ජනපතිවරණය පරාජයවීමත් සමග බැසිල් රාපක්ෂ විදෙස් ගත වූයේ පැදුරටත් නොකියාය. ඔහු යළි ලංකාවට නොයන බවද කතා පැතිරුණි. ඔහු එකදිගටම මැති සබයට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. මේ අතර බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට සහභාගි නොවීම සඳහා මාස තුනක නිවාඩු ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසා පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ කතාබහක් ඇති විය. එම යෝජනාව ඉදිරිපත් කළේ විපක්ෂ නායක නිමල් සිරිපාලය. “කථානායකතුමනි, අපි දැනගන්න කැමතියි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ අසනීප තත්ත්වයක් නිසාද, කිසියම් අධ්‍යාපන කටයුත්තක් නිසාද කියලා. මොකද ඇමැතිවරුන්ට මේ විදියට එන්නේ නෑ කියලා ලියුම් කෑලි එවන්න බැහැ. පාර්ලිමේන්තුව, කථානායකතුමා හේතු දැනගන්න ඕනෑ. නිවාඩු දෙන්න කලින් හේතුව මොකක්ද කියලා දැනගන්න ඕනෑ.” අනුර දිසානායක කීවේය. “ඔව් ඒක ඇත්ත. ඒක හොඳ යෝජනාවක්.” බැසිල් තමාගේ මල්ලි වුවත් ඒ ගැන මධ්‍යස්ථව තීරණයක් ගනිමින් කථානායක චමල් රාජපක්ෂ කීවේය. “සාමාන්‍යයෙන් නිවාඩු ගන්න මේ වගේ යෝජනාවක් කරනවා. ඒකට හේතු කියන්නේ නැහැ.” නිමල් සිරිපාල කීවේය. එවිට මන්ත්‍රීවරුන්ගෙන් එයට විරෝධයක් එල්ල විය. “බැසිල් මන්ත්‍රීතුමා මගෙන් ඉල්ලීමක් කළා. මම යෝජනාවක් කළා. මන්ත්‍රීවරු කැමති වෙනවද අකමැති වෙනවද තීරණය ගන්න.” නිමල් සිරිපාල කීවේය.
No comments:
Post a Comment