ලක්බිම හෙළිකළ ෆ්රන්ට්ලයින් තහනම ගැන ජනපති-අගමැතිගේ දැඩි අවධානය
ෆ්රන්ට්ලයින් සඟරාව බෙදාහැරීම නතර කිරීම ගැන ජනපතිවරයා ඒ වන විටත් කිසිවක් දැන සිටියේ නැත. ඉන්දියාවට පිටත්ව යාමට සූදානම්ව සිටින අවස්ථාවේදී ඉන්දියානු සඟරාවක් බෙදා හැරීම තහනම් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලන ලෙස මෛත්‍රී වහාම නිලධාරීන්ට දැනුම් දුන්නේය.
“ලක්බිම පත්තරේ තියෙන ප්‍රවෘත්තියේ හැටියට ෆ්රන්ට්ලයින් සඟරාව බෙදාහැරීම නවත්තලා. මේ සඟරාව බෙදාහැරීම තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වුණේ නෑ. මේ ගැන ඉක්මනට සොයන්න” ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරු පරණවිතාන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සෙනසුරාදා දිනයේදී කාර්යාලයට එවමින් දැනුම් දුන්නේය.
මෛත්‍රී ඉන්දියාව බලා පිටත්ව යන විටත් ෆ්රන්ට්ලයින් සඟරාව තිබුණේ රේගුව භාරයේය. ඒ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සඟරාව බෙදාහැරීම නතර කර තිබුණ නිසාය. එය බෙදාහැරීම නතර කර තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන් සමග 1987දී පැවැති සම්මුඛ සාකච්ඡාවක් නැවත පළකර තිබිම නිසාය.
සඟරාව තහනම් කිරීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහගේද අවධානය යොමුව තිබුණේය. සඟරාව තහනම් කිරීම පිළිබඳ වහාම තමන්ට වාර්තාවක් දෙන්නැයි රනිල් සිය කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේය. ඒ අනුව රේගුවෙන් රනිල්ට වාර්තාවක් ලබාදී තිබුණි. ඒ අනුව සඟරාව මුදාහරින ලෙස රනිල් නියෝග කළේය.
“මේ වගේ සිද්ධීන් වෙන එක අපිට ඒ තරම් හොඳ නැහැ. මීට පස්සේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවුණොත් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් අරගෙන වැඩ කටයුතු කරන්න” රනිල් උපදෙස් දුන්නේය.
No comments:
Post a Comment