව මහත් හරසරින් පිළිගැනිණ.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශීයත්වය, අපේකම, අපේ උරුමය රැක ගැනීමට කැපවී ප‍්‍රතිඥා දුන් රජයක් ලෙස අපේ සාහිත්‍යධරයන් මෙන්ම කවියන්ගේ නිර්මාණ ශිලිත්වය වර්ධනය කරමින් ඔවුන් ශක්තිමත් කිරීමට රජයක් ලෙස ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවයි.



අපේ සිංහල භාෂාව, පෞඩත්වය, කීර්තිය සහ ගෞරවය මුළුමහත් ලෝකයට ම කියාපාන ප‍්‍රභල මාධ්‍යයක් වන කවියේ වටිනාකම ඇතැම් අවස්ථාවලදී අපගේ දේශපාලනඥයින් විසින් හඳුනා නොගැනීම හේතුවෙන් කවියට හිමි විය යුතු නිසි තැන හිමි නොවූ බවද ජනාධිපතිතුමා පැවසීය.



එදා ජාතික නිදහස් අරගලයේදී අපේ කවියන් දේශය අවධි කරන්නට සිය පෑන් තුඩ භාවිත කළ අන්දමද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා 56 සමාජ විප්ලවයේදීද කවියන් සිය නිර්මාණශීලිත්වය තුළ මහඟු යුග මෙහවරක් ඉටුකළ බව පැවසීය.



එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදීද සිංහල කවි සම්මේලනය ඇතුළු කවීන් තම නිර්මාණශීලීත්වය ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මාධ්‍යයක් ලෙස යොදා ගනිමින් එම සමාජ පෙරළිය සඳහා තම දායකත්වය ලබාදුන් බව ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.



සිංහල කවි සම්මේලනයේ සාමාජිකයින් විසින් නිර්මාණය කරන ලද කාව්‍ය සංග‍්‍රහයන් රැසක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.



අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කවි සමුළුවේ සභාපති ආචාර්ය පියසේන රතුවිතාන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරණයට සතියකට පෙර තිබූ කුමන්ත්‍රණ සැලැස්ම දැන ගත්තා - අධිකරණ ඇමැති

ජනාධිපතිවරණයට පෙර ආරක්ෂක අංශ විසින් කර තිබූ කුමන්ත්‍රණ සැලැස්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දුන් බවත් එවැනි කුමන්ත්‍රණයක් පැවතී බව ජනාධිපතිවරණයට පැවැත්වූ දිනට සතියකට පෙර දැන ගැනීමට හැකි වූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මැග්නා කාර්ටා ගිවිසුමට වසර 800ක් පිරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති ජාත්‍යන්තර නීති සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව අමාත්‍යවරයා ලන්ඩනයේදී බීබීසී සංදේශයේ සම්මුඛ සාකඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා අදාළ හමුදාවලට ලිඛිතව දැනුම් දුන් බවත් ඒ වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර බරපතල කරුණුක් නිසා පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත කටයුතු කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය රජය සමයේ සිදු වූවා යැයි කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව, නිසි ක්‍රම වේදයකට අනුව සොයා බලන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පසුගියා කාලයේ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇත්තේ ටෙන්ඩර් පටිපාටියක් බැහැර විනිවිදභාවයකින් තොරව යැයි ද සඳහන් කළේය.

යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් අලුත් දේශීය පරීක්ෂණයක් පවත්වන්නේ දැයි තවම අවසාන තීරණයකට පැමිණ නැති බවත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නගමින්, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාකිරීමට සිය රජයේ ප්‍රධානතම අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Monday, 2 March 2015

What happened? Rejinold Kure


උමා ඔය ව්‍යාපෘතිය නිසා HIV ආසාධිතයින් ඇතිවෙයි.


කරදගොල්ල ගම්මානයේ සමාජ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව ඇල්ල ප්‍රදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී බන්දුල කරුණාරත්න මහතා සඳහන් කර ඇති බවට වාර්ථාවේ.
මේ අතර HIVආසාධිත පුද්ගලයින් සිටින බවත් මෙම වර්ධනයට හේතුව උමා ඔය ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණ තිබෙන ඉරාන ජාතිකයින් සමග එම ගම්මානයේ කාන්තාවන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එම ගම්මානයේ වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙලීම හේතුවෙන් මෙම ක්‍රියාවට යොමු වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ මේ පිළිබඳ තොරතුරු දන්නා නමුත් ඒවා ප්‍රසිද්ධ නොකරන බවත් තමා මේ හෙළිකළ කරුණු ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන ඒවා බවත් ඇල්ල ප්‍රදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී බන්දුල කරුණාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කර ඇති බවට වාර්ථාවේ.

ටොයියො ටොයියො වලි

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව රාජගිරිය ඔබේසේකර පුර - නානායක්කාර මාවතේ පිහිටි ක්‍රිඩාභූමිය වසා දමා එහි වෙනත් ඉදිකිරීම් සිදු කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. 
ඒ අතරතුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම ස්ථානයට පැමිණ ගැටලුවට විසදුමක් ලබාදුන් අතර, පසුව එම ස්ථානයට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද එම ස්ථානයට පැමිණියා.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි සදහන් කළේ මෙම ගැටලුව තමන්ගේ ආසනයට අයත් ගැටලුවක් බවයි.


Sunday, 1 March 2015

"ජනාධිපතිතුමනි, දුෂ්කරම‍ දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගාණක් දුම් බිම්මා. තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්න දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චනවා

දූෂිතයින් බවට නම් කෙරුණු බොහෝ දේශපාලනඥයින් තමන්ට එරෙහිව චෝදනා ඇත් නම් ඒවා විභාග කරන ලෙස ඉල්ලා සිටින තත්ත්වයක් මේ වන විට මතුව තිබේ.
එවැනි තත්වයක් මතුවූයේ ඇයි ? - ඒ සම්බන්ධයෙන් සිදු කළ විමසුමක්…!!
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසන්නේ, මේ වන විට සියලු දේ එකම තැනක පල්වෙමින් පවතින බව ය.
"ජනාධිපතිතුමනි, දුෂ්කරම‍ දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගාණක් දුම් බිම්මා. තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්න දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චනවා
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ, දූෂණ අක්‍රමිකතා සිදු කර ඇති පුද්ගලයින්ට එරෙහි පරීක්ෂණවල වේගය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගී ඇති බව ය.
"මේ සියල්ල දිහා බැලුවාම අපිට පේනවා අපි ඉදිරියේ තියෙන අභියෝගයේ විශාලත්වය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අදහස වී ඇත්තේ, දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ කිහිප දෙනෙකුට හෝ එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ය.
"අඩුගානේ කීප දෙනෙකුට හරි අධිකරණ ක්‍රියාමාර්ගයක් පටන් අරන් ඔවුන්ට ඒ දඩුවම ලබාදෙන්න ඕන මොකද මේක අපි දඩුවමක් දෙන්න බැරිනම් මෙවරත් ඒක වැරදු පූර්වා දර්ශයක්. ප්‍රධන පක්ෂ දෙකේම දේශපාලන නායකයෝ ගණන් හදනවා මේ දඩුවම් දීමේදි තමන්ට වාසිද අවාසි ද කියලා.

එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා.
"දේශපාලනඥයින්, රජයේ නිලධාරීන්ට එරෙහිව පමණක් නොව මහා පරිමාණ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ටත් එරෙහිවත් පියවර ගත යුතුව ඇති බව ය.
ජනතා විමුක්ති පෙරමුණ ද අද පැවති මාධ්‍ය හමුවකදී දූෂිතයන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ආණ්ඩුවට විවේච එල්ල කළේ ය.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, වංචා දූෂණවලට සම්බන්ධ බොහෝ පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටින බව ය.


ජාතික ආණ්‌ඩු සභාග ආණ්‌ඩු සියල්ල පරදා මහ මැතිවරණය යළිත් කරලියට



දින සියය දවසින් දවස ගෙවී යමින් රටේ ජනතාව තුළ බලාපොරොත්තු ඉහළ දැමූ තවත් සතියක්‌ ගෙවී ගියේය. දින සියය තුළ රටේ ඇතිකරනවා යෑයි කියූ වෙනස්‌කම් හා ව්‍යවස්‌ථා සංශෝධන සිදුවනවා දැයි විමසමින් සොයමින් බලමින් විවරණය කරමින් හා පසසමින් රටේ ජනතාව කාලය ගෙවා දැමුවේ උණුසුම් දේශපාලන සිද්ධි සිදුවීම් ද සමුදායක්‌ අතරය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රජය ක්‍රියාත්මක වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්යභාරය ඒ තුළ සෑම පැත්තෙන්ම කැපී පෙනෙන්නට වූයේ ඔහු මෑතක සිට ඉතා ක්‍රියාශීලීව සිටිමින් විවෘතව අදහස්‌ පළකරමින් එක්‌තරා අන්දමක විචාරශීලී පිළිවෙතක සිට කටයුතු කරන්නට පටන්ගෙන සිටි නිසාය. ඔහුගේ විවෘත හා වේගවත් අදහස්‌ දැක්‌වීම් වෙනදාට වඩා ශක්‌තිමත් වී තිබුණා සේම ප්‍රබල වී තිබෙන බව ද පෙනෙන්නට විය.

එක්‌සත් ජාතික පක්‍ෂය රජයේ ලොකුම හිමිකාරීත්වය දරමින් කටයුතු කරන බව අගමැතිවරයාට අමතරව සෙසු ඇමැතිකාරකාදීන්ගේ වැඩ කටයුතුවලින් මෙන්ම අදහස්‌ දැක්‌වීම්වලින් ද ගම්‍ය වන්නට වී තිබීම තුළ රටේ ජනතාව එක්‌තරා විචිකිච්ඡාවක පසුවන බව පෙනෙන්නට තිබුණෙත් දින සියය පිළිබඳ බලාපොරොත්තු ඒ විචිකිච්ඡාව සමනය කළ බව දැනගන්නට ලැබිණ. කෙසේ වෙතත් ආණ්‌ඩුවේත් විපක්‍ෂයේත් සෙසු පක්‍ෂවලත් ක්‍රියාශීලිත්වය නම් දෙගුණ තෙගුණ වී ඇති බව පැහැදිලි විය.

මේ අතර දින සියයට පසු එළඹෙන කාලවකවානුව පිළිබඳ විවේචනාත්මක අදහස්‌ ද සමාජය පුරා පැතිර යන්නට වැඩි කලක්‌ ගතවූයේ නැත. සමහර අදහස්‌වලින් කියවුණේ එජාපයත් ශ්‍රීලනිපයත් එකතු වී මහ මැතිවරණයක්‌ පවත්වනවා වෙනුවට ජාතික ආණ්‌ඩුවකට ගෙනයැමට පිඹුරුපත් සකසමින් සිටින බවය. ඒ සඳහා සහභාගිවීමට ශ්‍රීලනිපයේත් ලොකු එකඟත්වයක්‌ ඇති බවට කතා පැතිර යන්නට විය.

මේ කතාබහට ද රටේ නොයෙක්‌ ප්‍රතිචාර පැතිර යන්නට පටන් ගත්තේය. ජනතා විමුක්‌ති පෙරමුණ ඊට විවෘතවම විරෝධය පළකරමින් කීවේ ජාතික ආණ්‌ඩු සභාග ආණ්‌ඩු මොනවා කියන්නත් පෙර අප්‍රේල් මාසයේ නියමිත කාලවකවානු පිරීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක්‌ පැවැත්විය යුතු බවය. මේ තර්ක විතර්ක පසුගිය සතිය තුළ සමාජයේ වේගයෙන් පැතිර යමින් තිබියදී පක්‍ෂ අභ්‍යන්තරයේ ද ලොකු ලොකු පෙරළි සිදුවෙමින් තිබූ බව කිවමනාය.

ශ්‍රීලනිපයේ අතු ඉති හා මල් මුල්


මේ දිනවල අපේ රටේ දේශපාලනය ගැන කතා කරන විට වැඩිපුරම කතා කරන්නට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ දේශපාලනය ගැනය. ඊට හේතු දේශපාලන ක්‍රියාකාරකම් බහුලවම ඇත්තේ මේ දිනවල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිසාය. ඊට හේතු ද ගණනාවකි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ශ්ව ගණනාවක්‌ මේ දිනවල වෙන වෙනමම ක්‍රියාත්මක වෙමින් දේශපාලනය තුළ සක්‍රීයව සිටීම මෙහිදී පළමුව මුණගැසෙන හේතුවයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යනු කුමක්‌ද කියා තේරුම් බේරුම් කර ගැනීමට නොහැකිව පාක්‍ෂිකයා විපිලිසරව බලා සිටිතියි කීවාට වරදක්‌ ද නැත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වරලත් හා බලයලත් පළමු පාර්ශ්වය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතුව පක්‍ෂ මූලස්‌ථානයේ ක්‍රියාත්මකව ඇති කණ්‌ඩායමයි. ඒ කණ්‌ඩායම තුළ විපක්‍ෂ නායක නිමල් සිරිපාල, මහ ලේකම් අනුර ප්‍රියදර්ශන, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය රාජිත, අමාත්‍ය දුමින්ද, හිටපු අමාත්‍ය ජනක, හිටපු අමාත්‍ය නාවින්න, හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇතුළු විශාල පිරිසක්‌ සිටිනවා යෑයි කීවාට වරදක්‌ නැත.

මේ සියලු දෙනා ක්‍රියාකාරී ලෙස සහය දෙමින් සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දින සියයේ වැඩසටහන සාර්ථක කරගෙන ඔහුගේ අභිමතය පරිදි පක්‍ෂයේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමටය.

ඒ හැරුණු විට ශ්‍රීලනිපයේ තවත් පදාසයක්‌ කේන්ද්‍රගතව සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටය. මැදමුලන රාජපක්‍ෂ නිවස කේන්ද්‍ර කරගෙන හා කොළඹ කථානායක නිල නිවස කේන්ද්‍රගතව රැස්‌වෙමින් බලය පතුරුවා හරිමින් දේශපාලන ලෝකයේ සක්‍රීයව කටයුතු කළ මේ පිරිස කටයුතු කළේ නිහඬවය. අදහස්‌ ප්‍රකාශනයට යනවාට වඩා නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටි මේ කණ්‌ඩායම විශේෂයෙන් බලා සිටියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තම පාර්ශ්වයේ නායකයාට ඇති පිළිගැනීම කුමක්‌දැයි දැන ගැනීමටය. අනාගතය ගැන අදහස්‌ කියනවාට වඩා සිදුවන දේ දරාගෙන බලාගෙන ඉවසිලිවන්තව සිටීම මේ පාර්ශ්වයේ ඇති විශේෂත්වයයි.

