කෙසේ වෙතත් වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 10ක පමණ වැඩිමල් ගැහැණියක් බවත්, එය තමාගේ අයිතිය බවත්, ඒ පිළිබඳ අන් කිසිවෙකුට ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් එහෙත් ඔහුට එය ප්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් තිබිය යුතුව තිබුණු බවත් සන්නස්ගල මහතා අවධාරණය කළේය.
එලිසබෙත් ටේලර් වයස අවුරුදු 70 දී අවුරුදු 25 ක කොල්ලෙක් කසාද බැන්ද බව කී ඒ මහතා ඇය තමා වයස අවුරුදු 18 ක කෙල්ලක යයි උප්පැන්නය වෙනස් කර නොගත් බවත් කීය.
ඇයට එල්ලවී ඇති චෝදනාව වන 'කූඨ ලේඛන සැකසීම' සැබවින්ම වරදක් බවත්, එහෙත් එය සමාජ ක්‍රමයේම වරදක කොටසක් බවත් සන්නස්ගල මහතා පෙන්වා දුන්නේය.
කොළඹ රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළව චක්‍ර ලේඛයේ 3(1) වගන්තියට අනුව ළමුන් ඇතුළත් කරගත හැක්කේ පාසලට මීටර් 100 ක දුරින් සිටින ළමුන් පමණක් බවත්, එකී භූමි ප්‍රදේශයට අයත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ඒ නිසාම රාජකීය විද්‍යාලයට ළමුන් ඇතුළත් කිරීමට බොහෝ දෙනා කූඨ ලේඛන සකස් කරන බවත්, අදාළ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේ නම් රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ මව්පියන්ගෙන් 99%ක්ම අත්අඩංගුවට ගත යුතුව ඇති බව සන්නස්ගල මහතා අවධාරණය කළේය.
No comments:
Post a Comment