මෛත්‍රී ඉන්දියාවට පිටත්ව යන විට රනිල් ගාල්ලට පිටත්ව ගියේය. නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව අගමැතිවරයා පිළිගැනීමට සංවිධානය කර තිබූ පළමු රැස්වීම සංවිධානය කරනු ලැබුවේ ගාල්ලේදීය. ඒ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වජිර අබේවර්ධන විසිනි. සති අන්තයේදී ගාල්ල කොටුවේ නිවාඩු නිකේතනයකට රනිල් පැමිණියේ තමන්ගේ මිතුරන් පිරිසක් සමගය. ගාල්ල කොටුවේ රාත්‍රිය ගත කළ රනිල් සෙනසුරාදා උදෑසන ගාල්ල කොටුවේ සංචාරකයින් පැමිණෙන ස්ථාන නැරඹීමට ගියේය. විදෙස් සංචාරකයින් සමග කතා කළ රනිල් ඔවුන්ගෙන් ලංකාවේ තත්ත්වය ගැන අදහස් ලබාගත්තේය.
ගාල්ල කොටුවේ හා උණවටුන වෙරළ තීරයේ සිය මිතුරන් සමග ඇවිද යමින් සැහැල්ලුවෙන් රනිල් සෙනසුරාදා උදයවරුව ගත කළේය.
ඒ අවස්ථාවට දේශපාලනයට සම්බන්ධ කිසිවෙක්වත් එක් කර නොගැනීමට රනිල් වගබලාගෙන තිබුණි.
No comments:
Post a Comment