මේ අතරතුර පළාත් සභා මහ ඇමැතිවරු හරහා කේන්ද්‍රගත වූ පිරිසක්‌ ද ශ්‍රීලනිපයේ පළාත් හා ප්‍රාදේශීය තලයේ ක්‍රියාකාරීව සිsටියහ. මේ පිරිස නිතර ඒකරාශී වූ තැන වූයේ බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ නිල නිවසයි. ප්‍රසන්න, දයාසිරි, ශාන් විජයලාල්, මහීපාල, පේෂල, සරත් ඒකනායක ආදී නායකයන්ගෙන් සැදුම්ලත් මේ බලවේගයන්ට අවශ්‍ය වූයේ හිටපු ජනාධිපතිවරු දෙදෙනා හා වත්මන් ජනාධිපති කෙසේ හෝ එක තැනකට ගෙනැවිත් ශ්‍රීලනිපය ශක්‌තිමත් කොට අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ රජයක්‌ පිහිටුවීමයි. මේ සඳහා හැකි හැම උත්සාහයක්‌ම දැරූ මේ මහ ඇමැතිවරු එය සාර්ථක කරගත නොහැකිව විපිලිසර වෙද්දී බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග උත්සාහය අත්නොහැර දිගින් දිගටම සටන් වැදීම ද පසුගිය සතියේ කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ විය.

තවත් පැත්තකින් මේ සඳහා යෝජනා වූයේ එක්‌සත් ජාතික පක්‍ෂ රජය පෙරළා දැමීමට හිටපු ජනාධිපති මහින්ද කරළියට ගෙන ආ යුතු බවය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ ද එම අදහස නොවලහා කියන හිටපු ඇමැතිවරු වෙන වෙනම ඒ සඳහා සටනක්‌ ගෙන යන්නට වූහ. විශේෂයෙන්ම කුමාර වෙල්ගම වැන්නවුන් එම අරමුණ වෙනුවෙන් තනිව කළ සටන හා අදහස්‌ දැක්‌වීම් ද පසුගිය සතියේ කැපී පෙනිණි.

රවීගේ සල්ලි මල්ලට කරුගෙන් පැසසුමක්‌


කරු පසුගිය සිකුරාදා මහනුවරට ගියේ මධ්‍යම පළාත් සභාවේ විශේෂ සම්බන්ධීකරණ රැස්‌වීමට සහභාගිවීම සඳහාය. මේ රැස්‌වීම තිබුණේ මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශාලා සංකීර්ණයේය.

එහිදී ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හා අභිනව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරිනී සුරංගනී එල්ලාවල විසින් පළාත් සභා විෂය භාර අමාත්‍යවරයාව පිළිගනු ලැබීය.

සුරංගනී එල්ලාවල මෙහිදී විශේෂ කතාවක්‌ කරමින් කරු ජයසූරිය අමාත්‍යවරයාව පිළිගත්තේ විශේෂ පැසසුමක්‌ ද කරමිනි. ඕ කීවේ මේ දේශපාලන ජීවිතයේදී දුටු විශිෂ්ට ගණයේ නායකයකු ලෙස තමන් කරු ජයසූරිය මහතාව සලකන බවය. මේ රැස්‌වීම නිමකරමින් වැඩි වේලා නොගෙනම කරු කොළඹ බලා පැමිණියේ කොටා පාර ශ්‍රී ජයවර්ධනාරාම විහාරාධිපති දේවහන්දියේ පඤ්Æසේකර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දින උත්සවය වෙනුවෙන් පවත්වන ආශිර්වාද පූජෝත්සවයට කෙසේ හෝ සහභාගි වන්නට අවශ්‍යව තිබූ නිසාය.

සති අන්තයේ කරු ජයසූරිය ඇමැතිවරයා කොළඹ සිනමන් ලේක්‌ හෝටලයේ පැවැති වරලත් නාවික නියෝජිතයන්ගේ සම්මාන ප්‍රදානෝත්සවයකට ද සහභාගි වූයේ ප්‍රධාන ආරාධිතයකු ලෙසය. ඊට තවත් අමාත්‍යවරයකු පැමිණ සිටියේය. හේ රවී කරුණානායකයි. රවී පැමිණ සිටියේ සිය ඇමරිකානු සංචාරය නිම කිරීමෙන් පසුව වීම නිසා කරු ඔහුට පොඩි විහිළුවක්‌ ද කරන්නට අමතක නොකළේය.

රවී ආවේ ඇමරිකාවේ ඉඳල නේ. දැන් අපිට බයක්‌ නැහැ. රවී වොෂින්ටන් ඉඳල අරන් ආපු ලොකු සල්ලි මල්ල නිසා මේ රටේ හුඟක්‌ ප්‍රශ්න අපිට විසඳගන්න පුළුවන් වේවි. බඩු මිලත් දැන් සෑහෙන්න අඩු කරල තියෙන නිසා මේ ආණ්‌ඩුවේ මැන් ඔµa ද මැච් ඉතින් රවීට තමයි...

රවී ඊට කරුට සුපුරුදු සිනහවෙන් යුතුව මුව නොසෑහෙන සේ ස්‌තුති කළේය.

සාමාන්‍යයෙන් නම් අයවැයක්‌ ලංවූ විට මුදල් ඇමැතිවරයා ලෝකයේ බලවත් රටවල් කිහිපයකට ගොස්‌ ආයෝජන හා මුදල් ප්‍රතිපාදන එක්‌කාසු කරගෙන ඒම අපේ පැරණි සිරිතයි. එම සිරිත අකුරටම ක්‍රියාත්මක කළ මුදල් ඇමැතිවරයකු ලෙස සැලකුණේ හිටපු අමාත්‍ය රොනී ද මැල්ය. රොනීගේ මේ පැරණි ක්‍රමවේදයේ අගය රවී ද හොඳින් දැන සිටියේය. රවී ඉතා ගරු කරන මුදල් ඇමැතිවරයකු වන රොනීව හමුවන්නට පසුගිය සතියේ යැම දේශපාලන ලෝකයේ කතාබහට ලක්‌ වූ තවත් විශේෂ සිද්ධියක්‌ විය.

ශ්‍රීලනිප වැඩමුළුවේ වෙල්ගම ඩිලාන් ගැටුමක්‌


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සමගිය සමාදානය හා සංහිඳියාව ඇති කිරීමේ අරමුණ ඇතිව පුළුල් සංවාදයක්‌ සහිත වැඩමුළුවක්‌ පැවැත්විය යුතු යෑයි යෝජනාව පැමිණියේ මීට සති කිsහිපයකට පෙර සිටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ පිළිබඳ සිය උපදේශකයන් හා හිතවතුන් සමඟ සාකච්ඡා කරද්දී එම කටයුත්ත ඉතා ක්‍රමවත්ව කරන්නට වගකීම් බාරගත්තේ වත්මන් ශ්‍රී ලංකා පදනමේ සභාපති මලිත් ජයතිලකයි. මලිත් සමඟ ඩිලාන් පෙරේරා හිටපු ඇමැතිවරයා ද මේ කටයුත්තට ලොකු උනන්දුවකින් කටයුතු කළ අතර තවත් වෘත්තීයවේදීන් කිහිපදෙනකුගේ ද උපදෙස්‌ ලැබිණි.

ඉකුත් 21, 22 දෙදින තුළ මේ වැඩමුළුව පවත්වන්නට යොදාගැනුණේ කටුනායක µqල්මූන් හෝටලයයි. එම හෝටලය කලක්‌ සැලකුණේ අමාත්‍ය ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේගේ හෝටලයක්‌ ලෙසයි. එහෙත් එය ජෙයරාඡ්ගේ හිතවතකු වූ ධනේෂ් නම් අයකුගේ විය. පසු කලෙක ධනේෂ් ඩිලාන් මන්ත්‍රීවරයාගේ ගජ මිතුරකු විය. එම නිසා එම නිස්‌කලංක ස්‌ථානය මේ වැඩමුළුව සඳහා යොදාගැනීමට වඩාත් පහසු විය.

මෙම වැඩමුළුවට මන්ත්‍රීවරු පැමිණිය යුතුව තිබුණේ සෙනසුරාදා හවස 3.00 ටය. එදින සවස 3.00 වන විට මන්ත්‍රීවරු 72 ක්‌ම පැමිණ සිටියහ. වැඩමුළුවේ සම්පත් දායකයන් ලෙස පැමිණ සිටියේ ආචාර්ය ජගත් වැල්ලවත්ත, අශෝක අබේගුණවර්ධන, මලිත් ජයතිලක, මහින්ද රාමනායක, බනුර ජයතිලක ආදී පිරිසකි.

මෙම වැඩමුළුවේදී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කළ කරුණු වූයේ ජාතික ආණ්‌ඩු සංකල්පය, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා අනාගත මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම යනාදියයි.

කෙසේ වෙතත් මේ වැඩමුළුව මන්ත්‍රීවරුන්ගේ හිත් නොහඳකම හා දුරාවබෝධයන් දුරුකර ගැනීමට කදිම අවස්‌ථාවක්‌ව තිබිණ. සමහර අය ඡන්දයෙන් පසු එකිනෙකා හමුවූයේ ද මෙහිදීය. එකිනෙකා කතාබහ කරමින් තර්ක විතර්ක කරමින් අදහස්‌ හුවමාරු කර ගනිමින් එකඟවිය යුතු තැන්වලට එකඟ වන්නටත් තර්ක කළ යුතු තැන්වලදී තර්¨ක කරන්නටත් අඩු පාඩු හදාගන්නටත් අවස්‌ථාවක්‌ කරගත යුතු බව දේශකයෝ කියා සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වැඩමුළුවට ආවේ සවස 6.30 ට පමණය. ඒ මොහොතේ සභාව අමතා දේශනය කරමින් සිටියේ බනුර ජයතිලකයි. ඔහුගේ දේශනය තරමක්‌ ප්‍රශ්නකාරී වූයේ සමහර මන්ත්‍රීවරු ඔහුගේ අදහස්‌ එකඟ නොවූ නිසාය.

"අපි මේ මැතිවරණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය වන බව කලින් දැනගත්තා. අපි කලින්ම එතුමට කිව්ව. එයා ඒක ගණන් ගත්තේ නැහැ. අපේ අනතුරු හැඟවීම් ගණන් නොගෙන වැඩ කරපු නිසා එයා පරාද වුණා. නමුත් වැරදි හදාගත්තේ නෑ."

මේ අයුරින් බනුර කතා කළේම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අඩුපාඩු හා දුර්වලතා පෙන්නුම් කරමිනි. ඉදිරි මැතිවරණයේදී වුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජයග්‍රහණය සඳහා ඉඩකඩක්‌ නැතැයි ඔහු දේශනයේදී පෙන්වා දෙන්නට උත්සාහ කළේ ඔය අතරය. එහෙත් එතන සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඒ අදහසට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

අපි මේ ඇවිල්ල ඉන්නෙ පරාද වන හැටි දේශන අහන්න නෙවෙයි. පරාජය වළක්‌වල ජයග්‍රහණය ලබන්නෙ කොහොමද කියන එක ගැන කතා කරගන්නයි. ඔයගොල්ල ඔය කරන්නෙ අපේ පක්‍ෂයෙ ශක්‌තිමත් කරන එක නොවෙයි. දුර්වල කරන එක. ඒකට ඉඩ දෙන්න බැහැ.

මේ මොහොතේ දේශකයා වෙනුවෙන් කතා කළේ ඩිලාන් පෙරේරාය. හිටපු ඇමැතිතුමා පොඩ්ඩක්‌ අහන් ඉන්න. ඉවසන්න පුරුදු වෙන්න. ඩිලාන් කීවේය.

එහෙත් කුමාර වෙල්ගම සිය අදහස්‌ දිගටම කියා සිටියේය. මෙබඳු සාකච්ඡාවලදී කළ යුත්තේ පක්‍ෂය පාගා දැමීම නොව නඟාසිටුවීම බව ඔහු පෙන්වා දුන්නේය. අපට ඕන අපි දිනන විදිහක්‌ ගැන කතා කරන්න.

හරි ඉතින් දිනන්න පුළුවන් තත්ත්වයක්‌ තියෙන්න එපාය. එහෙම තත්ත්වයක්‌ තවම නෑ.

මම කියන්නෙ ගමේ මිනිස්‌සුන්ගෙ අදහස්‌. අපිට ඕන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙ ආණ්‌ඩුවක්‌. ගමේ මිනිහ ඉල්ලන්නෙ ඒ සඳහා වැඩපිළිවෙළක්‌. වෙල්ගම කීවේය.

ඔබතුමා ඔය නුගේගොඩ බලයට ගිහිල්ල එතන පාට්‌ මෙතන දාන්න එන්න එපා. කට්‌ටියක්‌ දඟලන්නෙ අපේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කරන්න. කියමින් ඩිලාන් කුමාර වෙල්ගමට අභියෝග කළේය.

කවුද පක්‍ෂය කඩන්න හදන්නෙ කියල මගෙන් අහගන්න එපා. අපි දන්නව තමුන්නාන්සේගෙ තාත්තා මාෂල් පෙරේරා සබරගමුවෙ ආණ්‌ඩුකාරය වෙච්ච හැටි. මගේ කට අවුස්‌සගන්න එපා.

මේ සංවාදය එතනින් එහාට ඇදී ගියේ නැත. ඩිලාන් තරමක්‌ සන්සුන්ව ඊළඟ පියවර සඳහා ඉඩ දුන් අතර මෙබඳු වැඩමුළුවලින් පක්‍ෂයට පලක්‌ නැතැයි කියමින් කුමාර වෙල්ගම ද එතනින් පිටව ගියේය.

එතනින් පසුව සාකච්ඡාව තරමක්‌ ලිහිල් පැත්තට බර විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊළඟට කතා කරන්නට විය. ඔහු කළේ පක්‍ෂය පිළිබඳ හොඳ විග්‍රහයකි. සාරගර්භ කතාවකි. තමන්ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අයිතිය ලබාගැනීමට ආසාවක්‌ ඇති නොවූ බව කියමින් ඔහු කීවේ එය තමන් වෙත පැමිණි තනතුරක්‌ බවයි. ඒ වෙනුවෙන් මහන්සි නොවූ බවත් ඔහු කීවේය. එහෙත් දැන් මේ පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුත්තේ අපි සැවොම එක්‌වී බව ඔහු අවධාරණය කළේය.

ඊළඟට පක්‍ෂය ඇතුළේ තිබෙන අර්බුද ගැන ද මෛත්‍රීපාල ජනාධිපතිවරයා කතා කළේය.


