“අද ඇමැතිතුමා එනවා කියන ආරංචියට අපේ අය ලස්සනට ඇඳගෙන ඇවිත් ඉන්නවානේ” ගංගනාත් දිසානායක කීවේය.
“අපේ සභාපතිතුමා හැමදාම අලුත් විදියට, අමුතු විදියට අඳිනවා. එහෙම සභාපතිතුමෙක් මේ වගේ දෙයක් කිව්වම මම පොඩ්ඩක් පුදුම වුණා. මොකද දේශපාලනඥයෝ අනික් අය අන්දනවා කියලා මම අහලා තිබුණට ඇමැතිලා එන දවසට මේ අය ලස්සනට ඇඳගෙන එනවා කියලා ඇහුවේ පළවෙනි වතාවටයි“ ගයන්ත කීවේ සියල්ලෝම ගස්වමිනි.
අමාත්‍ය කරු ජයසූරිය පසුගිය සතියේදී යාපනයේ සංචාරය කළේය. උතුරු පළාත් සංවර්ධන කමිටුල පවතින අඩුපාඩු සොයා බැලීම ඔහුගේ සංචාරයේ අරමුණ විය. සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වූයේ යාපනය පුස්තකාලයේ දීය. පුස්තකාල කොරිඩෝවේදී කරුට ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා හමුවිය
“අපේ පළාතේ තියෙන අඩු පාඩු සොයලා බලලා කරන මේ සේවයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන” ඩග්ලස් කීවේ කරුගේ අත් දෙකම අල්ලාගෙනය. මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද කරු අසලට වී සංවර්ධන කමිටු රැස්වීමේ වැඩවටලට සහාය දුන්නේ ඔහු උතුරු පළාත් සභාවේදී සම්මත කරගත් යෝජනාවට ආණ්ඩුවෙන් එල්ලවූ විරෝධය අමතක වී ඇති බවක් පෙන්වමිනි.
No comments:
Post a Comment