“මට කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ කටයුතු පටන් ගන්න කියලා රනිල් කිව්වා. ඔයාගේ පුතා නුවරින් ඡන්දයට දාන්න ඕන කියලා කිව්වා” තිලක් කරුණාතරත්න ඉමිටියාස්ට කීවේය.
“ඉතින් තිලක් මට එයා කතා කරලා මේ ගැන කතා කළේ නෑනේ”ඉමිටියාස් පැවසුවේය.
“මම ඉතිං ඔයාට බොරු කියන්නේ නෑනේ. මට රනිල් කිව්ව දේ තමයි මේ මම කියන්නේ”තිලක් කරුණාරත්න යළිත් පැවසුවේය.
රනිල්ගේ අදහස වී තිබෙන්නේ ඉමිටියාස්ගේ පුතෙක් නුවරින් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමටය. රවුෆ් හකීම්ද මීළඟ මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එච්.එම්.හලීම් මන්ත්‍රීවරයාද එජාපයෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටී. ඉමිටියාස්ගේ පුතාගේ දේශපාලන ආගමනයට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබලයින් පිරිසකගේ විරෝධයද මතුවෙයි.
“මේක ඉතිං අපේ පවුලේ ලොකු තීරණයක් වෙනවා. ඒ නිසා හැම පැත්තම බලලා තමයි තීරණය ගන්න ඕන. කොහොම වුණත් මේ ගැන රනිල් මාත් එක්ක කතා කරන්න ඕනනේ. තවම ඒ ගැන මාත් එක්ක කතා කරලා නෑනේ”ඉමිටියාස් සිය හිතවතුන්ට පවසා තිබුණේය.
No comments:
Post a Comment