ඇයි අර නුගේගොඩ රැස්‌වීමට පක්‍ෂයෙ කට්‌ටියකට යන්න දුන්නෙ. ඒක වැරදියි. අපි මධ්‍යම කාරක සභාවෙදි තීන්දුවක්‌ ගත්ත නේ ඒකට යන්නෙ නැහැ කියල.

මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා කළේ අනුර ප්‍රියදර්ශන හා සුසිල් ප්‍රේමජයන්ත දෙස බලමිනි.

අනුර හා සුසිල් ඊට උත්තර දුන්නේ නැත. සිනාසුණා පමණි. ඒ මොහොතේ මෛත්‍රීපාල කීවේ අපේ ලේකම්තුමයි ජාතික සංවිධායකතුමයි තවමත් හිටපු ජනාධිපතිවරයාට බයයි වගේ.... කියාය.

එදා රාත්‍රියේ වැඩමුළුව තවදුරටත් ඇදී නොගියේ රාත්‍රී සාදයක්‌ ද සූදානම් කර තිබූ නිසාය. එය කෑමෙන් හා බීමෙන් පිරි ඉතා වර්ණවත් රාත්‍රි ආහාර වේලක්‌ ලෙස ගෙවී ගියේය.

ඩිලාන්ටත් මල් සහ ගල්

පසුවදා උදෙන්ම නැවතත් වැඩමුළුව ආරම්භ කෙරිණි. උදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරු අමතන්නට පැමිණ සිටියේය. එදා ඔහු කතා කළේ ජාතික ආණ්‌ඩුවක්‌ ගැනය. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ආදිය ගැන ද ඔහු කතා කළේය.

මෙම දින 100 වැඩපිළිවෙළ තමන්ගේ යෝජනාවක්‌ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය සාර්ථක කර දීමට එජාපය සේම ශ්‍රීලනිපයත් කැපවිය යුතු බව පෙන්වා දුන්නේය. ඒ අතර රට ඉදිරියට ගෙන යැමේ වැඩසටහන මේ දින 100 තුළ සාර්ථක කර ගැනීම අසීරු නම් ඉන් ඉදිරියට ද ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කිරීම දෙපිරිසම වගකීම් දරමින් රට හමුවේ හොඳ පාලනයක්‌ පෙන්විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ අයුරින් වැඩමුළුව එදින හවස ඉතා සාර්ථකව අවසන් විය. මෙබඳු වැඩමුළුවක්‌ තුළින් පක්‍ෂයේ මන්ත්‍රීවරු අතර තිබූ දුරාවබෝධයන් හා නොගැලපීම් දුරුව යන බව හා අලුත් විශ්වාසයක්‌ මෙන්ම එකට එක්‌වී වැඩ කිරීමට හැකියාවක්‌ ඇති වන බව මන්ත්‍රීවරු කීහ.

මේ වැඩමුළුව සංවිධානය කිරීම ගැන හුඟදෙනෙක්‌ ඩිලාන් මන්ත්‍රීවරයාට තුති පුද කළහ. ඔවුහු කීවේ ඩිලාන් ඉතා මැනවින් සියල්ල සංවිධානය කර සැලසුම් කර තිබූ බවය. මන්ත්‍රීවරු අතර සුහදතාවය, හොඳ හිත ඇතිවූවා පමණක්‌ නොව මෙතෙක්‌ දිනක්‌ තිබූ සැකයන් හා විචිකිච්ඡාවන් ද පහකර ගැනීමට තමන්ට හැකිවිණැයි ඇතැමකු පැවසූහ.

එහෙත් ඩිලාන්ගේ ව්‍යායාමය විවේචනය කළ අය ද නොසිටියාම නොවේ. මේ වැඩමුළුව තනිකරම ශිරාල් ලක්‌තිලකලාගේ රාජ්‍ය නොවන සංවිධාන හරහා ශ්‍රීලනිපය දුර්මුඛ කරවීමට ඇටවූ උගුලක්‌ බව ඔවුහු කීහ. මෙය තුළ අනාගත යූඇන්පී රජයක හෝ අනාගත සභාග රජයක සෙවනැල්ල මිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජයග්‍රහණයක්‌ දක්‌නට නැතැයි කියමින් ලොකු විවේචනයක්‌ සපයමින් විසිර ගිය කිහිපදෙනකු ද එහි සිටියහ.

ශෂී දේශපාලනයට ගෙනෙන මෙහෙයුමක්‌ ඇරඹිලා

පසුගිය සතියේ රටේ දේශපාලන කතිකාවේ තවත් කැපී පෙනෙන මාතෘකාවක්‌ වූයේ ශෂී වීරවංශගේ සිද්ධියයි. මේ සිද්ධිය නිසා පසුගිය සතියේ අපේ රටේ දේශපාලන කතිකාව අමුතුම මුහුණුවරක්‌ ගත්තා යෑයි කිවහොත් නිවැරැදිය. එය සිදුවූයේ මෙසේය.

නුගේගොඩ නගරයට මහත් සෙනඟක්‌ එක්‌රැස්‌ කරමින් විමල් වීරවංශලා, දිනේෂ් ගුණවර්ධනලා, වාසුලා, උදයලා පවත්වන ලද මහා රැලිය අවසානයේ සියල්ලෝම විසිර යද්දී බත්තරමුල්ලේ විමල් වීරවංශගේ ගෙදර විශේෂ සිද්ධියක්‌ සිදුවෙමින් තිබිණ. එදා ඒ ගෙදරට තලංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක්‌ පැමිණ ශෂී වීරවංශ කියන්නේ කවුදැයි අසා සිටියහ. ඒ මොහොතේ විමල් සිටියේ නැත. සිටියේ ශෂී සහ දරු දෙදෙනාය. ශෂී තමන් බව කී විට නිලධාරීන් දෙදෙනා ඇයට එක්‌තරා වරෙන්තුවක්‌ ලිතව භාරදුන්නේය.

එහි තිබුණේ කූඨ ලේඛන සෑදීම හා ළඟ තබාගැනීම සම්බන්ධ චෝදනාවකට පිළිතුරු දීමට ශෂී වීරවංශ මහත්මියට කොළඹ අපරාධ කොට්‌ඨාසයට පැමිණ උදේ 11.00 ට කටඋත්තරයක්‌ ලබාදෙන ලෙසයි.

මේ ආරංචියත් සමඟ විමල් වීරවංශ ද කලබල විය. ශෂීට මෙය දරා ගත නොහැකි වියවුලක්‌ විය. ඇයට මානසික ආතතිය ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදුවිය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ ඇයට එදින රාත්‍රියේම ප්‍රතිකාර ගන්නට වෛද්‍යවරයකු සොයා යන්නට සිදුවීමයි.

මේ නිසා ඇයට 19 වැනිදා උදේ අපරාධ කොට්‌ඨාසයට ගොස්‌ කටඋත්තරයක්‌ ලබාදීමට නොහැකි විය. ඒ සඳහා නීතිඥයකු මාර්ගයෙන් ලිපියක්‌ යෑවීමට විමල් පාර්ශ්වය වගබලා ගත්තේය.

ඒ අතර ශෂීව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නතර කරන්නට විමල් පාර්ශ්වය කටයුතු කළේ ඇයට තිබූ රෝගාබාධ තත්ත්වය උත්සන්න වූ නිසාය. පොලිසියට යවන ලද ලිපියේ ඇය නතරව සිටින රෝහලේ කාමර අංකය පවා ලියා යවන්නට විමල් පාර්ශ්වය කටයුතු කළේ කටඋත්තරයක්‌ ගැනීමට අවශ්‍ය නම් එහි පැමිණීමට පහසු වන ලෙසය.

මේ අයුරින් දවසක්‌ ගෙවී ගියේය. 22 වැනිදා උසාවි වරෙන්තුවක්‌ ද සහිතව මාලබේ රෝහලට ගිය රහස්‌ පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නට කටයුතු කළේය. එහෙත් ඇය අත්අඩංගුවට ගන්නට නියෝගයක්‌ නොතිබිණි. මහෙස්‌ත්‍රාත්වරයා කීවේ ඒ සඳහා වරෙන්තුවක්‌ නැතිව වුව රහස්‌ පොලිසියට බලය තිබෙන බවයි.

පහුවදා (22 දා) රහස්‌ පොලිසිය ශෂී වීරවංශ හමුවන්නට මාලඹේ රෝහලට ගියේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු ද සමඟය. වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඇයගෙන් කටඋත්තරයක්‌ ගත හැකි බවය. පොලිසියට අවශ්‍ය වූයේ ඇයව බන්ධනාගාරගත කිරීම සඳහා රැගෙන යැමය. එහෙත් ඊට රෝහලෙන් ඉඩකඩ නොලැබුණේ වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම නිසාය. පපුවේ අමාරුවක්‌ හා මානසික ආතතියත් සමඟ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙන බැවින් වෛද්‍යවරු ඒ තත්ත්වය ප්‍රතික්‍ෂේප කර තිබිණි.

කෙසේ වෙතත් රහස්‌ පොලිසිය අතහැරියේ ද නැත. ඊළඟ දිනයේ රහස්‌ පොලිසිය පැමිණ සිටියේ ශෂී වීරවංශ පරීක්‍ෂා කිරීමට අධිකරණ වෛද්‍යවරියක ද සමඟය. 24 වැනිදා හවස ඇගේ නිර්දේශය වූයේ ශෂී බන්ධනාගාරගත කිරීමට සුදුසු තත්ත්වයක පසුවන බවයි. අවශ්‍ය නම් එහිදී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබිය හැකි බව ද ඉහත වෛද්‍යවරියගේ නිර්දේශය විය. එම නිර්දේශය මත ශෂීව බන්ධනාගාර රෝහල වෙත ගෙන යනු ලැබීය.

මේ අයුරින් දිගින් දිගටම ශෂීගේ සිද්ධිය දික්‌ගැසී ගියේය. විමල් මේ නිසා යම් විස්‌සෝපයකට පත්ව සිටියත් එය පිටත නොපෙන්වා ශක්‌තිමත්ව කටයුතු කරන්නට තරම් ධෛර්යවත් විය. විමල්ගේ දරු දෙදෙනා ද සංවේදී මුත් ශක්‌තිමත්ව දරාගන්නට තරම් හැකියාවක්‌ පෙන්නුම් කළහ.

සියල්ල අවසන් වූයේ 27 වැනි සිකුරාදා ඇයට ඇප මත නිදහස ලබා එළියට යන්නට ඉඩකඩ සැලසීමත් සමඟය. එහෙත් පරීක්‍ෂණවල ඉවරයක්‌ නොවීය. ඇයට පමණක්‌ නොව විමල් වීරවංශට ද පසුගිය සතියේ රහස්‌ පොලිසියට යන්නට සිදුවූයේ 2011 දී කරන ලද පැමිණිල්ලකට උත්තර බඳින්නටය. මේ අයුරින් වීරවංශ පවුලට විඳින්නට සිදු වූ කරදර නම් පසුගිය සතියේ බොහෝමයක්‌ තිබිණි.

මෙම සිද්ධි දාමය ඇතැමුන්ගේ සතුටට හේතුවක්‌ වුවත් තවත් අයගේ විමතියට ද හේතුවක්‌ වී තිබිණි. රජයේම ප්‍රබල ඇමැතිවරයකු වූ රාජිත සේනාරත්න පවා මේ සිදුවීම් දාමය විවේචනය කරමින් කීවේ කූඨ ලේඛන සෑදීම බඳු වරදකට ශෂී වීරවංශ මේ අයුරින් අපහසුතාවට පත්කිරීමෙන් ඔවුනට අනවශ්‍ය වටිනාකමක්‌ මෙන්ම මහජන අනුකම්පාවක්‌ හිමිවන බවය. ඔහුගේ වචනවලින්ම කියන්නේ නම් "අපරාධ කරපු තෝරු මෝරු තාමත් නිදැල්ලෙ ඉන්නවා. මේ රහස්‌ පොලිසියේ උදවිය ඒ අය ගැන තවමත් පියවර අරන් නෑ. ඒ වුණාට මේ වගේ කොහෙවත් ඉන්න ලාග්ගෙක්‌ හාල්මැස්‌සෙක්‌ අල්ලන් සෙල්ලම් දානවා." මේවාට වඩා කරන්නට දේවල් තිබෙන බව ඔහු දැඩි සේ කියා සිටියේය.

සමහරු මේ තත්ත්වය විග්‍රහ කළේ මෙම සිදුවීම් ජාලය තුළ ශෂී වීරවංශට දේශපාලනයට පිවිසෙන්නට ද ඉඩකඩක්‌ විවර වූ බව කියමිනි. ඇයට තව ටිකක්‌ වද දුන්නේ නම් තව ටිකක්‌ ප්‍රශ්න කරන්නට වෙහෙස කරවූයේ නම් නිසැකවම ඊළඟ මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුරයක්‌ ජයග්‍රහණය කිරීමට පවා සුදුසුකමක්‌ සමාජයේ නිර්මාණය වන බවය.

පසුගිය බදාදා හවස ශ්‍රීලනිප මූලස්‌ථානයේ තවත් විශේෂ රැස්‌වීමක්‌ පැවැත්විණි. එසේ රැස්‌ව සිටියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ව්‍යවස්‌ථා සංශෝධන කමිටුවයි. මේ සඳහා විපක්‍ෂ නායක නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, පවිත්‍රා වන්නිආරච්චි, ජෝන් සෙනෙවිරත්න, ප්‍රසන්න රණතුංග, එස්‌. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා ආදීහු පැමිණ සිටියහ. මෙහිදී නිමල් සිරිපාල ප්‍රසන්නව දැක මෙසේ කීවේය.

"ඔයා ප්‍රසන්න අර නුගේගොඩ ගිහිල්ල අපිට පුදුම ප්‍රශ්න ගොඩකට තමයි මුහුණ දෙන්නට සිද්ධවුණේ."

"ඇයි සර් මම කියල නේ ගියේ. ප්‍රශ්නයක්‌ එන්න විදියක්‌ නෑනෙ."

"ඒ වුණාට ප්‍රසන්න ඔය රැස්‌වීම තිබුණෙ පරාජිතයෙක්‌ව ආපහු ගේන්න නේ. එයාව පරාජය කළේ එයාගෙ පවුලෙම අයයි" නිමල් සිරිපාල කීවේය.

මේ නිසා ප්‍රසන්නට තරමක්‌ කේන්ති ගියේය. ඔහු නිමල් සිරිපාලට උත්තර දුන්නේ තරමක්‌ වේගයෙනි.

"සර් එහෙම කතා කරන්න එපා. මහින්ද මහත්තයව පරාද කළේ පවුලෙ අය කියන එක වැරදියි. මොකද එයා ශ්‍රීලනිපයෙ අපේක්‍ෂකයා. පරාද වුණාම අපි පක්‍ෂයක්‌ හැටියටයි වගකීම් දරන්න ඕනෙ. අනිත් එක සර්ට පරාජිතයො ගැන කතා කරන්න කිසිම අයිතියක්‌ නෑ. මොකද සර්රුත් බදුල්ලෙදි දිගටම ආසනේ පරාද වුණා. සර් තමයි හොඳම පරාදිතයා." ප්‍රසන්න කීවේය.

මෙයා නම් මාර කතා තමයි කියන්නෙ. ජෝන් සෙනෙවිරත්න කීවේය.

මම කියන්නෙ මාර කතා නෙවෙයි සර්. සර්ලගෙ මතය එකක්‌. ඒ වුණාට ගමේ මිනිස්‌සු තවම කියන්නෙ වෙනම එකක්‌. ගමේ මිනිස්‌සු කියන්නෙ මහින්ද මහත්තය නැතිව ශ්‍රීලනිපය දිනවන්න බෑ කියල. අපේ පක්‍ෂයේ ඉහළ අය ඒක පිළිගන්නෙ නෑ. ඔන්න ඕකයි මම කියන්නෙ. ඔය තත්ත්වෙ නිසා තමයි මේ ඔක්‌කොම ප්‍රශ්න. කියමින් ප්‍රසන්න තත්ත්වය විග්‍රහ කළේය.

මේ අයුරින් එම සාකච්ඡාව ද අවසන් වූයේ අවශ්‍ය මාතෘකාවන් කතාබහ කර ගැනීමෙන් අනතුරුව ලොකු උණුසුම් වාද විවාද ද කිහිපයක්‌ මැදය.

ප්‍රසන්නව එළවන්නත්
රහසිගත මෙහෙයුමක්‌·


ප්‍රසන්න රණතුංග පසුගිය සති කිහිපය පුරාම අපේ රටේ ජාතික දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක්‌ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ගෙන ගිය සටන නිසාය. ඔහු මහින්දගේ ආගමනය වෙනුවෙන් ලොකු සටනක්‌ කරන අයකු යෑයි කීවොත් බොරුවක්‌ නොවේ.

එහෙත් ශ්‍රීලනිපය තුළ වර්තමානයේ තිබෙන තත්ත්වය මත ප්‍රසන්නව පිළිගත්තේ පක්‍ෂයේ මතයට විකල්ප අදහසක්‌ දරන දෙවන පෙළ නායකයකු ලෙසයි. එම නිසා ප්‍රසන්නට රිදවීමට හැකිදැයි සොයා බලන්නට ද පිරිසක්‌ පිඹුරුපත් සකසමින් සිටියහ.

එයයිගෙ ඔක්‌කොම කෙරුම් ඉවරයි මහ ඇමැතිකමට තට්‌ටු කරන්න පුළුවන් වුණා නම්.... කියමින් ඒ ගැන අදහසක්‌ ඉදිරිපත් කළ ප්‍රබල ඇමැතිවරයකු ද සිටියේය.

එම ඇමැතිවරයා එම කතාව කියා තිබුණේ පසුගිය සතියට පෙර සතියේ සෙනසුරාදා ශ්‍රීලනිප විධායක සභාව තිබූ දා රාත්‍රියේය. එදා බත්තරමුල්ලේදී හිරුණිකාට හා එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධනට බැණ වදිමින් කලබල ඇති කළ පිරිස අතර වැඩිපුරම සිටියේ බස්‌නාහිර පළාත් සභාවේ උදවියය. ඒ නිසා පක්‍ෂය සිතුවේ මෙය තනිකරම ප්‍රසන්නගේ මෙහෙයවීමෙන් සිදු වූ කලබලයක්‌ය කියාය. ප්‍රසන්නට දඬුවමක්‌ දෙන්නට කල්පනා කළේ එහෙයිනි.

ප්‍රසන්න මහ ඇමැතිකමෙන් ඉවත් කළ යුතු යෑයි ඇමැතිවරයෙක්‌ යෝජනා කළේ ඒ අතරතුරය.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය පැත්තෙන් ද ප්‍රසන්නගේ මහ ඇමැතිකමට තට්‌ටු කිරීමට ලොකු සූදානමක්‌ තිබිණි. ප්‍රසන්න උසාවි ගොස්‌ තහනම් නියෝගයක්‌ ලබාගත්තේ එම මෙහෙයුම හෙළිවූ පසුවයි.

මේ නිසා කළුතර දිස්‌ත්‍රික්‌කයේ නායකයෙක්‌ අලුත් යෝජනාවක්‌ ගෙන ආවේ ප්‍රසන්නගේ බල බිඳින්නට කදිමම පුද්ගලයා රංජිත් සෝමවංශ බව හුවාදක්‌වමිනි.

එහෙත් රංජිත් සෝමවංශ යනු විටින් විට බරපතළම අසාධාරණයන්ට ලක්‌ වූ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ශිෂ්‍ය නායකයකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය පටන්ගත් ඔහු කළුතර ප්‍රබල තරුණයකු වුවත් ඔහුට නැගිටින්නට බැරි වූයේ විටින් විට ශ්‍රීලනිපයට හා එජාප නායකයන්ට තම අසුන පරිත්‍යාග කරන්නට ඔහුට සිදු වූ නිසාය. එම අසාධාරණයට ඔහු ලක්‌වූයේ වරක්‌ දෙවරක්‌ නොවේ. කීප වරකි.

ඒ නිසා ඔහු මෙවර මහ ඇමැතිකම බාරගන්න යෑයි කිවහොත් අකමැති නොවන බව හො¹කාරවම කළුතර දිස්‌ත්‍රික්‌කයේ නායකයෝ දැන සිටියහ.

මෙම සූදානම යටිතලයෙන් ක්‍රියාත්මක වූවත් මතුපිටට පැමිණියේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එක්‌තරා පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ පසුගිය දිනක කළුතර දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා මන්ත්‍රීවරයකුට කතා කර කියන ලද ආරංචියත් සමඟය. කොළඹ මන්ත්‍රීවරයා ඉසුරය. කළුතර මන්ත්‍රීවරයා පියල් නිශාන්තය.

අපි පොඩි වැඩපිළිවෙළක්‌ ගෙනියනවා. ඕගොල්ලන්ගෙ දිස්‌ත්‍රික්‌කයේ රංජිත් සෝමවංශ මහ ඇමැති කරන්න. ඔයාල එකතුවෙලා මේකට සපෝට්‌ එකක්‌ දෙන්න ඕන. ඔයාලයි ගමේ මිනිහ නේ.

අපෝ රංජිත්ට පුළුවන්ද මහ ඇමැතිකමක්‌ කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයවත් හරියට කරගන්න බැරි මිනිහා. යෑයි පියල් කීවේය.

මේ අයුරින් එම කතාබහ යට ගියත් නැවත වරක්‌ පියල්ට කළුතර ප්‍රදේශයෙන්ම යෝජනාව පැමිණියේය. පියල් ඊට විරුද්ධ විය. මෙම කතාබහ එහෙ මෙහෙ හුවමාරු වෙද්දී ප්‍රසන්නට ද ආරංචිය කාන්දු විය.

මහින්දවාදියකු වීම නිසා මහ ඇමැතිකම පවා අහිමිවීමට යන බව ප්‍රසන්නට වැටහිණි. එහෙත් ඔහු ඒ කිසිවකින් කලබල වූයේ නැත. පසුගිය සඳුදා පත්තරවල එම ආරංචිය පළවිය.

මේ අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරු රැසක්‌ කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්‌ව සිටියේ මේ ප්‍රශ්නය ගැන විසඳුමකට එන්නය. මොරටුව නගරාධිපති සමන් ලාල් ද මෙතනට පැමිණියේය. ඔවුන් කතාබහ කළේ ප්‍රසන්නව ඉවත් කිරීමට යන සැලසුම පරාජය කිරීම ගැනය.

අපි මේ ගැන කෙළින්ම ගිහිල්ල විපක්‍ෂ නායකතුමාගෙනුයි, ජාතික සංවිධායකතුමාගෙනුයි අහල බලමු. සභාපතිවරු කීහ.

ඒ අනුව සියලුම දෙනා පක්‍ෂ මූලස්‌ථානයට යනු ලැබූහ. ඒ වෙලාවේ සුසිල් ප්‍රේමජයන්ත එතන සිටි අතර නිමල් සිරිපාල ද මොහොතකට පසු පැමිණියේය. සභාපතිවරු මේ ප්‍රශ්නය කෙළින්ම විපක්‍ෂ නායකටත්, ජාතික සංවිධායකටත් ඉදිරිපත් කළේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකුගේ නමක්‌ ද ඒ ප්‍රශ්නයට ඈඳමිනි.

මේක වුණොත් අපි තවදුරටත් ඉවසන්නෙ නෑ. සභාපතිවරු කීහ.

නෑ එහෙම වෙන්නෙ නෑ.... ප්‍රසන්න කියන්නෙ අපේ පතාක යෝධයෙක්‌. අපි ඒකට ඉඩ තියන්නෙ නෑ. සුසිල් ප්‍රේමජයන්ත පොරොන්දු වූයේය.

එම පොරොන්දුවද ලබාගෙන සභාපතිවරු ඊළඟට පිටත්ව ගියේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග හමුවීමටය.

ප්‍රසන්න නිල නිවසේ සිටියේය. ඒ සමඟ හිටපු ලේකම්වරයකු වන කුමාරසිරි හෙට්‌ටිගේ ද සිටියේය. සභාපතිවරු උද්ගතව ඇති ප්‍රශ්නය ප්‍රසන්නට කීහ.

හරි ඔය කතාව බොහොම තදින් යනව තමයි. හැබැයි අපි ඇහුවාම නෑ කියනවා... නමුත් කළුතර කට්‌ටියගේ මෙහෙයුමක්‌ තියෙනවා. මම දන්න විදියට තවම ඒකට එකඟ වෙලා ඉන්නෙ පළාත් සභා මන්ත්‍රීවරු හතරදෙනයි. නැත්නම් පස්‌දෙනයි. බහුතරය අපි සමඟ ඉන්නව නෙ. කමක්‌ නෑ. එන තත්ත්වෙකට මුහුණ දෙමු. ප්‍රසන්න කීවේය.

මේ අතර හෙට්‌ටිගේ දෙසට හැරුණු සභාපතිවරු හිටපු ජනාධිපතිතුමා ඊළඟට එන පළාත් පාලන ඡන්දයේදී තමන්ට සහයෝගය දෙන එකක්‌ නැද්දැයි විමසූහ.

ඔයාලම අහන්නකෝ ජනාධිපතිතුමාගෙන් කියූ හෙට්‌ටිගේ දුරකථනය අතට ගෙන මහින්ද රාජපක්‍ෂට ඇමතුමක්‌ ගත්තේය.

එසේ කියා දුරකථනය දුන්නේ සමන් ලාල් අතටය. සමන් හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්නය යොමු කළේය.

හරි... හරි.. මම මොන තත්ත්වේ හිටියත් ඕගොල්ල ඡන්දෙ ඉල්ලන වෙලාවට ඕගොල්ලන්ගෙ සහායට එනවා එනවාමයි. ඔයාල ඉල්ලනව නම් මම මොකද නොඑන්නෙ. මහින්ද එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.

ජාතික ආණ්‌ඩු මෙහෙයුමෙන්
ශ්‍රීලනිපය ඉවත් වෙලා


පසුගිය සතියේ ලොකු සංවාදයක්‌ වැඩමුළුවේදී ඇති වූවත් ජාතික ආණ්‌ඩුවක්‌ ගැන හෝ මහ මැතිවරණයක්‌ ගැන නිශ්චිත අදහසක්‌ ඇතිකර ගන්නට ශ්‍රීලනිපයට හැකිවූයේ නැතැයි කිවහොත් එය වැරදි නැත. ඒ නිසා පක්‍ෂයේ එක එක නායකයෝ පළ කළේ එක එක අදහස්‌ය. සමහරු මහින්ද නැතුව ඡන්ද කරන්න බැරි යෑයි එළිපිට කීහ. නිමල් සිරිපාල වැන්නෝ එවිට කියා සිටියේ ඇයි මහින්දම.... අගමැතිකමට මම හොඳ නැද්ද කියාය. මටත් ඒ සඳහා අයිතියක්‌ තියෙන බව ඔහු කීවේය. මේ අයුරින් අගමැති අපේක්‍ෂකයා ගැන වාද විවාද යද්දී තවත් පිරිසක්‌ මාන බලමින් සිටියේ රනිල්ගේ ආණ්‌ඩුවේ උප අගමැතිකමක්‌ ගන්නටය. නිමල් සිරිපාල සිටියදී තවත් අයෙක්‌ ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්නට වූයේ මේ අතර තිබූ ජාතික ආණ්‌ඩු සැලසුමට ද අරළු බුළු සපයමිනි.

ජාතික ආණ්‌ඩුව සෑදීම ගැන හෝ සභාගයක්‌ ගැන හෝ අප්‍රේල් මාසයේ කරන ආණ්‌ඩු විසිරීමක්‌ ගැන හෝ එක අදහසක්‌ කොතනකවත් නොතිබිණි. පසුගිය සති අන්තය වන විට අවසාන නිගමනයක්‌ වූයේ නැත. ජනාධිපති මෛත්‍රී කීවේ මහ මැතිවරණයෙන් පසුව හෝ ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනැගීම තම අභිප්‍රාය බවය. ජාතික ආණ්‌ඩුව ඒ අනුව පසුගිය සති අන්තය වන විටත් අපේ රටේ විවාදයට ලක්‌වුණු කරුණක්‌ව තිබිණි. පසුගිය සතිය ගෙවී ගියේ එලෙසය.

Friday, 27 February 2015

ගෝඨාභය හඳුන්වා දුන් සුදුවෑන් ගැන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරන්න සැරසෙයි

ලෝක වෙළෙඳපොළේ නැඟලා නැහැ; හැබයි මෙහේ දරුණුවටම නැග්ගා – දයාසිරි ජයසේකරආණ්ඩුව ගෙදර යවන්න ‘ෆෙඩ්රික් නව්මාන්’ පදනමේ සහාය එජාපය ලබා ගත්තාඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන රජය නිහඬ ඇයි..? නියපොත්තෙන් කැඩිය හැකිදේ යළි…මහින්දට මහින්දගෙන් අධි ආරක්ෂාවක්..?කොළඹ පැල්පත්වල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් – ගෝඨාභය රාජපක්‍ෂ



රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ හඳුන්වා දුන් සුදු වෑන් සංස්කෘතිය සහ එහි එම භීෂණ ක්‍රියාවලිය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව හෙළි කිරීමට සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඊයේ (26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙළි කළේය.



ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වශයෙන් සිටියදී හදිසියේ රත්නපුර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් මාරු කර යැවීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට රහසේම පළා ගියේය. වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු ඊයේ නැවත දිවයිනට පැමිණි විගස පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව හෙළි කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වටා සිටි කල්ලියකින් එල්ල වූ මරණීය තර්ජන නිසා විදේශගත වූ බවය.

Thursday, 26 February 2015

මහින්දාගමනයේ පෙරනමිති


මහින්දාගමනයේ පෙරනමිති

හිටපු ජනපති මහින්ද කුරුවිට බන්ධනාගාරයට යයි


යහපාලනය යටතේ කඩනමින් නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකරගේ සුවදුක් විමසීම සඳහා රත්නපුර - කුරුවිට බන්ධනාගාරයට අද (26) ගිය අවස්ථාවේදීයි. එහිදී මාධ්‍යවේදීන් සහ රැස්ව සිටි ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියේ මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්නයි. එහිදී හිටපු ජනාධිපතිවරයා සිනහමුසු මුහුණින් ප‍්‍රකාශ කළේ ඉදිරි කාරණයක් සම්බන්ධයෙන් මේ මොහෙතේ ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

බයි රෝහලට අදම පැමිනෙන්න

ඔබට මාරාන්තික රෝගයක් වැළදී ඇත්ද ?ඉක්මනින් සුව
කරගැනීමට අවශ්‍යද ?

අදම පැමිනෙන්න බන්ධනාගාර රෝහලට

බයියො vs ටොයියො

ඔබත් එන්න....
ඒ වෙන කිසිවක් නිසා නොව....
උපන් මාතෲ භූමියේ ජාතික වගකීම සඳහාය....


අමාත්‍ය රාජිතත් දැඩි කළකිරීමක..!




ඉකුත් ආණ්‌ඩුව සමයේ වැරදි කරපු මහා තෝරු මෝරු පැත්තක තබා කුඩා සිද්ධි පමණක්‌ අල්ලාගෙන දිගට ඇදගෙන යන්නේ ලොකු වැරැදිකරුවන් ආරක්‍ෂා කිරීමට දැයි තමාටද සැක මතුවී ඇතැයි කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ(26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. එසේම වත්මන් ආණ්ඩුවේ සිටින හොරකමට හිතැති , හොරුන් සමඟ ඩීල් දමන ඇතැම් කුප්‍රකට ඩීල්කාර අමාත්‍යවරුන් ගැනද රාජිත සේනාරත්න මහතා කරුණු සඳහන් කළේය. එහිදී විජේදාස රාජපක්ෂ අවි ජාවාරම්කාර නිශ්ශංක සේනාරත්න නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයෙන් ලබාදී, රට පැන්නවීමට ආදාළ අනුබලදීම සඳහා වූ තුච්ච ඩීල් මෙහෙයුම ඉදිරියේදී හෙලිදරව් කරන බවත්, එවැන්නවුන් රටටත්, ජනතාවටත්, රජයටත් මහත් හිරිකිතයක් බවද සඳහන් කළේය. ජනතාව අන්දවන වංචනික ලීලාවෙන් ජනතාව ඉදිරියේ පෙනීසිටමින් බණ දෙසන මොවුන්ගේ සැබෑ නිරුවතද අනිවාර්යෙන්ම හෙළිකරන බවද පැවසීය.



මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.


වර්තමාන ආණ්ඩුවේ ‘ඩීල්’කාරයකු සිටින බව තමන් පිළිගන්නා නමුත් මරණ වරෙන්තුව අතේ තබාගෙන එළියට පැමිණ ගොඩනැඟූ මේ ආණ්ඩුව විනාශ කිරීමට එවැනි ඩීල්කාරයන්ට ඉඩ නොදෙන බවත්, ‘ඇවන්ගාඩ්’ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට පත් කරන ලද ජනාධිපති නීතිඥවරයා එක් පැත්තකින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් අනෙක් පැත්තෙන් ඇවන්ගාඩ් අයිතිකරුගේ නීතිඥයා හැටියට පෙනී සිට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කර ගැනීමට කටයුතු කළ බව එවැනි ඩීල්වල උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය. හිටපු නීතිපතිවරයෙක් වන එම ජනාධිපති නීතිඥයා ඇවන්ගාඩ් අයිතිකරුගේ ඇප ඉල්ලීමට විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නට ඇතැයි තමන් සිතන බවද පැවසීය.

ශෂී වීරවංශ හෝ සුදර්මන් රදලියගොඩගේ ප්‍රශ්න අනෙකුත් මහ සිද්ධීන් සමග බැලීමේදී ප්‍රශ්න නොවන බවද මේවා කරන්නේ කවුරුන්ද යන්න හොඳින් අවබෝධ කරගෙන සිටින බවද, කාන්තාවක්‌ අත්අඩංගුවට ගැනීමෙන් කාතුළත් අනුකම්පාවක්‌ උපදින බවද මෙවැනි දේ සිදුකර රජය අපකීර්තියට පත් කිරීමට සමහරු උත්සාහ දරන බව පෙනී යන බවද කී සේනාරත්න මහතා තෝරු මෝරු වැනි මහාපරිමාණ අපරාධකරුවන් බේරන්නේ ඉදිරියේදී තමන්ටද මෙවැනි දූෂණ කිරීමේ උවමනාවෙන් විය හැකි බවද කියා සිටියේය.

තව සති කිහිපයක්‌ පමණක්‌ මේ දෙස බලා සිටින බවත් නිවැරදි දේ සිදු නොවුණහොත් වැරදිකරුවන් ආරක්‍ෂා කරන අයගේ නම් හෙළිදරව් කරන බවද කීය. මේ ආණ්‌ඩුව තුළ වැරදිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඩීල්කරුවන් සිටින බව තමා පිළිගන්නා බවද වරප්‍රසාද හා වෙනත් ගනුදෙනු මත මේ දේවල් කරනු ඇති බව විශ්වාස කරන බවද කී ඇමැතිවරයා තමාත් චම්පික ඇමැතිවරයාත් ඇමැති මණ්‌ඩලයේත් ආණ්‌ඩුව තුළත් දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කරන බව කීය.

බයියො vs ටොයියො දවසෙ චායාරුප

















Wednesday, 25 February 2015

රජ හොර බයිය


විමල් බයිය


විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ටිකට් එක ඉල්ලගෙන තරඟ කරන එක යයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ ඊයේ (24) රාත්‍රී විකාශය වූ ‘රට සහ හෙට‘ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.
සුසින් ප්‍රේමජයන්ත සන්ධානයේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා ඇති බවත් සඳහන් කළ විපක්ෂ නායක සිල්වා මහතා නුගේගොඩ පැවැති රැස්වීම පිළිබඳව සඳහන් කරමින් අපේ පක්ෂය වැඩ කටයුතු කරන ආකාරය ගැන කියා දීමට වෙනත් පක්ෂවලට තිබෙන අයිතිය කුමක්දැයි විමසා සිටියේය.
නුගේගොඩ රැස්වීමට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ආරාධනාවක් නොලැබුණු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී වීම වරදක් බවට ජනාධිපතිතුමා සිය මතය ප්‍රකාශ කළ බවත් කීය.
මෙවැනි ක්‍රියා මගින් ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම හා තමන්ගේ මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තම සොයුරාටවත් අගමැති පදවිය නොදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පදවිය ලබා දී දෙවන පෙළ නායකත්වයක් හදා පළමු පෙළට ගෙන ආ බවත්, තමන්ටත් අගමැති වීමට අවශ්‍ය සුදුසුකම් සහ කැපවීම දැනටත් තිබෙන බවත් සිරිපාල මහතා පැවසීය.

අන්දරේ බයිය


විමලසේන බයිය


ශෂී බයිය

නෙවිල්ට බැරිවූ බන්ධනාගාරයට හැකිවූ
"ශෂීගේ සුවයක අරුමය"
දින ගණනාවක් තිස්සේ අවසන් හුස්ම පොද හෙල්ලන්න ඔන්න මෙන්න මෙන් කිසිඳු පිලිසරණක් නොමැතිව දරු දෙදෙනෙකුත් තුරුලු කරගනිමින් ඇදේ වැතිර සිටි රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශගේ බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මිය එක්තරා පුද්ගලික රෝහලක නැවතී එම රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ටවත් සුවකළ නොහැකි වූ අරුම පුදුම අසනීපය පැය 24 ක් යෑමට පෙර බන්ධනාගාර වෛද්‍යවරුන්ට සුව කළ හැකිව තිබේ. මීට පෙර මෙම රෝහලට ඩෙංගු වැලදී ඇතුළුකල රෝගියෙකුද මරණට පත් වූයේ මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බවට මාධ්‍ය ගණනාවකින් වාර්තා වූ අතර ඊට චෝදනා රාශියක් එල්ල විය. එනිසා පූරුවේ වාසනාවකට මෙන් ශෂීට ඉන් මිදී ජීවිතය ජීවත්කරන්නට ලැබුනේ උදාවූ යහපාලනය නිසාවෙන් බන්ධනාගාර රෝහලට මාරුවීමට ලද අනගි භවනීය අවස්ථාවෙනි.
වල පයයි, ගොඩ පයයි තබාගත්තාක් මෙන් ඊයේ ගිලන් රථයකින් පුද්ගලික රෝහලෙන් නික්ම බන්ධනාගාර රෝහල වෙත ගිය ඇය අද පූර්ණ සුවය ලබා අංග රාග නිරූපණයෙන් සැරසී අධිකරණය වෙත පැමිණි අතර යළි මාර්තු 04 වන දා දක්වා ඇයට කඩිනම් සුවය ලබාදුන් බන්ධනාගාර රෝහල වෙත පියමැන්නේ ඉමහත් සැහැල්ලුවකින් සහ සතුටකින් යුතුව බව මෙම ජායාරූප ලෙස බැලීමේදී ඔබට වැටහී යනු ඇත.
ශෂීගේ සැමියෙකු වූ විමල් වීරවංශට ඔහුගේම බුද්ධි පන්තියේ වෙසෙන මෙරට ජන කොට්ඨාශයක් ගොනාට ඇන්දවීමට හැකියාවක් තවම තිබුණද ඉදිරි දින කීපයේදී ඔහුගේ නිරුවතද මීට වඩා හොඳින් මෙරට පමණක් නොව පිටරට අයටද කරුණු හා සාක්ෂි සහිතව බලාගැනීමට හැකිවනු ඇත.
මෙරට කළු සල්ලි සුදුකරන ජාවාරම්කරුවෙකුට අයත් රූපවාහිනි නාලිකාවක් සහ ඊට සමාන්තර වෙබ් අඩවියක් හරහා අතිදැවැන්ත ප්‍රචාරයක් විමල්-ශෂී නාටකය සඳහා ලබාදෙන අතර ඒ සඳහා එම මාධ්‍ය ආයතනයේ හිමිකරු වැනිම රාජපක්ෂ පාලනය යටතේ විවිධාකාර ජාවාරම් සිදුකල ජාවාරම්කරුවන්ගෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් මේ සඳහා ඔහුට පොම්ප වන බවට වාර්තාවේ.
මේ වන විට විමල් සහ ගම්මන්පිල වැන්නවුන් තාම කෝ මෙගා ඩීල් දූෂණ නැහැනේ ආවේ නැහැනේ කියමින් ස්වයං වින්දනයක නිරත වන අතර ඔවුන් දන්නා උපදේශයෙන් අප කීමට ඇත්තේ ලෝවැඩ සඟරාවේ අතිපූජ්‍ය වීදාගම මෛත්‍රී හිමියන් පැවසූ පරිදි "ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ, සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ" යෙදෙන බවයි.
-මළ නැති විමලසේන-

London ටොයියො


ටොයියො


මුන්ට (ආණ්ඩුවට ) ප්‍රතිපත්තියක් නැති ලු...
මුන් කොන්ද පණනැති ආණ්ඩුවක් ලු...
මේක පික්පොකට් ආණ්ඩුවක් ලු... කොන්ද පණනැති ගැට කපන්නන්ගේ ආණ්ඩුවක් ලු...
රනිල්ව අගමැති කරන්න මොකෙක්වත් ඡන්දෙ දුන්නෙ නැති ලු...
මුන් (ආණ්ඩුව ) මංකොල්ලයක් කරනව ලු...
මෙහෙම කියන්නෙ මහාචාර්ය නලින්ද සිල්වා.
එදා මහ රජාගෙ කාලයේ සිද්ධවුන කප්පරක් හොර-වංචා-කොමිස්-පගා ගැනිලි වලට පිට කොන්ද කෙලින් තියාගෙන වචනයක් කියා ගන්න බැරිවුන, සිංහල බෞද්ධ ජාති හිතෛශීත්වය ඉහවහා ගියාට උත්තම දළදා වහන්සේ ඉස්සරහා නාභර ගැටිස්සියන් ගෙ විළිසංගයක් නැති නැටුම් හා කාර් රේස් පැදිලි වලට එරෙහිව එක වචනයක් කියාගන්න බැරිවුන, නාමල් රාජපක්ෂ වගේ කිරිකජු දේශපාලන ඇට්ටර කොලු ගැටයන්ටත් දෙකට නැමිලා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ, ගෞරවණීය සෝභිත හාමුදුරුවන්ට පිස්සුයි යැයි වහසි බස් දෙඩවූ... කොටින්ම තමන්ගෙ ප්‍රවීණ, පරිණත, වියත් බුද්ධිමත් බවටත්, වෙහෙසකරව ගොඩනඟා ගත් කීරිතිනාමයටත්, ගෞරවණීය මහාචාර්ය පදවියටත් නිගා දෙන මෙවන් පජාත ගොමස්කඩ වාචාල වියතුන් සියක් අතරේ අසාධාරණයට එරෙහිව, ශිෂ්ඨත්වය පරයා වැපිරී තිබූ අශිෂ්ඨත්වයට එරෙහිව, අශීලාචාර පාලනතන්ත්‍රයකට එරෙහිව සිය දිවි නොතකා ඉදිරියට පැමිණි මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය ඔලිවර් අබේනායක, ආචාර්ය නිර්මාල් රංජිත්, මහීම් මෙන්ඩිස් හා ගාමිනී වියන්ගොඩ වැනි මාහාචාර්ය-ආචාර්යවරු, බුද්ධිමතුන් සැබවින්ම වචනයේ පරිසමාප්ත අයුරින්ම උගත් වියත් ශිෂ්ඨසම්පන්න බුද්ධිමතුන් නොවන්නේද?...

බයිසන් නොතාරිස්.....


රටින් ගිය බැසිල්ට නිවාඩු


ජනපතිවරණය පරාජයවීමත් සමග බැසිල් රාපක්ෂ විදෙස් ගත වූයේ පැදුරටත් නොකියාය. ඔහු යළි ලංකාවට නොයන බවද කතා පැතිරුණි. ඔහු එකදිගටම මැති සබයට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. මේ අතර බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට සහභාගි නොවීම සඳහා මාස තුනක නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසා පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ කතාබහක් ඇති විය. එම යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂ නායක නිමල් සිරිපාලය. “කථානායකතුමනි, අපි දැනගන්න කැමතියි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ අසනීප තත්ත්වයක් නිසාද, කිසියම් අධ්‍යාපන කටයුත්තක් නිසාද කියලා. මොකද ඇමැතිවරුන්ට මේ විදියට එන්නේ නෑ කියලා ලියුම් කෑලි එවන්න බැහැ. පාර්ලිමේන්තුව, කථානායකතුමා හේතු දැනගන්න ඕනෑ. නිවාඩු දෙන්න කලින් හේතුව මොකක්ද කියලා දැනගන්න ඕනෑ.” අනුර දිසානායක කීවේය. “ඔව් ඒක ඇත්ත. ඒක හොඳ යෝජනාවක්.” බැසිල් තමාගේ මල්ලි වුවත් ඒ ගැන මධ්‍යස්ථව තීරණයක් ගනිමින් කථානායක චමල් රාජපක්ෂ කීවේය. “සාමාන්‍යයෙන් නිවාඩු ගන්න මේ වගේ යෝජනාවක් කරනවා. ඒකට හේතු කියන්නේ නැහැ.” නිමල් සිරිපාල කීවේය. එවිට මන්ත්‍රීවරුන්ගෙන් එයට විරෝධයක් එල්ල විය. “බැසිල් මන්ත්‍රීතුමා මගෙන් ඉල්ලීමක් කළා. මම යෝජනාවක් කළා. මන්ත්‍රීවරු කැමති වෙනවද අකමැති වෙනවද තීරණය ගන්න.” නිමල් සිරිපාල කීවේය.

මහින්දගෙන් විමල්ට ඇමතුමක්


මේ සතියේ දේශපාලන කරළියේ වැඩි අවධානයක් යොමුවූයේ මහින්ද මීළඟ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට බල කරමින් නුගේගොඩදී පැවැති රැස්වීමටය. තමන් එම රැස්වීමට සහභගී වන බව මුලින්ම කීවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගය. තමාගේ හෘදය සාක්ෂිය අනුව මෙම රැස්වීමට යන බව ඔහු කීවේ නිවේදනයක්ද නිකුත් කරමිනි.
“ඔයා මේ රැස්වීමට යනවා කියලා මට බේරෙන්න බෑ. හැමෝම මට කතා කරලා ඒ ගැන අහනවා” ප්‍රසන්නට විරුද්ධව විනය පියවර ගන්නේදැයි දුරකථන ඇමතුම් ලැබිම් ගැන අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ ප්‍රසන්න පක්ෂ මූලස්ථානයට ගොස් තිබූ වේලාවකදීය.
“මම විතරක් නමෛයි පළාත් සභාවේ හතළිහක් විතර රැස්වීම බලන්න යනවා” ප්‍රසන්න සඳහන් කළේය.
“ආ... අලුත් අගමැති අපේක්ෂකයෙක් ගේන්න නේද ඔය රැස්වීම තියන්න හදන්නේ”නිමල් සිරිපාල ද සිල්වා එතැනට පැමිණෙමින් ඇසුවේය.
“අලුත් අගමැති අපේක්ෂකයෝ මොකටද? ඔයානේ අපේ අගමැති අපේක්ෂක” අනුර ප්‍රියදර්ශන යාපා නිමල් සිරිපාලට පැවසුවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
නුගේගොඩ රැස්වීම ආරම්භවී ටික වේලාවක් යන විට ප්‍රසන්න රණතුංග පළාත් සභාවේ මන්ත්‍රීවරු සමග පැමිණ වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කළේය. කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, සී.බි.රත්නායක, දිලුම් අමුණුගම, මනූෂ නානායක්කාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වේදිකාවට එක්වූහ. මේ අතර තවත් මන්ත්‍රීවරු විසි හතර දෙනෙක් පැමිණ වේදිකාවට ගොඩ නොවී රැස්වීම බලා සිටියහ.
මහින්ද මෙම රැලියට සුබපැතුම් පණිවුඩයක් ද එක් කර තිබුණේය. එය කියවූයේ ආචාර්ය දයාන් ජයතිලකය. දයාන්, මහින්දගේ සුභපැතුම් පණිවුඩය කියවන විට විමල්ගේ හිතවතෙක් ජංගම දුරකථනයක් රැගෙන පැමිණියේය.එය විමල්ගේ අතට දුන්නේ මහින්ද එහා කෙළවරේ සිටින බව කියමිනි.
“විමල්, මම රැස්වීම බලාගෙන ඉන්නේ. ඉන්ටර්නෙට් එකේ අපි ලයිව් බලනවා. වැඩේ අතිසාර්ථකයි නේද?” මහින්ද විමල්ගෙන් ඇසුවේය.
“ඔව් සර්. රැලිය අති සාර්ථකයි“විමල් කීවේය.
“සද්දෙ නිසා මට ඇහෙනවා අඩුයි. මම පස්සේ කතා කරන්නම්” දුරකථනය විසන්ධි කරමින් මහින්ද කීවේය.
පසුදා උදෑසනම මහින්ද විමල්ගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය.
“ඊයේ වැඩේ නම් හොඳයි. හැමෝම උනන්දුවෙන් ඉන්න බව පේනවා” මහින්ද කීවේය.
“ඒක ඇත්ත සර්” විමල්ද පිළිතුරු දුන්නේය.
මේගොල්ලෝ දැන් වෙනදාට වඩා වැඩියෙන් මට මඩ ගහවි. ඔයාටයි මටයි ප්‍රශ්න දාන්න බලාවි” මහින්ද කීය.

රනිල්ගෙන් ඉමිටියාස්ට පණිවුඩයක්


හිටපු අමාත්‍ය ඉමිටියාස් බාකීර් මාකර්ට තිලක් කරුණාරත්නගෙන් පසුගිය සතියේදී දුරකථන ඇමැතුමක් ලැබුණේය. පසුගිය ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයාගේ මැතිවරණ වේදිකාවට එක්වුවත් කිසිදු තනතුරක් ඉමිටියාස් ලබාගෙන තිබුණේ නැත. තානාපති ධුරයක් ලබාගැනීමට විවිධ පණිවුඩ එවා තිබුණත් ඉමිටියාස්ගෙන් ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලබාදී තිබුණේ ද නැත.
“මට කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කටයුතු පටන් ගන්න කියලා රනිල් කිව්වා. ඔයාගේ පුතා නුවරින් ඡන්දයට දාන්න ඕන කියලා කිව්වා” තිලක් කරුණාතරත්න ඉමිටියාස්ට කීවේය.
“ඉතින් තිලක් මට එයා කතා කරලා මේ ගැන කතා කළේ නෑනේ”ඉමිටියාස් පැවසුවේය.
“මම ඉතිං ඔයාට බොරු කියන්නේ නෑනේ. මට රනිල් කිව්ව දේ තමයි මේ මම කියන්නේ”තිලක් කරුණාරත්න යළිත් පැවසුවේය.
රනිල්ගේ අදහස වී තිබෙන්නේ ඉමිටියාස්ගේ පුතෙක් නුවරින් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමටය. රවුෆ් හකීම්ද මීළඟ මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එච්.එම්.හලීම් මන්ත්‍රීවරයාද එජාපයෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටී. ඉමිටියාස්ගේ පුතාගේ දේශපාලන ආගමනයට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයින් පිරිසකගේ විරෝධයද මතුවෙයි.
“මේක ඉතිං අපේ පවු‍ලේ ලොකු තීරණයක් වෙනවා. ඒ නිසා හැම පැත්තම බලලා තමයි තීරණය ගන්න ඕන. කොහොම වුණත් මේ ගැන රනිල් මාත් එක්ක කතා කරන්න ඕනනේ. තවම ඒ ගැන මාත් එක්ක කතා කරලා නෑනේ”ඉමිටියාස් සිය හිතවතුන්ට පවසා තිබුණේය.

ඇමැති එන දවසට ලස්සනට එන අය


ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක ගුවන්විදුලි සංස්ථාවේ හා ස්වාධීන රූපවාහිනී සේවයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප විවෘත කළේ ගයන්තය. ස්වාධීන රූපවාහිනී සේවයට ගයන්ත යන විට එහි සේවක සේවිකාවෝ අලංකාර ඇඳුම්වලින් සැරසී පැමිණ සිටියහ. තමන්ගේ සේවක සේවිකාවන් දෙස බලා ස්වාධීන රූපවාහිනියේ සභාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක කීවේ අපූරු කතාවකි.
“අද ඇමැතිතුමා එනවා කියන ආරංචියට අපේ අය ලස්සනට ඇඳගෙන ඇවිත් ඉන්නවානේ” ගංගනාත් දිසානායක කීවේය.
“අපේ සභාපතිතුමා හැමදාම අලුත් විදියට, අමුතු විදියට අඳිනවා. එහෙම සභාපතිතුමෙක් මේ වගේ දෙයක් කිව්වම මම ‍පොඩ්ඩක් පුදුම වුණා. මොකද දේශපාලනඥයෝ අනික් අය අන්දනවා කියලා මම අහලා තිබුණට ඇමැතිලා එන දවසට මේ අය ලස්සනට ඇඳගෙන එනවා කියලා ඇහුවේ පළවෙනි වතාවටයි“ ගයන්ත කීවේ සියල්ලෝම ගස්වමිනි.
අමාත්‍ය කරු ජයසූරිය පසුගිය සතියේදී යාපනයේ සංචාරය කළේය. උතුරු පළාත් සංවර්ධන කමිටුල පවතින අඩුපාඩු සොයා බැලීම ඔහුගේ සංචාරයේ අරමුණ විය. සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වූයේ යාපනය පුස්තකාලයේ දීය. පුස්තකාල කොරිඩෝවේදී කරුට ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා හමුවිය
“අපේ පළාතේ තියෙන අඩු පාඩු සොයලා බලලා කරන මේ සේවයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන” ඩග්ලස් කීවේ කරුගේ අත් දෙකම අල්ලාගෙනය. මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද කරු අසලට වී සංවර්ධන කමිටු රැස්වීමේ වැඩවටලට සහාය දුන්නේ ඔහු උතුරු පළාත් සභාවේදී සම්මත කරගත් යෝජනාවට ආණ්ඩුවෙන් එල්ලවූ විරෝධය අමතක වී ඇති බවක් පෙන්වමිනි.

රනිල් ගාල්ලට


මෛත්‍රී ඉන්දියාවට පිටත්ව යන විට රනිල් ගාල්ලට පිටත්ව ගියේය. නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව අගමැතිවරයා පිළිගැනීමට සංවිධානය කර තිබූ පළමු රැස්වීම සංවිධානය කරනු ලැබුවේ ගාල්ලේදීය. ඒ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වජිර අබේවර්ධන විසිනි. සති අන්තයේදී ගාල්ල කොටුවේ නිවාඩු නිකේතනයකට රනිල් පැමිණියේ තමන්ගේ මිතුරන් පිරිසක් සමගය. ගාල්ල කොටුවේ රාත්‍රිය ගත කළ රනිල් සෙනසුරාදා උදෑසන ගාල්ල කොටුවේ සංචාරකයින් පැමිණෙන ස්ථාන නැරඹීමට ගියේය. විදෙස් සංචාරකයින් සමග කතා කළ රනිල් ඔවුන්ගෙන් ලංකාවේ තත්ත්වය ගැන අදහස් ලබාගත්තේය.
ගාල්ල කොටුවේ හා උණවටුන වෙරළ තීරයේ සිය මිතුරන් සමග ඇවිද යමින් සැහැල්ලුවෙන් රනිල් සෙනසුරාදා උදයවරුව ගත කළේය.
ඒ අවස්ථාවට දේශපාලනයට සම්බන්ධ කිසිවෙක්වත් එක් කර නොගැනීමට රනිල් වගබලාගෙන තිබුණි.

මෛත්‍රී මගී යානයෙන් ඉන්දියාවට


මෛත්‍රී ඉන්දියාවේ නිල සංචාරයට පිටත්ව ගියේ සාමාන්‍ය මගී ගුවන් යානයකිනි. ව්‍යාපාරික පන්තියේ ආසන කිහිපයක් වෙන්කරගත් ඔහු සමග ඉන්දීය සංචාරයට එක්වූයේ දොළොස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. මෛත්‍රීත් ඔහුගේ බිරිඳ වූ ජයන්ති පුෂ්පකුමාරිටත් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි නිල නිවස වූ රාෂ්ඨපති භවනයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මේ සඳහා ඉන්දීය ලෝක් සභාවේ මැති ඇමැතිවරු ඇතුළු සිය දෙනෙක් පමණ එක්ව සිටියහ.
මෙම භෝජන සංග්‍රහයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, විපක්ෂයේ සිටින ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි, හිටපු අගමැති මන් මෝහන් සිං ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
“අනගාරික ධර්මපාලතුමන්ගේ චින්තනය අපට ඉදිරියට ගෙනයන්න පුළුවන්. ඉන්දියාවත් ලංකාවත් ක්‍රිකට්වලට ආදරෙයි. සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන් වගේ ක්‍රීඩකයන් බිහිකරපු ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්න පුළුවන් වෙන්න කියලා මම සුබපතනවා” ප්‍රනාබ් මුඛර්ජි පැවසුවේය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ රාජ්‍ය පාලකයෙකු පත්වීම පිළිබඳ කදිම ආදර්ශයක් මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් බවද ප්‍රනාබ් මුඛර්ජි කීවේ තමන්ගේ කතාවේදීය.
“ජනතාව මට රට භාරදුන්නේ අලුත් දේශපාලන ක්‍රමයක් බිහිකරන්න. මම ඒ වෙනුවෙන් කැපවෙනවා” මෛත්‍රී තමන්ගේ කතාවේදී කීවේය.
රාත්‍රී භෝජන සංග්‍රහය අතරවාරයේදී ජනප්‍රිය සිංහල ගීත කිහිපයක් වාදනය කළේය. එම ගීත වාදනය වනු ඇසුණු මෛත්‍රීගේ මුහුණේ සියුම් සිනාවක් ඇඳී ගියේය.
ඉන්දීය සංචාරය අතරවාරයේදී බුද්ධගයාවට ගිය මෛත්‍රීට වන්දනාවේ පැමිණි ලාංකික බැතිමතුන් පිරිසක් හමුවිය.
“අපි අදනේ ඔබතුමා ඇස් දෙකෙන් දැක්කේ. ඔබතුමා තරම් සරල කෙනෙක් අපි දැක්කේ නෑනේ”එක් අයෙක් කියන විට මෛත්‍රී සිනා සෙමින් ඔහුගේ පිටට තට්ටුවක් දැමුවේය.

ඇමැති මස්සිනාලට රනිල් මැදිවෙයි

ලක්බිම හෙළිකළ ෆ්රන්ට්ලයින් තහනම ගැන ජනපති-අගමැතිගේ දැඩි අවධානය




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මුල්ම විදේශ සංචාරය ලෙස පිටත්ව ගියේ අසල්වැසියා වන ඉන්දියාවටය. පසුගිය සෙනසුරාදා ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වන විට සති අන්ත සිංහල පුවත්පත් වෙළෙඳ‍පොළට පැමිණ තිබුණේය. ගිය සතියේ ලක්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය ලෙස ඉන්දියාවේ ප්‍රකාශයට පත් වන ෆ්රන්ට්ලයින් සඟරාව ලංකාවේ බෙදාහැරීම අත්හිටුවීමේ පුවත වාර්තා කර ඇති බව මෛත්‍රී දැනගත්තේ ඉන්දියාව බලා පිටත්ව යාමට ආසන්න වේලාවේදීය. මේ පුවත ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද සිය අවධානය යොමුකර තිබුණහ.
ෆ්රන්ට්ලයින් සඟරාව බෙදාහැරීම නතර කිරීම ගැන ජනපතිවරයා ඒ වන විටත් කිසිවක් දැන සිටියේ නැත. ඉන්දියාවට පිටත්ව යාමට සූදානම්ව සිටින අවස්ථාවේදී ඉන්දියානු සඟරාවක් බෙදා හැරීම තහනම් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලන ලෙස මෛත්‍රී වහාම නිලධාරීන්ට දැනුම් දුන්නේය.
“ලක්බිම පත්තරේ තියෙන ප්‍රවෘත්තියේ හැටියට ෆ්රන්ට්ලයින් සඟරාව බෙදාහැරීම නවත්තලා. මේ සඟරාව බෙදාහැරීම තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වුණේ නෑ. මේ ගැන ඉක්මනට සොයන්න” ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‍ලේකම් කරු පරණවිතාන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සෙනසුරාදා දිනයේදී කාර්යාලයට එවමින් දැනුම් දුන්නේය.
මෛත්‍රී ඉන්දියාව බලා පිටත්ව යන විටත් ෆ්රන්ට්ලයින් සඟරාව තිබුණේ රේගුව භාරයේය. ඒ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සඟරාව බෙදාහැරීම නතර කර තිබුණ නිසාය. එය බෙදාහැරීම නතර කර තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන් සමග 1987දී පැවැති සම්මුඛ සාකච්ඡාවක් නැවත පළකර තිබිම නිසාය.
සඟරාව තහනම් කිරීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහගේද අවධානය යොමුව තිබුණේය. සඟරාව තහනම් කිරීම පිළිබඳ වහාම තමන්ට වාර්තාවක් දෙන්නැයි රනිල් සිය කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේය. ඒ අනුව රේගුවෙන් රනිල්ට වාර්තාවක් ලබාදී තිබුණි. ඒ අනුව සඟරාව මුදාහරින ලෙස රනිල් නියෝග කළේය.
“මේ වගේ සිද්ධීන් වෙන එක අපිට ඒ තරම් හොඳ නැහැ. මීට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවුණොත් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් අරගෙන වැඩ කටයුතු කරන්න” රනිල් උපදෙස් දුන්නේය.

වසර 12කට පසු නිදහස ලැබුණු බොරදිය ‍පොකුණ

වැඩිහිටියන්ට සීමා කළ රහස අධ්‍යක්ෂවරයා හෙළි කරයි


චිත්‍රපටවලට වාරණය පැනවීම් ලංකා සිනමාව තුළ අලුත් දෙයක් නොවේ. වාරණය කළයුතු ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශනය වෙද්දී වාරණය නොකළ යුතු ඇතැම් චිත්‍රපට වාරණය කරමින් තම තමන්ගේ මතිමතාන්තර අනුව වැඩ කිරීමට චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ද විවිධ අවස්ථාවලදී ක්‍රියාකළ බව නොරහසකි. වාරණය නම් දංගෙඩියට හසුවූ තවත් තරුණ සිනමාකරුවෙකුගේ නිර්මාණයකට පසුගියදා නිදහස හිමිවිය. එය සතුටට කරුණකි. ඔහු සත්‍යජිත් මාඉටිපේයි. ඔහුගේ චිත්‍රපටය ‘බොරදිය ‍පොකුණ’යි.

‘බොරදිය ‍පොකුණට’ නිදහස ලැබුණේ අවුරුදු 12කට පසුවයි. මේ තරම් කාලයක් චිත්‍රපටය වාරණය වීමට බලපෑ හේතුව මොකක්ද?

2004 දී චිත්‍රපටය වාරණය කරන්න ප්‍රධානම ගැටලුව වුණේ ලිංගික දර්ශන සහ බහින්බස්වීම්වලදී භාවිත කරන අසභ්‍ය වචන. ඒ හැම දෙයක්ම චිත්‍රපටයෙන් ඉවත් කරන්න කිව්වා. නමුත් අපි ඒකට කැමැති වුණේ නැහැ. ඒ නිසා 2004 ඉඳලා විවිධ ආණ්ඩුවල, විවිධ වාරණ මණ්ඩල යටතේ අපි අපේ අරගලය ගෙන ගියා. කොහොම වුණත් චිත්‍රපටය ගැන වාරණ මණ්ඩලවල සාකච්ඡා කරද්දී ලිංගික දර්ශන සහ වචනවලට අමතරව තවත් සංකීර්ණ දේවල් මේ කතාබහ අතරතුර සිදුවෙලා තිබුණා. එතනදී ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වගේ පක්ෂවල මත දරන නියෝජිතයන් වගේම සමහර දමිළ නියෝජිතයන් අපිට කතා කරලා රහසිගතව කිව්වා ඒ අය ‘බොරදිය ‍පොකුණ’ චිත්‍රපටය වාරණය කරනවාට එකඟ නැහැ වාරණ මණ්ඩලය තුළ යම් යම් ගැටලු තියෙනවා කියලා. ඒ නිසා මේක අතඅරින්න හොඳ නැහැ කියලා අපි තේරුම් ගත්තා. ඒකයි මේ සටන දිගටම ගෙන ගියේ.

එතකොට එකඟතාවකට පැමිණියේ කොහොමද?

2010 දී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස එක්වුණේ අශෝක සේරසිංහ මහත්මයා. රැඟුම් පාලක මණ්ඩලයේ හිටියේ ගාමිණි සුමනසේකර මහත්මයා. එදා අශෝක සේරසිංහ මහත්තයා කිව්වේ මේක විදේශ උළෙලවල්වලට ගෙනියන්න හදපු නිර්මාණයක් ‍නෙවෙයි. ලංකාවේ මහ ‍පොළොවෙන් හැදුණු නිර්මාණයක් නිසා වාරණය කරන්නේ නැහැ කියලා. මම ඇහුවා “සර්ට ඒක ප්‍රශ්නයක් නෙවේද කියලා” ඔහු කිව්වේ.
“ඔයා චිත්‍රපටකරුවෙක්. ඒ නිසා ඔයා චිත්‍රපට හදන්න.. ඉතුරු හරිය මම බලාගන්නම්” කියලයි.
ඒ ඇතිවුණු එකඟතාවත් එක්ක අපිට පිළිගත හැකි සංස්කරණ කිහිපයක් සිදුකළා. ඒ අනුව තමයි මේ නිදහස හිමිවුණේ.

‘බොරදිය ‍පොකුණ’ වැඩිහිටියන්ට පමණයි ‍ලේබලයේ චිත්‍රපටයක්ද?

ඔව්. එහෙම තමයි අපට අවසරය ලැබුණේ. නමුත් ඒකට බලපාපු එකම කාරණය චිත්‍රපටය ඇතුළේ තියෙන ලිංගික දර්ශන සහ කුණුහරුප විතරක් ‍නෙවෙයි. ඊට වඩා සංකීර්ණ යම් යම් දේශපාලනමය කාරණා සහ සමාජයටවත්, උගතුන්ටවත් හරියට කියවා ගන්න බැරිවෙලා සැඟවිලා තිබුණු කරුණු නිසයි මේ චිත්‍රපටයට වැඩිහිටියන්ට පමණයි ‍ලේබලය ඇලෙව්වේ. පසුකාලීනව දේශපාලනික වශයෙන් සහ මතවාදී තලයේ දේවල් තේරුම් ගත හැකි උගතුන් ඒ බව පෙන්වලා දීලා තියෙනවා.

ඒ කාරණය තවදුරටත් පැහැදිලි කළොත්?

1977න් පස්සේ විවෘත ආර්ථිකයත් සමග ගම්වල කොටුවෙලා හිටිය කාන්තා ශ්‍රමය මහා පරිමාණයෙන් නගරයට සේන්දු වෙනවා. බොහෝ දෙනෙක් නගරයෙන් නතර වෙන්නේ නැහැ. විදේශගත වෙනවා. මේ වෙනසත් එක්ක ලංකාවේ ග්‍රාමීය පවුල කියන සංකල්පය ප්‍රබල වෙනසකට ලක්වෙන්න පටන් ගන්නවා. මේ නිසා ස්ත්‍රිය හා පුරුෂයා තුළ තිබුණු ලිංගික සම්බන්ධය හා පවුල තුළ ස්ත්‍රිය හා පුරුෂයාගේ තිබුණු සම්බන්ධකම් දරුණු පිපිරීමකට ලක්වෙනවා.
ඒකත් එක්ක ඇතිවෙන සංකීර්ණ සමාජ, දේශපාලන සහ සංස්කෘතිය තුළින් වර්තමානයේ සිටින ගැහැනියට සහ මිනිසාට වෙන දෙයක් මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒක චිත්‍රපටයේ ප්‍රකාශ වෙන විදියට සමහරු බය වුණා. පැරණි සමාජ ආකෘතිය කැඩෙන එක ‘බොරදිය ‍පොකුණේ’ නිශ්චිතවම පෙන්නන්නේ නැති වුණාට ඒ දේ සිද්ධවෙන බව චිත්‍රපටය බලන කෙනාට තේරෙනවා. ඒ ඇතිවුණ කැලඹීම නිසා තමයි මෙයට ‘වැඩිහිටියන්ට පමණයි‘ ‍ලේබලය ඇලවුණේ. කොහොම වුණත් අපට ඒ කා‍ලේ සමාජ ක්‍රමයේ පැහැදිලි නොවුණු තැන චිත්‍රපටයේ පැහැදිලි කරලා දෙනවා.

ඒ කියන්නෙ චිත්‍රපටය තුළ ලිංගිකත්වය මාර්කට් කරලා තියෙනවා?

ඔව්. ඕනැම කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. හැබැයි අපිට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර ඊට හාත්පසින්ම වෙනස්. සිංහල බෞද්ධ ජනතාව චිත්‍රපටය නරඹලා තියෙනවා. ඒ අය ලිංගිකත්වය මත පැටලිලා නැහැ. ලිංගිකත්වය කියන්නේ කතාවට අනුබද්ධ කිසියම් කොටසක් පමණයි. සමාජය හා ජීවිතය ගැන ඊට වඩා ප්‍රබල ලෙස මෙහි විවරණය කරලා තිබෙනවා. චිත්‍රපටය නරඹපු අය ලිංගික දර්ශන කියලා සමහරු මහ ලොකුවට උලුප්පන දේවල් හෑල්ලුවට ලක්කරලා චිත්‍රපටයේ තියෙන ඇතුළාන්තය රසවින්දනය කරලා තියෙනවා. චිත්‍රපටය නරඹලා කතා කරන තරුණ පිරිස් “අයියෝ අයියේ මේකටද මෙයාලා බයවුණේ?” කියලා අහනවා. ඒ නිසා ‘බොරදිය ‍පොකුණ’ චිත්‍රපටයේ ලිංගිකත්වය මාර්කට් කරනවා කියන්න බැහැ. ඒක චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න ඕන දෙයක්.

වාරණය නිසා චිත්‍රපටයේ තේමාව යල්පැනලා කියලා හිතෙන්නේ නැද්ද?

අපේ ගෙදර විවාහ නොවිච්ච වයසට ගිය අවුරුදු 35ක 40ක අක්ක කෙනෙක් ඉන්නවා නම් අපි කියන්න නෑනේ අක්කේ ඔයා දැන් වයසයි කියලා. කවදා හරි ඇයට හොඳක් වෙනවටනේ අපි කැමති. මමත් ඒ වගේම මගේ චිත්‍රපටය අවුරුදු දොළහක් පරණයි කියලා මට දැනෙන්නේ නැහැ. බලන අය තවම එහෙම කියලත් නැහැ.

නමුත් ඔබේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකොට ඩිලානි අබේවර්ධනගේ දියණියත් සිනමාවට පිවිසිලා ඉවරයි.
පැහැදිලිවම ඔව්. දැන් ඩිලානිගේ දුව කවීෂාත් සිනමාවේ කතා නායිකාවක් වෙලා. ඩිලානි කියන්නේ ජනප්‍රිය ධාරාවේ නිළියක් වුණාට ඇය විශිෂ්ට ප්‍රතිභාවක් තිබුණු නිළියක්. අපේ රටේ අධ්‍යක්ෂවරුන්ගේ, සිනමාවේ අවාසනාවට සහ ඩිලානිගේ අවාසනාවට ඇයගේ රංගන ප්‍රතිභාව හරි විදියට ලබාගන්න අපිට බැරි වෙලා තියෙනවා. මොනතරම් කාලයක් ගියත් ඩිලානිගේ රංගනයට ප්‍රේක්ෂකයන් එදත් අද වගේම කැමතියි කියලා නම් ස්ථිරයි.

චිත්‍රපටය දීර්ඝ කාලයක් වාරණය වීම නිසා ඔබට අසාධාරණයක් වුණා නේද?

මට අසාධාරණයක් වුණා තමයි. ඒත් මම තනියම චිත්‍රපටය නිර්මාණය කළේ නැහැ. මාත් සමග සිය ගණනක් ආධුනික සහ ප්‍රවීණයෝ පිරිසක් හිටියා. අයිරාංගනී සේරසිංහ, ෆීලික්ස් හේමවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක, වීණා ජයකොඩි, ලියෝනි කොතාලවල, චන්ද්‍රා කළුආරච්චි වැනි ප්‍රවීණ අය වගේම ක්ෂේත්‍රයේ ඒ කා‍ලේ දැවැන්තයෝ නොවුණ නමුත් දැන් විශිෂ්ටත්වයට පත්වෙච්ච ජයනි සේනානායක, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞෂල්‍ය, නදී කම්මැල්ලවීර වැනි විශාල පිරිසක් චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දුන්නා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ-ණය කළේ ප්‍රදීප් රත්නායක. මෙය ඔහුගේ පළමුවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය.
සංස්කරණය කළේ රවීන්ද්‍ර ගුරුගේ, කැමරා අධ්‍යක්ෂණය පාලිත පෙරේරා. මේ අයට වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන සහ දුමින්ද සිල්වා හා ගයාන් ලක්රුවන්ටත් මේ නිසා එළියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේක මට විතරක් නොවෙයි චිත්‍රපටයට දායක වෙච්ච හැමදෙනාටම සිදුවුණු විශාල අසාධාරණයක්.

හමුදා ඇඳුම සහ උතුරේ ජනතාව


Difence2නව රජයක් බලයට පත්වීමෙන් පසුව රටේ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරු වෙනස් වීම සාමාන්‍ය දෙයකි. එය ඒ ආකාරයටම පසුගිය දිනවල සිදුකෙරිණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා පමණක් වෙනස් වූ නමුත් අනෙකුත් තනතුරු වෙනස් වීමක් සිදු වූයේ නැත. එසේ තිබියදී ඉකුත් සිකුරාදා (20) යුද හමුදාවේ ප්‍රධාන තනතුර වූ හමුදාපති තනතුර වෙනස් විය. හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සේවා දිගුවක් සිදුනොවූ බැවින් ඒ මහතා විශ්‍රාම ගිය අතර නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා වැඩ භාරගනු ලැබිය. ඊට අමතරව උතුරු නැගෙනහිර හමුදා ඉහළ පුටුවලද වෙනස්කම් රැසක් සිදු කෙරිණි. යාපනය ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාගේ තනතුර සඳහා මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා පත් කෙරිණි. නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ තනතුරට මේජර් ජෙනරාල් ජනක වල්ගම මහතා පත් කෙරිණ. මීට අමතරව වන්නි ආඥාපති ධුරයද තිබෙනුයේ වැට උඩය. වන්නි ආඥාපති තනතුර හොබවන මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාට කොළඹට කැඳවීමක් ලැබි ඇත.
 දැනගන්නට ලැබෙන පරිදි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ නම වන්නි ආඥාපති ධුරය සඳහා යෝජනා වී ඇත. කෙසේ නමුත් මුලතිව් ආඥාපති ධුරයේ වෙනසක් පිළිබඳව මතෛක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. මේ වන විට මුලතිව් ආඥාපති ධුරය හොබවනුයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාය. ජගත් ඩයස් මහතාගේ නම යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික තනතුර සඳහාද යෝජනා වී තිබේ. 
 ඉතිහාසය පිළිබව සොයා බැලුවහොත් දකින්නට ලැබෙන්නේ රජයක් වෙනස් වුවද ත්‍රිවිධ හමුදාවේ තනතුරු සඳහා එය බලපාන්නේ නැති බවකි. වැඩිම වුවහොත් හමුදාපති ධුරයේ පමණක් වෙනස්කම් සිදුවේ. නමුත් මේ වන විට එය ආඥාපතිවරුන් හා වෙනත් තනතුරු වෙනස් වීම දක්වා ව්‍යාප්ත වී ඇත. ඇතැම් විට ඉදිරියේදී එය සේනාධිපතිවරුන් බල සේනාධිපතිවරුන් දක්වා ව්‍යාප්ත වනු ඇත. එම තත්ත්වය රටක ආරක්ෂක ස්ථාවරත්වයට එතරම් හොඳ නැති බව බහුතර අදහසයි. විශේෂයෙන්ම යුද හමුදාව දේශපාලනීකරණය වීම වැඩි වශයෙන් සිදු වූයේ 2010 ජනාධිපතිවරණය සඳහා එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත්වීමත් සමගය. එවකට රජය රූපවාහිනියේ දේශපාලන වැඩසටහන සඳහා හමුදා ප්‍රධානීහු කැඳවනු ලැබිණ. ඒත් සමග එම හමුදා නිලධාරීන්ට දේශපාලන ‍ලේබල් ඇලවීමද ඉබේම සිදුවිය. නමුත් මේ කිසිදු නිලධාරියෙකු සිය කැමැත්තෙන් රජයේ දේශපාලන කටයුතු සඳහා දායක වූවා යැයි සිතිය නොහැක. 
 සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාවට ඉහළින් අණදෙන සේනාධිනායක, ආරක්ෂක රාජ්‍ය ඇමැති, යන තනතුරු දේශපාලාන තනතුරු වේ. නමුත් ඔවුහු ගන්නා තීන්දු තීරණ ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක කළ යුතුය. එම නිසා මීට පෙර සිදුකළ හමුදාවේ පත්වීම් ලැබූවන් හා නව පත්වීම් ලැබුවන් දේශපාලන පත්වීම් ලාභීන් ලෙස නොසැලකිය යුතුය. එය යුද්ධයේදී දක්ෂතා පෙන්වන ලද හමුදා නිලධාරීන් හට කරන අසාධාරණයකි. 
මේ අතර මීට සති කිහිපයකට පෙර උතුරේ සංචාරයක නියැලුණු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ උතුරේ පිහිටි කිසිදු ආරක්ෂක හමුදා කඳවුරක් ඉවත් නොකරන බවකි. අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් සති දෙකක් ගත වන විට කඳවුරු හා මුර‍පොළවල් කිහිපයක්ම ඉවත් කිරීම ඉකුත් 19 හා 20දා සිදුවිය. වව්නියා මන්නාරම මාර්ගයේ පුවරසන්කුලම් හි පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුර පසු ගිය 19දා එම ස්ථානයෙන් ඉවත් කෙරුණි. එහි රාජකාරි කළ සෙබළුන් හා නිලධාරීහු ආසන්නයේ පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුරකට ස්ථානගත කෙරිණි. 
 එලෙසම මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා ‍පොලිස් මුර‍පොළවල් හයක්ද ඉවත් කෙරිණි. එයින් මුර‍පොළවල් 04ක් වව්නියාව දිස්ත්‍රික්කයටද දෙකක් මුලතිව් දිස්ත්‍රික්කයටද අයත් වේ. තවද වව්නියාව දිස්ත්‍රික්කයට අයත් තවත් කුඩා ප්‍රමාණයේ හමුදා කඳවුරු දෙකක් ඉදිරි සතිය  තුළදී ඉවත් කෙරන බවටද තොරතුරු වාර්තාවේ. යුද්ධය අවසන් වී වසර 06ක් පමණ ගත වී ඇති නිසාත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වන බවට  තොරතුරු නොමැති නිසාත් ‍පොලිස් හා හමුදා කඳවුරු ඉවත් කිරීම සාධාරණ බවට කෙනෙකුට තර්ක කළ හැකිය. දෙමළ ජාතික සන්ධානයේ තර්කය වී ඇත්තේ උතුරුකරේ ජන ජීවිතය පවත්වාගෙන යාමේදී යුද හමුදාව දකින්නට ලැබිම දෙමළ ජනතාව බියට පත්වීමට හේතුවක් වී ඇති බවයි. උතුරේ සිටින ආරක්ෂක අංශ දෙමළ ජනතාවගේ නිදහසට බාධාවක් බවද කියා සිටී. එම නිසා උතුරුකරේ ස්ථාන ගතව සිටින ආරක්ෂ අංශ සාමාජිකයන් ඉවත් කරන ලෙසද රජයට බලකර කියා සිටියි. 
නමුත් සත්‍ය කතාව නම් හමුදා කඳවුරු තිබිමට ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට අවශ්‍ය නැත. එසේම  හමුදා ඇඳුමට දෙමළ ජනතාව බිය වීමට අවශ්‍යද නැත. නමුත් අවාසනාවකට දැන් දකින්නට ලැබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ඉෂ්ට වන ආකාරයකි. 
 මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කළ යුද අපරාධ චෝදනා වාර්තාව එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා මාස හයකින් කල්දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. මෙය එක්තරා අතකින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහනයකි. නමුත් මෙම තීරණයට දෙමළ ජාතික සන්ධානය ඇතුළු අන්තවාදී සංවිධානවල කැමැත්තක් නැත. ඔවුහු ඉකුත් සතියේදී උතුරේ ස්ථාන කිහිපයකම විරෝධතා ව්‍යාපාර හා උද්ඝෝෂණ පවත්වනු ලැබිය. මෙවැනි එක් විරෝධතා ව්‍යාපාරයක් ඉකුත් 21 (සෙනසුරාදා) යාපනයේදී පැවැත්විණි. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි. යාපනය බස් නැවතුම්‍පොළ අසලින් ආරම්භ වූ විරෝධතාව අවසන් වූයේ යාපනය විරසිංගම් ශාලාව අසලිනි. එහිදී විරෝධතාවය අවසන් වූයේ පඹයෙකු පුළුස්සා දැමීමෙනි. මීළඟ ප්‍රශ්නය වන්නේ විරෝධතාකරුවන් විසින් පුළුස්සා දමනු ලැබූ පඹයා කාගේ අනුරුවක්ද යන්නයි. 
 පුළුස්සනු ලැබූ පඹයාගේ හිස මුද්‍රිත විශාල ඡායාරූපයකින් සරසා තිබුනි. එම ඡායාරූපය වෙන කාගේවත් නොව දෙමළ ජාතික සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතාගේය. කුමන හේතුවකට පඹයාගේ හිසට සුමන්තිරන් මහතාගේ ඡායාරූපයක් යෙදුවේද යන්න පැහැදිලි නැත. ඇතැමෙකුගේ අදහස වී ඇත්තේ මෙවර නිදහස් උත්සවය සඳහා ආර්.සම්බන්දන් මහතා සමග සුමන්තිරන් මහතාද සහභාගි වූ නිසා පුළුස්සනු ලැබූ පඹයාට සුමන්තිරන් මහතාගේ ඡායාරූපයක් යොදන්නට ඇති බවයි. 
 මේ අතර වව්නියාව ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සිදුවූ වෙඩි තැබිම සම්බන්ධයන් පුද්ගලයන් දෙදෙනකු ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත්හ. පෙබරවාරි 04ට එළිවෙන ජාමයේ සිදුවූ වෙඩි තැබිමකින් ‍පොලිස් නිලධාරියෙකු තුවාල ලැබිය. සාමාන්‍ය තුවක්කුවකින් මෙම වෙඩි තැබිම සිදුකර තිබූ අතර එම සිදුවීම මහත් ආන්දෝලනයක් ඇති  කළේය. කෙසේ නමුත් පරීක්ෂණ පැවැත්වූ ‍පොලිස් කණ්ඩායම වෙඩි තැබිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමග සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය.  සැකකරුවන් දෙදෙනා දඩයක්කරුවන් බවද ‍පොලීසිය කියයි. 
 මේ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.සම්බන්ධයෙන් තීරණයක් ගැනීම නීතිපති විසින් මේ මස 26දා තෙක් කල් දැම්මේය. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. කිලිනොච්චිය ප්‍රදේශයේ ක්‍රියාත්මක නර්ඩෝ (උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සංවිධානය) ප්‍රධානියා වන්නෙ කේපි. මේ ලිපිය ලියන විටත් කේ.පී. වන්නියේ ඔහුට අයත් රාජ්‍ය නොවන සංවිධානයේ කටයුතු කරමින් සිටී. කෙසේ නමුත් කේ.පී. හිතවාදීන් කියනුයේ රජයට එරෙහිව ත්‍රස්තවාදි කටයුතුවල යෙදුණේ යැයි කියමින් කේ.පී.ට එරෙහිව නඩු පවරන්නේනම් 1988-89 භීෂණ සමයේදී රජයට එරෙහිව සටන් කරමින් රජයේ දේ‍පොළ විනාශ කළ ජ.වි.පෙ. නායකත්වයද අත්අඩංගුවට ගතයුතු බවයි. කෙසේ නමුත්, බහුතර දෙමළ ජනතාව තුළ කේ.පී. පිළිබඳව ප්‍රසාදයක් නැත. ඔවුහු කේ.පී.ව සලකනුයේ රජය සමග එක්ව කටයුතු කළ දෙමළ ජනතාවගේ ද්‍රෝහියෙකු  වශයෙනි. 
මේ අතර උතුරු මුහුදේ කෙරෙන කේරළ ගංජා ව්‍යාපාරය තවමත් සිදු කෙරෙන බවට තොරතුරු වාර්තාවේ. දකුණු ඉන්දියාවේදී  නිෂ්පාදනය කෙරෙන ගංජා ‍පෝක් සමුද්‍රසන්ධිය හරහා උතුරු වෙරළට රැගෙන විත් රට පුරා බෙදා හැරීම යුද්ධය අවසන් වීමත් සමග ආරම්භවිය. ඉකුත් වසරේදී මෙසේ රැගෙන ඒමට සූදානම් කළ ගංජා තොග රැසක් ඉන්දීය ‍පොලීසියේ අත්අඩංගුවට පත්වූ අතර ලංකාවට රැගෙන ආ ගංජා තොගද ‍පොලිස් අත්අඩංගුවට පත්විය. මෙම වැටලීම් වැඩි වීමත් සමග කේරළ ගංජා ජාවාරමේ යම් අඩුවීමක් දකින්නට ලැබුණද නැවතත් කේරළ ගංජා ජාවාරම ආරම්භ වී ඇති බවට තොරතුරු හෙළිවී ඇත. යාපනය පණ්ඩිතෙරෙප්පු ප්‍රදේශයේදී ඉකුත් 19 දා මෙලෙස රැගෙන එනු ලැබූ ගංජා කිලෝ 101ක් සමග සැකකරුවන් හතර දෙනෙකු ඉලවාලෙයි ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. උතුරු මුහුදේ කෙරෙන නීති විරෝධී රන් ජාවාරම්, හෙරොයින් ජාවාරම හා ගංජා ජාවාරම යන සියලු ජාවාරම් කෙරෙනුයේ ධීවර කර්මාන්තයට මුවා වී බව තොරතුරු හෙළිවී තිබේ. 
පසුගිය කාලයේදී අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් ධීවරයින් ලෙස පෙනී සිටිමින් ජාවාරම්වල යෙදී සිටි බව සනාථ වී තිබේ. මේ හේතුව නිසා උතුරු වෙරළේ තෝරා ගත් ප්‍රදේශවල පදිංචි ධීවරයින් නාවික හමුදාව විසින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් සිදුවේ. මෙම ලියාපදිංචි කිරීමේ කටයුත්ත නතර කර දමන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරති. එහිදී ඉදිරියෙන්ම සිටිනුයේ දෙමළ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාය. මන්ත්‍රී අඩෙක්කලනාදන් මහතා මන්නාරමේ පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ ඥාති පරම්පරාවේ පිරිස්වල රැකියාව වී ඇත්තේ මහ පරිමාණයෙන් ධීවර කර්මානතයේ යෙදීමයි.